May 8, 2024

Fly TV

Space of free media

ලොවම මවිත කරමින් ඉන්දියාවේ තරුණයකු දරුවෙකු ප්‍රසූත කරයි

 31,445 total views

මේ ඉන්නෙ ඉන්දියාවෙ කේරළයේ කොයිකෝඩ් ප්‍රදේශයේ සංක්‍රාන්ති ලිංගික යුවලක් වන Zahad සහ ඔහුගෙ බිරිද Ziya Paval වේ.. 21 හැවිරිදි Ziya Paval උපතේදී පිරිමියෙකු ලෙස සටහන් වූ අතර දැන් ඔහු ස්ත්‍රියක් ලෙස හදුනාගෙන ඇත. 23 හැවිරිදි Zahad උපතේදී ස්ත්‍රියක් ලෙස සටහන් වූ අතර දැන් ඇය පිරිමියෙක් ලෙස හදුනාගෙන ඇත.

Zahad ගේ ඩිම්බ කෝෂ සහ ගර්භාෂය තවමත් ඉවත් කර නොතිබූ බැවින් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම යුවළ ලිංගික සංක්‍රාන්ති හෝමෝන ප්‍රතිකාර නතර කර දරුවෙකු ලැබීමට තීරණය කර ඇත.

මොවුන් දෙදෙනාගේ ගැබ්ගැනීමේ ඡායාරූප පසුගියදා ඉන්දියාවේ සමාජ මාධ්‍ය පුරා ප්‍රසිද්ධියට පත්වී ඇති අතර කේරලයේ කොසිකෝඩ් වෛද්‍ය විද්‍යාල රෝහලේදී සිසේරියන් සැත්කමකින් දරුවා උපත ලබා ඇති බව වාර්තා වේ. Paval මහත්මිය පවසන පරිදි දරුවා සහ Zahad දෙදෙනාම නිරෝගීව සිටින අතර කෙසේ වෙතත් අලුත උපන් බිළිඳාගේ ලිංගභේදය දැනට හෙළි නොකිරීමට යුවළ තීරණය කර ඇත.