September 20, 2024

Fly TV

Space of free media

දිවි තොර කරගන්නට හිතන මිතුරෙකුට උදවු කරන්න නම් මේ දේවල් කරන්න එපා!

 20,003 total views

කෙනෙක්ට තමන්ගේ ජීවිතේ නැති කරගන්න හිතෙන එක වෙන්න පුළුවන් දෙයක්නේ. මානසික ආතතිය හින්දා හෝ විෂාදය හින්දා හෝ කෙනෙක් ක්‍රම ක්‍රමයෙන් ