May 7, 2024

Fly TV

Space of free media

බක් මස පුර පසළොස්වක පොහොය කිවුවට දන්නවද ඒ දවසේ සුවිශේෂත්වයන්

 10,372 total views

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ඉතිහාසයේ සඳහන් වෙයි.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ සේක.

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

පොහොය දිනය වෙනුවෙන් අද (05) උදැසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙයි.