May 19, 2024

Fly TV

Space of free media

නිව්යෝර්ක් හී කුන්ස් බෞද්ධ විහාරයේ ධම්ම දහම් පාසලට ආධාර පිණිස ක්‍රිකට් තරගාවලියක්

 28,403 total views

නිව්යෝර්ක් හී කුන්ස් බෞද්ධ විහාරයේ ධම්ම දහම් පාසලට ආදාර පිනිස NY Eagles (ලුෂන් මහතා ප්‍රමුඛව) හා විහාරයේ දායක පිරිස්, දහම් පාසාලේ ලමයින් හා නිවියෝක් ශ්‍රීලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලැබූ ක්‍රිකට් තරඟාවලියක් නිව්යෝක් කුවීන්ස් ප්‍රදේශයේ ඇලි පොන්ඩ් පාක්හිදි පවත්වා තිබේ.

NY Eagles, NY Lanka Lions, Black Knights, Ceylon Custom, SL Warriors, Ken Automobile CC, Liverpool Queens, The Avengers යන කණ්ඩායම් නවයකින් තරඟාවලිය සංවිධානය කර තිබුණි.

තරඟාවලියේ ශූරතාවය දිනාගනු ලැබුවේ Black Knights කණ්ඩායම වන අතර අනුශූරතාවය දිනාගනු ලැබුවේ NY Lanka Lions කණ්ඩායමයි.

හොඳම ක්‍රීඩකයා හිමි සම්මානය Black Knights කණ්ඩායමේ අම්හාර් මොහොමඩ් දිනාගත් අතර හොඳම පිතිකරු වූයේ NY Lanka Lions කණ්ඩායමේ අවන්ත කන්නන්ගරය.

කාන්තා ශූරතාවය NY ක්‍රිකට් සමාජය දිනාගත් අතර කාන්තා අනුශූරතාවය දිනාගනු ලැබුවේ Queens CC කණ්ඩායමයි.

කෙන් ඔටෝමොබයිල්, නුවන් වික්‍රමසේකර, රවී කරුණාරත්න යන අය තරඟාවලියට අනුග්‍රහය ලබා දී ඇති අතර කුමාර සිල්වා, හරීෂා බෝයගොඩගේ, සම්පත් මැදගේ, ලූෂන් මාකලන්ද යන අයගේ සහයෝගය මේ සඳහා ලබා දී ඇත.