May 19, 2024

Fly TV

Space of free media

පවුල් 200 කට සහනය සැලසු මාධ්‍යකරණය

 18,523 total views

බන්ධනාගාරගත වෙලා හවුහරණක් නැතිව හිටිය රාජාංගනේ සද්දාරතන හාමුදුරුවන්ට පිහිට වුණ මාධ්‍යවේදියෙක් ගැන නිතර නිතර සද්දාරතන හාමුදුරුවෝ උන්වහන්සේගේ මූණු පොත හා යූ ටියුබ් නාලිකාව හරහා ගුණ වයනවා. සද්දාරතන හාමුදුරුවන්ට පහුගිය කාලේ උදවු කරපු සුදත්තලා, පින්සිරිලා උන්වහන්සේ හැර යද්දී සමන් සමරක්කොඩි කියන මේ අරුණ මාධ්‍යවේදියා සාවස්තිපුරයට ගිහින් අරුණට කරපු යූ ටියුබ් වීඩියෝව ප්‍රන්සයේ වැඩ වාසය කරන පරවාහැර චන්ද්‍රරතන හාමුදුරුවෝ දැකලා. පස්සේ චන්ද්‍රරතන හාමුදුරුවෝ සද්දාරතන හාමුදුරුවන්ට උදවු කරන්න පටන් අරගෙන. ගිය ඉරිදා රාජාංගනේ ගමේ පවුල් 200කට චන්ද්‍රරතන හාමුදුරුවන්ගේ අනුග්‍රහයෙන් රු 5000ගානේ දෙන්නත් සද්දාරතන හාමුදුරුවෝ කටයුුතු කරලා. සද්දාරතන හාමුදුරුවන්ගේ ලොකුම වුවමනාව තමයි මේ ගමට උදවු කරන එක කියලා උන්වහන්සේ කරන කියන දේ වලින් පේනවා. අන්න ඒ වුවමනාවට සමන් සමරක්කොඩිගෙන් ලැබිලා තියෙන්නේ පුදුම පිටුවහලක් කියලා උන්වහන්සේ තොර තෝංචියක් නැතුව කරන සතූති ප්‍රසංශාවලින් පේනවා. ඇත්තටම ඒක හොද සත්පුරුෂ ලක්ෂණයක්. හැම දේම හරි ඉක්මනින් අමතක කරන සමාජයක සද්දාරතන හාමුදුරුවෝ ඒ අතින් සමාජයට දෙන්නේ හොද ආදර්ශයක්. එතකොට කවුද මේ සද්දාරතන හාමුදුරුවන්ගේ වීරයා. සමන් සමරක්කොඩි කියන්නේ?

සමරක්කොඩි කියන්නේ අවුරුදු 24කට වඩා මාධ්‍ය වෘත්තියේ හසල පලපුරුද්දක් තියෙන මාධ්‍යවේදියෙක්. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය මෙන්ම නව මාධ්‍ය භාවිතාවේදී ඔහු දක්වන ශූරත්වය විශිෂ්ඨයි. මොන තරම් ටැලන්ට් තිබ්බත් ඒ කිසි දෙයක් ගැන එයා පාරම්බාන්නේ නෑ. ඒ වගේම මොන මොන හෙවනැලි වැටුනත් හිරු එලිය හංගන්න බෑ වගේ සද්පුරුෂයාගේ ගුණ වර්ණනාව හරි වෙලාවට හරි විදිහට එළියට එනවා.

දළ තියෙන ඇත්තු වැඩිය හෙළවෙන්නේ නෑ කියන කතාව මෙයා සම්බන්ධයෙන් හරියටම ගැලපෙනවා.