May 19, 2024

Fly TV

Space of free media

ඔයත් තව කෙනෙක් නිසා මානසිකව විදවනවානම් මේක ඔයා වෙනුවෙන්මයි

 32,744 total views

ජීවත්වීමෙදි දැනගතයුතු වැදගත්ම දෙය නම්…..
🌹Every person is Unique.
මේකේ තේරුම…..
🌹 හැම පුද්ගලයෙක්ම එකිනෙකාට ආවේණිකයි
👉🌹 දැන් ඔයා හොඳට හිතන්න . මේ මොහොතේ ඔයාගේ හිතට මානසික පීඩාවක් වෙන තරමටම තියෙන ගැටළු මොනවාද කියලා ?
තමන්ගේම ගැටළු වලට වඩා ….ඔයාට මතක් වෙන්නේ…සැමියා/ බිරිඳ….සහෝදරයෝ , අසල් වැසියෝ , රැකියාව කරන ආයතනයේ පුද්ගලයින්,
යාහළුවන් වගේ අය ඇති කරන ගැටළු නේද…🤔
95% ක්ම ඕවා තමයි .☹️
දැන් මේ ගැටළුව ලිහාගෙන යමු. 🤗
🌹 ඕනෑම පුද්ගලයෙක් ඇති දැඩි වෙන්නේ…වෙනස් වෙනස් පරිසරයන් තුළයි.
පවුල් පරිසරය, පාසලේ පරිසරය, සමාජමය පරිසරය වෙනස්.
ඒ වගේම…එකම පරිසරයන් තුළ ජීවත් වෙන පුද්ගලයන් වුණත්… තමන් දෙයක් ග්‍රහණය කරගන්න විදිහ අනුව එකිනෙකාට වෙනස් විදිහට හැඩ ගැහෙනවා.
පවුලේ සමාජකයින් 5 ක් නම්….ඒ පස්දෙනා …
සම්පුර්ණයෙන්ම වෙනස් හැසිරීම් , ආකල්ප ,
සිතුවිලි රටාවන් තියෙන අයයි.
👆👆👆👆
🌹 ඒ කාරණාව හොඳින්ම තේරුම් ගන්න.
🌹 දැන් ඒ තේරුම් ගත්ත දෙය….ඔයා ගනුදෙනු කරන හැම පුද්ගලයෙක්ටම අඳාල කරගන්න.
🌹 හැම පුද්ගලයෙක්ම එකිනෙකාට වෙනස්.
🌹 ඔයත් ඒ වගේම වෙනස් පුද්ගලයෙක් .
🌹 මම වගේ…හිතන්න…මගේ වගේ ආකල්ප ,සිතුවිලි….ගතිගුණ….මේ හැමදෙයක්ම
තියෙන්නේ මට විතරයි .
🌹 ඒ හින්දා ….ඇයි එයාට මම වගේ හිතන්න බැරි….ඉන්න බැරි..හැසිරෙන්න බැරි …වගේ
මෝඩ ආකල්ප එක්ක තවත් පුද්ගලයෙක් ගැන හිතන්න එපා.
👉 මිනිස්සු වැඩිපුරම මානසිකව දුක් විඳින්නේ…
තමන් සමීපවම ඇසුරු කරන මිනිස්සු හින්දයි.
👉 හිතන්න පුරුදු වෙන්න. මේ එයා හැඩ ගැහුනු frame එකයි. ඒ එයාගේ විදිහ.
👉 කෙනෙක් තමන්ට දරුණු විදිහට සිත් පීඬාවක් වෙන විදිහට හැසිරෙනවා නම්, වචන භාවිතා කරනවා නම්, ආකල්ප දරණවා නම්…තේරුම් ගන්න මේ ඒ පුද්ගලයා ගේ විදිහ කියලා .
🌹 මේ වගේ දේවල් කියන්නේ …මිනිස්සු ගැන තේරුම් ගන්නයි.
අපිට හැමතිස්සේම …මෙයා හොඳ නැහැ …අරයා හොඳ නැහැ කියලා …මිනිස්සුන්ව අත්හැරලා දාලා ජිවත් වෙන්න බැහැ .
පහසුවෙන්ම අත්හැරලා දාලා ජීවත් වෙන්න බැරි මිනිස්සුත් ඉන්නවා .
🌹 මේ දෙය තේරුම් ගැනීමෙන්…
👉 වැඩ කරන ආයතනයේ පුද්ගලයින් තේරුම් ගන්න පහසුයි.
👉 සමාජයේ තමන් ගනුදෙනු කරන පුද්ගලයින් තේරුම් ගන්න පහසුයි.
👉 තමන්ගේ යාහළුවන් තේරුම් ගන්න පහසුයි.
👉 තමන්ගේ පෙම්වතිය / පෙම්වතා තේරුම් ගන්න පහසුයි.
👉 තමන්ගේ සැමියා / බිරිඳ තේරුම් ගන්න පහසුයි.
👉 තමන්ගේ දෙමව්පියෝ / සහෝදරයෝ තේරුම් ගන්න පහසුයි.
👉 තමන්ගේ නැන්දම්මා / මාමණ්ඩි/ නෑනලා /
මස්සිනා …මේ හැමෝම තේරුම් ගන්න පහසුයි.
🌹👉 සරලම දෙය….කවුරුන් හෝ….ඔයාට හිත රිදෙන දෙයක් කරපු සැනින් තේරුම් ගන්න.
” මේ මනුස්සයා ගේ විදිහනේ….ඉතිං …මට මොකද ….😌”
🌹 යක්කු 100ක් මැද්දේ වුණත් ජීවත් වෙන්න පුරුදු වෙන්න.
“අම්මෝ…යක්කුනේ “කියලා පැනලා දුවන්න එපා.
හැම යකාම එක වගේ නැහැ .
ඊරියකා…මහසෝනා…කළු කුමාරයා …කියලා
වෙනස් උන් ඉන්නවා .
පේනවා නේ….යකුකුත් එකිනෙකාට වෙනස්.🤣
🌹❤ Every person is UNQUE.
👆👆 අද ඉදලා මේක හොඳට තේරුම් ගන්න.
තමන්ගේ වටේ තියෙන ප්‍රශ්න අඩුවෙලා යන හැටි ඔයාටම තේරෙයි.
ලක්ෂි සොයිසා
මනෝඋපදේශීකා.