May 19, 2024

Fly TV

Space of free media

බුදු දහමේ කියැවෙන පරිදි බ්‍රහ්ම ලෝක ගණන (20) දිව්‍ය ලෝක ගණනට වඩා වැඩිය

 83,610 total views

. බුදු දහමේ ඉගැන්වීමට අනුව බ්‍රහ්ම ලෝක ගැන විස්තර පහත දැක්වේ.🌺

රූපාවචර බ්‍රහ්ම ලෝක ________________________අරූපාවචර බ්‍රහ්ම ලෝක මෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝක ද ධ්‍යාන වැඩීමෙන් අත්කරගන්නා මානසික තත්ත්වයන් තුළින් පමණක් ළඟා කරගත හැක. ඊට අදාළ වන්නේ රූප ධ්‍යානයන් ය.

නමුත් අරූපාවචර ධ්‍යාන වලට වඩා රූපාවචර ධ්‍යාන මට්ටම් කිහිපයකින් යුක්ත නිසා ඒවාට අනුරූපව රූපාවචර බ්‍රහ්ම ලෝක ද වෙනස් වේ. රූප ධ්‍යාන යන නමින්ම අදහස් වන පරිදි මෙම ලෝක වල වාසය කරන්නන් හට රූපමය ශරීරයක් ඇත. නමුත් එම රූපය අපගේ ශරීරය තරම් දළ නොවේ. එසේම ඉහළ ස්තර වල වාසය කරන්නන් හට පහළ ස්තර වලට ගමන් කිරීමේ හැකියාවක් ද ඇත. නමුත් එසේ ගමන් කළ විට එම පහළ ලෝකයේ වාසය කරන්නන් හට පෙනීම පිණිස ඔවුනට තම ශරීරය දළ කරගත යුතු ය. මීට උදාහරණයක් ‘ජනවසභ සූත්‍රයේ’ දැක්වේ. රූපය දළ වැඩි වනවිට එය විවිධ ආබාධයන්ට, රෝග වලට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි වේ. එබැවින් ඉහළ ලෝක වල වාසය කරන්නන් පහළ ලෝකයන්ට පිවිසීමට ප්‍රිය කරන්නේ ම නැත.

එමෙන්ම අරූපාවචර බ්‍රහ්ම ලෝක වලින් පහළ ඇති සියලුම ලෝක වල තවත් විශේෂ ලක්ෂණයක් ඇත. එනම් මනුෂ්‍ය ලෝකයේ සිට නිශ්චිත උසකින් පිහිටා තිබීමයි.ප්‍රථම, ද්විතිය, තෘතිය, චතුර්ථ යන ධ්‍යානලාභීන් මේ බඹ ලෝ ගණයේ උපදී. වඩන ධ්‍යාන බලවත් කිරීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ධ්‍යානය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරගන්නට පුලුවන.

