May 19, 2024

Fly TV

Space of free media

05 ශ්‍රේණියේ සිසුන් 04ක් මත්පෙති බීලා රෝහලේ

flytvusa,

 25,135 total views

05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සිව්දෙනෙකු මත්පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ, කුරුණෑගල – මාදුරාගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසකි.

මෙම සිසුන් අතරින් එක් අයකු සිය පියා විසින් නිවසේ සඟවා තිබූ පෙති වර්ගයක් පාසලට රැගෙන විත් අනෙක් සිසුන් සමග භාවිත කර ඇතැයි පොලිසිය පවසයි.

අදාළ පෙති වර්ගය නිවසේ සඟවා තැබූ පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවකු බවද පොලිසිය සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාදුරාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.