September 20, 2024

Fly TV

Space of free media

කටගද ගැසීම ඔයාට ප්‍රශ්ණයක් වේලා තිබුණද ? මෙන්න හරියටම දැනගන්න

 34,049 total views

⭕ හැලිටෝසිස් ( කට ගද ගැසිම))යනු කුමක්ද?❓

🔹Halitosis යනු කට ගද ගැසිම හෝ හුස්ම පිට කරන විට ගදක් වහනය විම සඳහා වෛද්ය යෙදුමයි.

🔹මෙය ඉතා සුලභ වේ. පලමුව ඔබම එය නැති කර ගන්න කටයුතු කරන්න.

❓ඔබ එය නැති කර කරගන්න කල යුත්තේ කුමක්ද

🔹ඔබේ මුඛයෙන් දුර්ගන්ධයක් ඇති නොවිමට හොඳම ක්‍රමය වන්නේ ඔබේ දත්, දිව සහ මුඛය පිරිසිදුව තබා ගැනීමයි.

⭕පහත දෙ කරන්න

✅අවම වශයෙන් දිනකට දෙවරක් විනාඩි 2 ක් ඔබේ දත් සහ විදුරුමස් මෘදු ලෙස මදින්න

✅ෆ්ලෝරයිඩ් දන්තාලේපයක් භාවිතා කරන්න

✅දිව මැදිමට සුදුසු බුරැසුවක් භාවිතයෙන් දිනකට වරක් ඔබේ දිව මෘදු ලෙස පිරිසිදු කරන්න

✅අවම වශයෙන් දිනකට වරක් අන්තර් දන්ත බුරුසු හෝ ෆ්ලෝස් සමඟ ඔබේ දත් අතර පිරිසිදු කරන්න

▶️වයස අවුරුදු 12 ට වැඩි නම් , දත්මැදීමට අමතරව අන්තර් දන්ත බුරුසු භාවිතා කර දත් අතර පිරිසිදු කරන්න

▶️සමහර පුද්ගලයින්ට අන්තර් දන්ත බුරුසුවක් භාවිතා කිරීමට දත් අතර ප්‍රමාණවත් ඉඩක් නොමැත, එබැවින් එවැනි අයට ෆ්ලෝස් භාවිතා කල හැක.

✅දන්ත පරීක්ෂාවන් ලබා ගන්න

✅ අප්‍රසන්න සුවදක් ඇති ආහාර සහ බීම ගැනීමෙන් පසු සීනි රහිත මින්ට් හෝ ජලයෙන් හොදින් කට සෝදන්න.

✅ මවුත් වොශ් භාවිතා කරන්න

✅ ඔබේ කට සහ දත් පරීක්ෂා කිරීම් සහ පිරිසිදු කිරීම් සඳහා ඔබේ දන්ත වෛද්යවරයා හමුවන්න.

▶️ සමහර අය සඳහා, මෙය සෑම මාස හයකට වරක් අව්ශ්‍යය වන අතර සමහර අයට ඔවුන්ගේ මුඛ සෞඛ්‍යය පාලනය කර ගැනීම සඳහා ඊට අඩු කාලයකදි දන්ත වෛද්යවරයකු හමු විම අවශ්‍යය වෙයි

✅ පිරිසිදු ජලය ගොඩක් බොන්න

===========

⭕පහත දේ කරන්න එපා

❌දුම් බොන්න එපා

❌ඔබේ දත්මැදීමෙන් පසු , එ විගසම ඔබේ මුඛය වතුරෙන් සෝදන්න එපා

▶️දත්මැදීමෙන් පසු, අතිරික්ත දන්තාලේප කෙළ ගසා ඉවත් කරන්න

▶️දත්මැදීමෙන් පසු වහාම ඔබේ මුඛය සේදීම නොකරන්න, එය දන්තාලේපයේ ඇති ෆ්ලෝරයිඩ් සෝදා හරිනු ඇත.

▶️සේදීමනිසා ෆ්ලොරයිඩ් ඉවත් වන නිසා දත් ආරක්ෂා කිරිමේ හැකියාව අඩු වෙයි

🔻එක්සත් රාජධානියේ මුඛ සෞඛ්‍ය පදනම පවසන්නේ ඔබේ මුඛය සේදීම වෙනුවට දත්මැදීමෙන් පසු අතිරික්ත කෙල සහ දන්තාලේප කෙළ ගැසීම මගින් ඉවත් කරන ලෙසයි. ඕනෑම දෙයක් කෑමට හෝ පානය කිරීමට පෙර අවම වශයෙන් විනාඩි 10 ක් බලා සිටීම ද නිර්දේශ කෙරේ.🔻

✅සීනි සහිත ආහාර සහ බීම ගැනිම අඩු කරන්න

❌ඔබේ විදුරුමස් හෝ දිවෙන් ලේ ගැලීම එන තරම් තදින් මදින්න එපා

🔹කට ගද ගැසිම හෝ හුස්ම පිට කරන විට ගදක් වහනය විම බහුලව දක්නට ලැබෙ.