රෑපාවචර බ්‍රහ්ම ලෝක1. බ්‍රහ්ම පාරිසද්‍ය2. බ්‍රහ්ම පුරෝහිතය3. මහා බ්‍රහ්මය4. පරිත්තාභය5. අප්පමානාභය6. ආභස්සරය7. පරිත්තසුභය8. අප්පමාන සුභය9. සුභකිණ්හක10. වෙහප්ඵලය11. අසංඥ තලය1. බ්‍රහ්ම පාරිසද්‍ය මහා බ්‍රහ්මයන්ගේ පිරිවර වසන බැවින් මෙයට බ්‍රහ්මපාරිසජ්ජ යැයි කියයි. මොවුන් මහා බ්‍රහ්මයාට දුරස්ථව ම ඉපදෙන පුද්ගලයන් ය. ඔවුන් ‘බ්‍රහ්ම කායික’ යනුවෙන් ද හැඳින්වේ. ප්‍රථම ධ්‍යානය ලද්දන් උපදින භූමියකි. ආයුෂ: කල්ප 1/32.බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්මයන්ගේ පුරෝහිත ස්ථාන බැවින් මෙයට බ්‍රහ්මපුරෝහිත යැයි කියයි. මහා බ්‍රහ්මයාට ආසන්නයෙන් ම ඉපදෙන පුද්ගලයන් බ්‍රහ්ම පුරෝහිතයන් ලෙස හැඳින්වේ. මොවුන්ට ද තමන් ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි බව අමතක නිසා තමන්ට කලින් ඉපදුණු මහා බ්‍රහ්මයා, තමන්ගේ මැවුම්කරුවා ලෙස පිළිගනිති. මොවුහු මෙම ලෝකයෙන් ද වෙන්වී තවත් පහළ ලෝක වල ඉපදුණු විට ඒවායේ ද බ්‍රහ්මයා විසින් ලෝකය මැවූවා ය යන සංකල්පය ප්‍රචලිත කිරීමට කටයුතු කරති. ප්‍රථම ධ්‍යානයෙන් උපදින භූමියකි. ආයුෂ: කල්ප 1/2 (අඩකි)3.මහා බ්‍රහ්මය ප්‍රථම ධ්‍යානාදී ගුණ ප්‍රණීත ලෙස වැඩුනු බැවින් මෙයට මහා බ්‍රහ්ම යැයි කියයි. සෑම කල්පයකටම වරක් මෙම ස්තර පද්ධතියේ සිට පහලට වන සියලුම ලෝක ගින්නෙන්, ජලයෙන් හෝ සුළඟින් විනාශ වී යන අතර එසේ විනාශ වී නැවත වරක් ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ජීවය පැමිණි විට බිහිවන මුල්ම ජීවියා “මහා බ්‍රහ්ම” නම්වේ.

බ්‍රහ්මජාල සූත්‍රයට (දීඝ නිකාය, 1 සූත්‍රය) අනුව ඔහුට තමා අතීතයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙ විසූ බව මතක නැති නිසා ඔහු සිතන්නේ ලෝකයේ මුල්ම ජීවියා තමා බවත් එම නිසා පහළ ලෝක සියල්ලගේම අධිපතියා තමා බවත් ය. සියල්ල දක්නා