May 19, 2024

Fly TV

Space of free media

යාළුවො කියන්නේ කවුද ? කියලා හරියටම දැනගන්න කියවන්න

 16,910 total views

නිකමට හිතෙන්නෙ නැද්ද, අපි ජීවත් වෙන්නෙ “අඳුරන අය” සහ “යාලුවො” කියන වචන දෙක පටලවගෙන කියලා..?

යාලුවො කියලා කියන්නෙ,

අපිට මතක තියෙන කාලෙක ඉඳන් අපි දැන අඳුරගෙන හිටපු මිනිස්සුන්ටම නෙමෙයි,

මඟ තොටකදි හිනාවෙලා-කතා කරලා-බායි කියලා යන මිනිස්සුන්ට නෙමෙයි,

ෆේස්බුක් එකේ ලයික් කමෙන්ට් කරන, ඉන්බොක්ස් එක ඇතුළෙ විස්තර බෙදාගන්න අයට නෙමෙයි,

අපිට හම්බවෙලා තියෙන රස්සාවල් නිසා, සමාජ පිළිගැනීම් නිසා අපි එයාලගෙ යාලුවෙක් බව පෙන්වීමේ අදහසින් අපි ළඟ ඉන්න අයටත් නෙමෙයි,

යාලුවො කියන්නෙ…,

කවදා කොහොම අඳුරගත්තත්, අපි නිසා බැබළෙන්න උත්සාහ නොකරන මිනිස්සුන්ට.

වැරදි වැටහීම් වලදි, අනික් කෙනාව වැරදිකාරයෙක් කරන්න කලින්, කතා බහ කරලා ඒවා විසඳගන්න උත්සාහ කරන මිනිස්සුන්ට.

“මං ඔයා එක්ක මොන දේකදි උනත් ඉන්නවා” කියලා කියන වචන, වචන විතරක් නොකර ඇත්තටම ඔප්පු කරලා පෙන්නන මිනිස්සුන්ට.

අපේ ජීවිත ඇතුළට එකපාර කඩා වදින කුණාටු වලදි, අපිව හයියෙන් අල්ලගන්න මිනිස්සුන්ට.

ඒ නිසා,

අඳුරන මිනිස්සුන්වයි, යාලුවන්වයි මොනම වෙලාවකදිවත් පටලවගන්න එපා.

යාලුවො කියලා කියන්නෙ අපිව අවුරුදු දහයක් දැනගෙන හිටියත්, මාස දහයක් දැනගෙන හිටියත්, අපි වෙනුවෙන් කොන්දේසි විරහිතව ළඟින් ඉන්න මිනිස්සුන්ට..! 💜