🔹සෑම කෙනෙකුටම වරින් වර මෙය ඇති විය හැක, – විශේෂයෙන් සුදුළූණු, ළූණු හෝ වෙනත් ගද වහනය වන ආහාර අනුභව කිරීමෙන් පසු.

🔹නමුත් කටේ ගද දිගු කාලයක් පවති නම් ඔබට මුඛ සෞඛ්‍ය ගැටලුවක් හෝ ඔබේ ශරීරයේ වෙනත් අවයවක රෝග තත්වයක් පැවතිය හැක.

🔹හැලිටෝසිස් යනු රෝග ලක්ෂණයකි. වෙනත් වචන වලින් කිවහොත්, එය ඔබේ ශරීරයේ කුමන හෝ රෝගයක් පිලිබද අනතුරැ ඇඟවීමකි

🔹 හැලිටෝසිස් රෝගයට මූලික හේතුව සොයා ගැනීම ගැටලුවට ප්‍රතිකාර කිරීමේ පළමු පියවරයි.

⚛️ ප්‍රධානම හේතුව කුමක්ද?

🔹හලිටෝසිස් සඳහා වඩාත් ප්‍රධාන හේතුව කටේ ,දත් වල සහ විදුරැමස් වල ගැටලුයි

🔹 නිවැරදිව දත් නොමැදීම, සහ දත් පිරිසිදු නොකිරිම වැනි කට යුතු නිසා හානිකර බැක්ටීරියා ඔබේ මුඛයේ පාලනයෙන් තොරව වර්දනය වේ.

🔹 මෙය හලිටෝසිස්, දත්කුහර සහ විදුරුමස් රෝග වැනි මුඛ සෞඛ්‍ය ගැටලු කිහිපයකට හේතු විය හැක.

=========

⚛️හැලිටෝසිස් වලට බලපාන වෙනත් හේතු මොනවාද?

🔹දුර්වල මුඛ සනීපාරක්ෂාව හලිටෝසිස් සඳහා ප්‍රධානම හේතුව වුනත් වෙනත් හේතුද ඇත

🔻අනෙකුත් හේතු

🔹වියළි මුඛය:

▶️කෙළ ඔබේ මුඛය සේදීමට උපකාරී වේ, එබැවින් ඔබේ ශරීරය ප්‍රමාණවත් ලෙස කෙල නිපදවන්නේ නැත්නම්, එය හැලිටෝසිස් වලට හේතු විය හැක.

▶️ දුම්පානය වියළි මුඛයට හේතු විය හැකි අතර, එය විදුරුමස් රෝග සඳහා ඔබේ අවදානම වැඩි කරයි.

▶️මීට අමතරව, ඇතැම් ඖෂධ වියළි මුඛයට හේතු විය හැක. ( මෙය සමහර ඖෂධ වල අතුරැ පලයකි)

🔻හිස සහ බෙල්ලේ පිළිකා

▶️ පිළිකා රෝග ලක්ෂණ

කටේ සුව නොවන තුවාල, මුඛයේ වේදනාව, ගිලීමේ අපහසුව, ඔබේ බෙල්ලේ ගැටිත්තක් තිබිම සහ බර අඩු වීම රෝග ලක්ෂණ වේ.

🔻Gastroesophageal reflux රෝගය (GERD):(මෙය ගැස්ට්‍රයිටිස් වර්ගයකි) මෙයත් කට ගද ගැසිමට ප්‍රධාන හෙතුවකි.

▶️මෙය ආමාශයේ ඇසිඩ් ගතිය නැවත ඔබේ අන්නශ්‍රොතය වෙත පැමිනෙන ආහාර ජීර්ණ ආබාධයකි, ( අන්නශ්‍රොතය යනු ඔබේ මුඛයෙන් ආහාර ඔබේ බඩට ගෙන යන නාලයයි)

🔻ලොකු සෙම් ගෙඩි (ටොන්සිල්)

▶️ආහාර ඔබේ ටොන්සිලවල (ඔබේ උගුරේ පිටුපස පිහිටා ඇති) සිර වූ විට, එය සමහර විට ටොන්සිල් ගල් හෝ ටොන්සිලොලිත් ලෙස හඳුන්වන කැල්සියම් තැන්පතු බවට පත් වේ.

🔻විදුරුමස් රෝගය:

▶️ ඔබේ විදුරුමස් වල ආසදනයන්.

මෙම ආසාදනයක් ඇති වන අතර එය රතු පැහැය, ඉදිමීම සහ ලේ ගැලීම සහ කට ගද ගැසිම ඇති වේ

▶️. ප්‍රතිකාර නොකළ විදුරුමස් රෝග නිසා විදුරුමස් වලට හානි කරන අතර ඔබේ දත් අවට දත් සහ අස්ථි නැති වීමට හේතු විය හැක.