පුද්ගලයා, බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, මැවුම්කරුවා, මැවුම්කාර දේවතාවා යනාදී විවිධාකාර නම් වලින් ඔහු හැඳින්වේ. ආයු කාලය කල්ප 1කි. නමුත් කල්පයකින් 1/4ක් මෙම ස්තර පවතින්නේ අඳුරේ, නැතහොත් ශූන්‍යතාවයේ (සාම්වට්ඨස්ථායී කල්පය) නිසා මහා බ්‍රහ්මයාට කල්ප 3/4කට වඩා ජීවත් විය නොහැකි බව සිතිය හැක. ප්‍රථම ධ්‍යානය උපදින භූමියකි.4.පරිත්තාභය ආභස්සර බ්‍රහ්මයන්ට වඩා අඩු ආලෝක ඇති බැවින් මෙයට පරිත්තාභ යැයි කියයි. ද්විතිය ධ්‍යානය ලද්දන් උපදින භූමියකි. ආයුෂ: කල්ප 25.අප්පමානාභය පරිත්තාභ බ්‍රහ්මයන්ට වඩා අප්‍රමාණ ආලෝක ඇති බැවින් මෙයට අප්පමාණභ යැයි කියයි. ද්විතිය ධ්‍යානය භූමියකි. ආයුෂ: කල්ප 46.ආභස්සරයහාත්පස නිරතුරුවම විහිදෙන ආලෝක ඇති බැවින් මෙයට ආභස්සර යැයි කියයි. ද්විතිය ධ්‍යානය භූමියකි. විශ්වය විනාශ වන කල්හි ආභස්සරයට පහල ඇති ලෝක ධාතු සියල්ල නැසේ.ආයුෂ: කල්ප 87.පරිත්තසුභයඒක ඝන වූ ආලෝක උපරිතල බ්‍රහ්මයන්ට වඩා අඩු බැවින් මෙයට පරිත්තසුභය යැයි කියයි. තෘතිය ධ්‍යාන භූමියකි. ආයුෂ: කල්ප 168.අප්පමාන සුභය පරිත්තසුභ වාසීන්ට වඩා ඒක ඝන ආලෝක ඇති බැවින් මෙයට අප්පමාණ සුභ යැයි කියයි. තෘතිය ධ්‍යාන භූමියකි. ආයුෂ: කල්ප 329.සුභකිණ්හක ශරීරාලෝකයෙන් අතිශයින් අකීර්ණක බැවින් මෙයට සුභකිණ්හක යැයි කියයි. තෘතිය ධ්‍යාන භූමියකි. ජලය නිසා ලෝකය විනාශ වන කල්හි මෙයට පහලින් ඇති සියලු භුමි වැනසේ.ආයුෂ: කල්ප 6410.වෙහප්ඵලයවිපුල වූ ධ්‍යනානිශංස ඇති බැවින් මෙයට වෙහප්ඵල යැයි කියයි. චතුර්ථ ධ්‍යාන භූමියකි. ලෝකය වායු කුණාටු වලින් නැසෙන කල්හි මෙයට යටින් ඇති සියලු භුමි වැනසේ. ආයුෂ: කල්ප 50011. අසංඥ තලය සංඥා විරාග භාවනාවෙන් නිරුද්ධ වූ චිත්ත සන්තාන ඇති බැවින් මෙයට අසඤ්ඤසත්ත යැයි කියයි. අසංඥ සමාධිය වඩන අය මෙහි උපදී. මෙහි උපන් අය කල්ප 500 ක මුළු කාලයම එක ඉරියව්වෙන් ඉඩ සිහිසුන්ව මෙන් හිද ගෙවා දමයි.

