September 20, 2024

Fly TV

Space of free media

16 හැවිරිදි සිසුවිය සමග කළුතර හෝටලයට ආ පුද්ගලයා හදුනාගනී! මීට පෙර විවාහ වී සිටි අයෙක්ලු!

 16,219 total views

කළුතර ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගැනීමේ සිද්ධියට අදාළව පළාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අදාළ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවය.

එසේම අදාළ සැකකරු කළුතර ප්‍රදේශයේ පදිචි විවාහක අයෙකු බවත් අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

මේ අතර ඉදිරි අවශ්‍යතාවය අනුව සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගැනීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් කටයුතු සිදුකරනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.