🔻ඔබේ නාසය, උගුර හෝ පෙනහළු වල ආසාදන:

▶️නියුමෝනියාව ඇති පුද්ගලයින්, උදාහරණයක් ලෙස, ගදක් ඇති සෙම කැස්ස.

🔻දියවැඩියා රෝගය:

▶️දියවැඩියා රෝගීන්ට විදුරුමස් රෝග ඇතිවීමේ වැඩි අවදානමක් වැඩිය, එම නිසා ඔබ දියවැඩියා රෝගියෙක් නම් ඔබගේ ලේ වල සීනි ප්‍රමාණය හොදින් පාලනය කර ගත යුතුයි

🔻අක්මා රෝග හෝ වකුගඩු රෝග:🚫

▶️ඔබේ අක්මාව සහ වකුගඩු නිසි ලෙස ක්‍රියාත්මක වන විට, ඒවා ඔබේ ශරීරයෙන් විෂ වර්ග පෙරා ඉවත් කර ඔබේ රැඩිරය පිරිසිදු කරයි

▶️නමුත් අක්මාව හෝ වකුගඩු රෝග ඇති පුද්ගලයින් තුළ මෙම විෂ සහිත ද්‍යවය ඉවත් නොකෙරේ. මෙ නිසා හලිටෝසිස්( කට ගද ගැසිම) ඇති විය හැක.

🔻 ජොග්ග්‍රන් සින්ඩ්‍රොමය /Sjögren’s syndrome: (මෙවැනි රොගින් සැලකිය යුතු ප්‍රමානයක් අපේ රටෙ ඇත

▶️ මෙම රෝගයෙදි මාංශ පේශි වේදනාව, වියළි ඇස්, වියළි සම සහ වියළි මුඛය (බොහෝ විට හැලිටෝසිස් සමඟ සම්බන්ධ වේ) ඇති විය හැක.

▶️ දුර්වල මුඛ සනීපාරක්ෂාව නිසා හැලිටෝසිස්(කට ගද ගැසිම) ඇති වුවහොත්, දත් පිරිසිදු කිරීම හෝ විදුරුමස් රෝග සදහා ප්‍රතිකාර කිරිමෙන් එය සුව විය යුතුයි.

⭕ ඔබට නිරෝගී දත් සහ විදුරුමස් තිබේ නම්,කට ගද ගැසිම( හැලිටෝසිස් )ඔබේ ශරීරයේ වෙනත් රෝහයක් නිසා විය හැකිය.

🔻🔻🔻එවැනි අවස්ථාවක කට ගද ගැසිමට හේතු වන රෝගයට ප්‍රතිකාර කිරිමෙන් මෙය සුව කර ගත හැක✅✅✅✅💊💊💊

.

⚛️රෝග විනිශ්චය සහ පරීක්ෂණ

❓ඔබගේ හුස්ම/කට ගඳ ගහනවද කියලා ඔබ දැන ගන්නේ කොහොමද?

🔹ඔබේ මුඛයේ නරක ගදක් තිබේ නම්, අන් අයට ගද දැනිය හැකි දුර්ගන්ධයක් ඔබේ කටෙන් පිට වේ,

🔹 සමහර විට මෙය ඔබට නොදැනෙන අතර අනිත් අයද මෙය ඔබට නොකියන්නේ ඔබට දුක සිතෙයි කියායි.

🔹සමහර විට අන් අය කරනුයේ ඔබ සමග කථා කිරිම මග ඇරිමයි

⭕ප්‍රතිකාර

🔹හැලිටෝසිස්( කට ගද ගැසිම) ප්‍රතිකාර කරන්නේ කෙසේද?

▶️හැලිටෝසිස් ප්‍රතිකාරය එයට හේතු වන හේතුව මත රඳා පවතී.

▶️නිදසුනක් වශයෙන්, මුඛයේ සනීපාරක්ෂාව දුර්වල වීම නිසා මුඛයෙන් දුර්ගන්ධය ඇති වන්නේ නම්, ඉහත විස්තර කර ඇති නිවැරදි ක්‍රම අනුගනය කිරිමෙන් ,ඔබගෙ කට ,දත් ,විදුරැමස් හොදින් තබා ගැනිමෙන් මෙය නැති කර ගත හැක.

▶️නමුත් හලිටෝසිස් ( කට ගද ගැසිම) ඔබේ ශරීරයේ වෙනත් ස්ථානයක ඇති රෝගයක රෝග ලක්ෂණයක් නම්, නිසි රෝග ආදාල රෝගය හදුනා ගෙන සහ ප්‍රතිකාර කිරිම කළ යුතුයි.

🚫🚫 එම නිසා එවැනි අවස්තාවක රෝහලට ගොස් වෛද්‍යයවරයෙකුට පෙන්විමෙන් කට ගද ගැසිමට හෙතු වන දරැනු රෝග කල් තියා හදුනා ගැනිමට හැකිය,

copy DR Bandula Sathkumara