ආයුෂ: කල්ප 500🌺 ශුද්ධාවාස බ්‍රහ්ම ලොකය__________________________අනාගාමී ශුද්ධවන්තයින්ගේ වාසස්ථාන භූමි වූ බැවින් මෙයට ශුද්ධාවාස යැයි කියයි. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක අන් රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් වෙනස් වේ. ඊට හේතුව නම් මීට පිවිසිට හැක්කේ අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් නොව නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් වන බැවිනි. යමෙකු අනාගාමී බවට පත්ව කළුරිය කෙරේද ඔහු තම අවසන් භවය ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන් පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙස ය.ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම සුවිශේෂී වේ. යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලකයන් ඇතුලු ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් විසිනි. එසේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍යය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍යරාජයාත් මෙම බ්‍රහ්ම ලෝකයේ වැසියෙකි.🌺

ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක12. අවීහය13. අතප්පය14. සුදස්සය15. සුදස්සිය16. අකනිෂ්ටය12.අවීහයසුලු කලකින් ස්ථාන අත් නොහරින බැවින් මෙයට අවීහ යැයි කියයි. අවීහ යන්නෙහි තේරුම ‘නැවත පහළට ඇද නොවැටෙන’ යන්නයි. එම නිසා යම් ලෝකයකින් පැමිණෙන අනාගාමී පුද්ගලයෙක් මෙම ලොවින් පහළට වැටෙන්නේ නැත. එසේම ඇතැම් අනාගාමී පුද්ගලයෝ මෙම ලෝකයෙන් ද වඩා ඉහළ ගමන් කරති. ඔවුන් හැඳින්වෙන්නේ ‘උද්ධම්සෝත’ යන නමිනි. ධ්‍යාන ලැබී අනාගාමීහු මරණින් මතු මෙහි උපදිති. ධ්‍යාන රහිත අනාගාමීහු මරණින් මතු වෙනත් බඹලොවක ඉපිද ඉන් මතු අවිහයෙහි උපදිති.ආයුෂ: කල්ප 100013.අතප්පයතැවීම් කිසිත් නැති බැවින් මෙයට අතප්ප යැයි කියයි. අවීහයෙහි කාලය නිම වී ඉන් චුත වන යෝගීන් එක්කෝ නිවන් දකිති, නැතහොත් අතප්පයෙහි උපදී.ආයුෂ: කල්ප 200014. සුදස්සයපරම සුන්දර සැප ඇති බැවින් මෙයට සුදස්ස යැයි කියයි. ආයුෂ ගෙවී ගොස් අතප්පයෙන් චුත වෙන අනාගාමීහු එක්කෝ නිර්වාණයට හෝ සුදස්සයෙහි උපදී. ආයුෂ: කල්ප 400015. සුදස්සියඅතිශයින් පිරිසිදු දැකිම් ඇති බැවින් මෙයට සුදස්සී යැයි කියයි. ආයුෂ ගෙවීමෙන් සුදස්සයෙන් චුත වන අනාගාමීහු එක්කෝ නිවනට හෝ සුදස්සියට පිවිසෙති.ආයුෂ: කල්ප 800016.අකනිෂ්ටය (අකනිටා බ්‍රහ්ම ලෝකය)කිසිවෙකුට කනිටු නොවන බැවින් මෙයට අකනිට්ඨ යැයි කියයි. මෙහි සිටින හැම කෙනෙකුම අනෙකාට නොදවෙනි වන තරම් ප්‍රඥා සම්පන්න වෙති. බල සම්පන්න වෙති. ගරු කටයුතු වෙති.මෙහි උපදිනුයේ අනුපිළිවෙලින් අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී බ්‍රහ්ම ලෝක සතර ඉක්මවා පැමිණි අනාගාමීන් ය .එබැවින් අකනිෂ්ටයේ උපන් සත්වයෝ අකනිට්ටගාමි ක්‍රමයට (එකින් එක ලෝක පිළිවෙලින් ගෙවා ගොස් ) එහි උපත ලබා සිටිති. අකනිෂ්ටයේ උපන් යම් අනාගාමිකයෙක් එහිදී රහත් නොවුන හොත් ආයුෂ ගෙවී ගොස් නිරුත්සාහිවම පිරිනිවනට පත් වේ. තාවතිම්ස දිව්‍ය ලෝකයේ නායකයා වන ශක්‍ර දිව්‍ය රාජයා ඉන් චුත වීමෙන් අනතුරුව ඉපදෙන්නේ මෙම බ්‍රහ්ම ලෝකයේ ය.ආයුෂ: කල්ප 16,000ප්‍රථම, ද්විතීය, තෘතිය හා චතුර්ථ ධ්‍යාන වැඩූ ඒ ධ්‍යානයෙන් නොපිරිහී මිය ගිය යෝගීන් මේ බ්‍රහ්ම ලෝක වල උත්පත්තිය ලබති. අනාගාමි ඵලයට පත් වී මරණප්‍රාප්ත වූ සත්ත්වයෝ ශුද්ධාවාස වල උත්පත්තිය ලබා එහිදී රහත් බැව් ලබා පිරිනිවෙති. බුදුබව හෝ පසේ බුදුබව පතන බෝධිසත්වයෙක් කිසි විටෙක පංච ශුද්ධාවාසයේ නූපදිති.🌺

