May 19, 2024

Fly TV

Space of free media

අලුත් අවුරුද්දෙ හැමෝම බලාගෙන උන්නු රැෆෙලාගේ කැලැන්ඩරේට ජැක්සන් ආපු හැටි දන්නවද ?

 20,441 total views

”රැෆෙලාගේ කැලැන්ඩරය එළිදැක්වීම” සිදුවෙන්නේ වසරක් නිමාවෙලා නව වසරක් ලබනකොට, මෙය කලාවට ලැදි කවුරුත් මඟ බලාගෙන ඉන්න හරි ආකර්ෂණීය කටයුත්තක්.

පසුගිය දවසක ඒ දවස උදාවුනා

ඒ කියන්නෙ RFCC 2024 හි 12 වන සංස්කරණය මේ වන විට එළියට ඇවිත් තියෙන්නෙ.

මේ අපූරු කටයුත්ත සෑම වසරකම පාහේ කාගෙත් ආකර්ෂණයට වගේම කතාබහට හේතු හදනවා.

ඒකට කාරණා කීපයක්ම බලපෑම් කරනවා.

ඒවා තමයි අපි නිතර නිර්මාණ ඔස්සේ දකින නළු නිළියන්ට ඇය වෙනස් ම වූ හැඩයක් එක්කාසු කිරීම.

ඒ වෙනුවෙන් ඈ තෝරාගන්නා විලාසිතා වගේම ඇගේ කැමරා ඇසත් වැඩි බලපෑමක් කරනවා.

අන්න ඒ නිසයි හැමදාම දකින කලා තරු වුණත් රැෆෙලාගේ කැලැන්ඩර‍යේ විශේෂයෙන් බබළන්නෙ.
ඒ වගේ ක්ෂේත්‍රයේ කවුරුත් කැමතියි රැෆෙලාගේ කැලැන්ඩර‍යට පෙනී සිටින්න .