9,348 total views
මැයි දින රැලි සඳහා පැමිණ පුද්ගලයින් මාර්ග අවහිර වන ලෙස නොසැලකිලිමත්ව නවතා තබන රථවාහන ඇදගෙන යාමට පොලීසිය විසින් කටයුතු කරන බව දැනුම්දී තිබේ.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පවසයි.
මේ පිළිබඳ වැඩිදුරටත් ……………………….
“මහජනතාව මෙම රැස්වීම් සහ පෙළපාලි සඳහා පැමිණෙන වාහන පදිකවේදිකා මත නතර කරන්න එපා. මාර්ගය අවහිර වන ආකාරයට නතර කරන්න එපා. රථ වාහන නිලධාරීන් යොදවලා තියෙනවා. පදිකවේදිකා මත මාර්ගයේ අවහිර වන ආකාරයට වාහන නතර කරොත් අපිට එම වාහන ඉවත් කිරීමට සිදුවෙනවා. ඇදගෙන යාමට සිදුවෙනවා. එවැනි අවස්ථාවකදී ඒ ගාස්තු ගෙවන්න සිදුවෙනවා. ඒ සඳහා වන වියදම ගෙවන්න සිදුවෙනවා. ඒ වගේම ඒ වැරදි සම්බන්ධයෙන් අදාළ දඬුවමටත් ඒ රියදුරා ලක්වෙනවා. ඒ නිසා අපි රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගය අවහිර වන ආකාරයට නොසැලකිලිමත්ව වාහන නතර කර දමන්නට එපා. සෑම රැස්වීමකට අදාළවම රථ ගාල් වෙන්කරලා තියෙනවා. ඒ රථ ගාල් තියෙන ස්ථාන වෙත යන මාර්ග රියදුරන් දැනුවත් කරලා තියන්න සංවිධායක මහතුන් විසින්. ඒ ආකාරයට කටයුතු කළොත් පැමිණෙන මහජනතාව අපහසුතාවයට පත්වෙන්නේ නැහැ. ඒ වගේම රථ වාහන තදබදයත් අපිට අවම කරගන්න පුළුවන්.”
මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වෙන කොළඹ, මහනුවර ඇතුළු ප්‍රදේශවල ආරක්ෂාව සහ රථ වාහන හැසිරවීම සඳහා 3,500ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පැවසුවේ රැස්වීම් සහ රැලි පැවැත්වෙන ප්‍රදේශවල මාර්ග මඟහැර ගමන් කිරීමෙන් මගී ජනතාවට වන අවහිරතා අවම කරගත හැකි බවය.
More Stories
දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා: ජනාධිපති රනිල් වික්‍රමසිංහ
හිටපු පොහොට්ටු මන්ත්‍රී ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්නගේ වෙඩි තබා ගැනීමේ සිද්දියේ සහාය නළු ASPව අල්ලන්න පොලිසිය කරන්න යන අලුත්ම වැඩේ
ආණමඩුවේ ඉඳන් මහරගම අපේක්ෂා රෝහලට එන CTB බස් එකට ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලායි-කොන්දොස්තරලායි එකතු වෙලා ගල් ගහලා!