අරූපාවචර බ්‍රහ්ම ලෝක__________________________17. ආකාසඤචායතනය18. විඤ්ඤාංචායතනය19. ආකිංචංඤායතනය20. නේවසඤ්ඤානාසඤ්ඤායතනය17.අකාසනඤ්චායතනය පළමු අරුපාවචර ධ්‍යානය ලද අය මෙහි මරණින් මතු උපදිති. මෙය පළමු අරුපාවචර භූමියයි. මෙහි උපන් සත්වයන්ට එකිනෙකා නොපෙනේ. අවම වශයෙන් තමා වත් නොපෙනේ. යම් මාර්ගඵල ලාභීයෙක් මෙතැන් සිට ඉදිරි ලෝකයක උපත ලද හොත් හේ එම ලෝකයේදීම පිරිනිවන් පා සසර දුක කෙළවර කරයි.ආයුෂ: කල්ප 20,00018. විඤ්ඤාංචායතනය දෙවන අරුපාවචර ධ්‍යාන ලැබූ අය උපදින භූමියයි.ආයුෂ: කල්ප 40,00019.ආකිංචංඤායතනය තෙවන අරුපාවචර භූමියයි.ආයුෂ: කල්ප 60,00020.නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙය අවසාන මෙන්ම හතර වන අරුපාවචර ධ්‍යාන භූමියයි.ආයුෂ: කල්ප 84,000සියලු දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අතරින් ඉහලින්ම පිහිටන්නේ අරූප ලෝක වේ. ඉතාම අධික ආයුෂක් සහිත මේ බ්‍රහ්ම ලෝකයන්හි ඉපදුණා වූ සත්ත්වයෝ අරූප ලෝක හෙයින් බොහෝ බුදුවරු ඉපදී දහම් දෙසා කෙළ ගණන් සත්ත්වයන් අමා මහ නිවන් දක්වා පිරීනිවී ගියත් දහම් ශ්‍රවනයක් නොලබති. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ තවුස් වෙස් ගෙන දුෂ්කර ක්‍රියා කරන සමයේ ගුරු වූ ආලාර කාලාම හා උද්දකරාමපුත්ත යන දෙදෙනා වහන්සේ ධ්‍යාන උපදවා මේ ලෝක වල උපන් බැවින් උන්ට මේ බුදු සසුන තුල නිර්වානාවබෝධයක් හිමි නොවිණි.රූපාවචර ධ්‍යාන සිත් ලබා ගත් උතුමෝ මරණින් මතු රූපාවාචර බ්‍රහ්ම ලෝකවල උපදින අතර ඊට උසස් වූ අරූපාවචර ධ්‍යාන උපදවාගත් උතුමෝ මරණින් මතු අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදී. ඒ සඳහා උපදවාගත් ධ්‍යාන නොපිරිහී මිය යා යුතුය. එහෙත් අෂ්ටසමාපත්ති ලෙස ගැනෙන ලෞකික ධ්‍යාන පිරිහිය හැක. එනිසා වීර්යෙන් භාවනා කර උපදවාගත් එම ධ්‍යාන සිත් වීර්යවත්ව පිරිහීයා නොදී රැකගත යුතුය.බුදුවරුන්ට හා රහතන් වහන්සේට උක්ත රූපාවචර, අරූපාවචර ධ්‍යාන සම්බන්ධව උපදිනුයේ කිරිය සිත්ය. මෙම රූපාවචර, අරූපාවචර ධ්‍යාන සිත්වලට අභිධර්මයේ මහග්ගත සිත් යන නමද භාවිතයේ යෙදේ. කුසල සිත්, විපාක සිත් හා කිරිය සිත් සැලකීමේදී රහත් නොවූ අයට ඇති වනුයේ කුසල සිත් හා විපාක සිත්ය. රහතන් වහන්සේලාට ඇති වනුයේ කිරිය සිත්ය. කිරිය සිත්වල ප්‍රතිසන්ධි විපාක ශක්තියක්ද නැත. මෙලෙස ගත් කල චුති සිත මෙන්ම ප්‍රතිසන්ධි සිතද