May 7, 2024

Fly TV

Space of free media

ලොව විශාලතම මහ මැතිවරණය ආරම්භ වේ.

 8,951 total views

ලොව මෙතෙක් දැක ඇති විශාලතම මැතිවරණය වන ඉන්දියානු මහමැතිවරණයේ ඡන්ද විමසීම අද(19) දා ආරම්භ වුනා. අප්‍රේල් 19 වනදා සිට ජුනි 1 දක්වා සති 6 ක් පුරා පැවැත්වීමට නියමිත මෙම මැතිවරණයේදී බිලියනයකකට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත වේ. තුන්වන වතාවටත් ඉන්දීය අග්‍රාමාත්‍යධූරය දැරීමේ බලාපොරොත්තුවෙන් එරට වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මෙවරත් මැතිවරණය සඳහා ඉදිරිපත් වන අතර ඔහු එයින් ජයග්‍රහණය කරනු ඇතැයි විචාරක මත පලවේ.

ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලෝක් සභාව සඳහා සභිකයන් 543 දෙනෙකු තෝරාපත්කර ගැනීම වෙනුවෙන් මෙම මැතිවරණය පැවැත්වේ. එහි බලය ලබා ගැනීමට නම් අවම වශයෙන් ආසන 272ක් දිනාගත යුතු වේ. මැතිවරණයේදී එරට ඡන්ද දායකයන් මිලියන 969 ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර එය සමස්ත ලෝක ජනගහනයෙන් අටෙන් එකකට ආසන්න වශයෙන් සමානවේ. ලෝක් සභාව ජයග්‍රහණය කරන පක්ෂය විසින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා තෝරා ගන්නා අතර අග්‍රාමාත්‍යවරයා විසින් එරට අමාත්‍ය මණ්ඩලය තෝරා ගනු ඇත.

මෝදි අග්‍රාමාත්‍යවරයාගේ භාරතීය ජනතා පක්ෂයට එරෙහිව එරට විපක්ෂයේ පක්ෂ 24 කටති වැඩි සංඛාවකින් සැදුම් ලත් “ඉන්දියානු ජාතික සංවර්ධන ඇතුළත් සන්ධානය” නැමති සංධානයක් තරඟ වදින අතර එම සංධානයේ ගාන්ධි පවුලේ සාමාජිකයන් ප්‍රබල ස්ථානයක් උසුලයි. මෝදි අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කරමින් ඔවුන් චෝදනා කරන්නේ නැවත වරක් ඔහු බලයට පත් උවහොත් බොහෝ ඉන්දියානුවන්ගේ නිදහස අහිමි වනු ඇති බවයි.

අප්‍රේල් 19, අප්‍රේල් 26, මැයි 7, ​​මැයි 13, මැයි 20, මැයි 25 සහ ජූනි 1 යන දින වල ඡන්ද විමසීම පැවැත්වෙන අතර සමස්ත ප්‍රථිඵලය ජුනි 4 වනදා ප්‍රකාශයට පති කිරීමට නියමිත වේ. ඒ අතර මිලියන ගණනක් ජනතාව ඉලෙක්ට්‍රොනික ආකාරයටද ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත වේ. ඉන්දියාව වර්ග සැතපුම් මිලියන 1.3 තරම් විශාල වන අතර එරට මැතිවරණ නීතිය අනුව සෑම ජනාවාසයක් ආසන්නයේම ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොලක් පිහිටවිය යුතු වේ.

2019 මැතිවරණයේදී ගුජරාටයේ ගිර් ජාතික වනෝද්‍යානයේ දුෂ්කර වනාන්තර ප්‍රදේශයක ජීවත් වූ එක් මිනිසෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටවා තිබූ අතර මෙවර මැතිවරණයේදී තනි කාන්තා ඡන්දදායකයෙකුගේ ඡන්දය ලබා ගැනීම සඳහා මැතිවරණ නිළධාරීන් කිලෝමීටර් 39 ක් පා ගමනින් යෑමට නියමිත වේ.

අග්‍රාමාත්‍ය මෝදී මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෑතකදී ඉන්දියාවේ දුප්පත් ජනතාව මිලියන 800 කට ධාන්‍ය බෙදාදීම සහ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට ඉන්දීය රුපියල් 1,250 ක මාසික දීමනාවක් වැනි සුබසාධන යෝජනා ක්‍රම හඳුන්වා දී ඇත.

එහෙත් එරට මැතිවරණ ප්‍රතිඵල වලට බලපාන ප්‍රබල නොවිසඳුණු ගැටළු ලෙස විරැකියාව, භාණ්ඩ මිළ ඉහළ යාම, විපක්ෂ දේශපාලන පක්ෂ මර්ධනය කිරීම මෙන්ම මෝධි විසින් දේශපාලනයට ආගම ඈඳා ගැනීම වැනි කරණු තීරණාත්මක වේ. ලිපියෙහි අවසාන ඡේද දෙක ඉන්දියානු මැතිවරණ ගැනම ලියවී ඇත්තේ වුවද එය ලංකාවේ දේශපාලන තතිවයටද බොහෝ සෙයින් සමාන වේ.