විපාක සිතකි. එනම් චුති සිතට අරමුණු වන දෙයම ප්‍රතිසන්ධි සිතටද අරමුණු වේ. තවද ඉහත සඳහන් බ්‍රහ්ම ‍ලෝක අතර අසඤ්ඤසන්තය ලෙස සිව්වන ධ්‍යානය වැඩුවන් උපදින බඹලොවක්ද ඇත. උග්‍ර ධ්‍යාන වැඩූ යෝගී භාවනා කළ සෘෂිවරුන් මෙහි උපදී එහි ඇත්තේ භෞතික ශරීරයක් පමණි. සිතක් නොමැත. යෝගීන් සිව්වන ධ්‍යානයට සමවැදී ක්‍රමයෙන් සිත එක අරමුණකට ගැනීම මඟින් ශරීරයෙන් සිත ඉවතට ගනී. මේ සඳහා දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් තිබිය යුතුය. සත්ත්වයින් මේ බ්‍රහ්ම ලෝකය උපත ලබනුයේ තමා මනු ලොවින් චුත වන විට සිටි ඉරියව්වෙනි. චතුර්ථ ධ්‍යාන ලද්දෝ මෙම බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට අධිෂ්ඨාන කළ යුතුය. මෙය රූපකාය පමණක් පවතින බඹ ලොවක් වුවද නියමිත ආයු කාලය ගෙවා හමාර වූ විට එයින් චුත විය යුතුය. එයට හේතුව අන් ලෝකවලට බලපාන අනිත්‍යතාව මෙම බ්‍රහ්ම ලෝකයටද පොදු වීමයි. තවද සුද්ධාවාස ආදී බ්‍රහ්ම ලෝකවල උපත ලද විට ආයු කාලය ඉතා දිගු බැවින් පාරමිතා සියල්ල පුරා ඇති උතුමෙකුට බුදුවරයෙකුගෙන් බණ අසා බ්‍රහ්ම ලෝකවලදීම නිවන් දැක පිරිනිවන් පා වදාළ හැක.මා එසේ කියනුයේ බ්‍රහ්ම ලෝකවල ආයු කාලය තුළ බුදුවරු විශාල ප්‍රමාණයක් ලොව පහළ වන බැවිනි. එසේ පහළවන බුදුවරු සියලු දෙනා වහන්සේම ධර්මය දේශනා කිරීම සඳහා බඹ ලොවට වඩිති.තවද බ්‍රහ්ම ලෝකවල ස්වභාවය හා සංයුතිය ගත් කල පහත ආකාර වේ. එනම් බ්‍රහ්ම පරිසජ්ජයේ මහා බ්‍රහ්මයාගේ පිරිස වසති. බ්‍රහ්ම පුරෝහිතයේ මහා බ්‍රහ්මයාගේ උපදේශකයෝ වසති. මහා බ්‍රහ්මය මහා බ්‍රහ්මයා වසන බඹ ලොවයි. පරිත්තාභය යනු මඳකාන්ති ඇති බ්‍රහ්ම ලෝකයකි. අප්පමානාභයේ අප්‍රමාණ ලෙස කාන්ති විහිදෙයි. ආභස්සරයේ ශරීරාලෝකය ඉතා විශාල ප්‍රමාණයෙන් විහිදෙන බ්‍රහ්මයෝ වසති. පරිත්ත සුභයේ අල්ප ලෙස ශරීරාලෝක විහිදෙන බ්‍රහ්මයෝ වසති. අප්පමාන සුභයේ අප්‍රමාණ වූ ශරීරාලෝක විහිදෙන බ්‍රහ්මයන් වසයි. සුභ කිණ්හයේ වෙනස් නොවන ශරීරාලෝකයක් විහිදෙන බ්‍රහ්මයෝ වසති. වේහප්පලයේ මහත්ඵල මහානිසංස ලබා ඇති බ්‍රහ්මයන් වසයි. ඉහත සඳහන් වූ ශරීරාලෝකය ඛ්‍යාම ප්‍රභාව ලෙසද ධර්මයේ සඳහන් වේ.අන්තරජාලයෙන් උපුටා ගැනීමක්____________________________________

තෙරුවන්සරණයී 🙏( මෙය අන්තර් ජාලය තුළ තිබූ ලිපියකි. එහි සදහන් කරැණු වල බොහෝ දෑ ඔබට ගෝචර නොවේ. දැන ගැනීම පිණිස පමනක් කියවා තේරුම් ගන්න. )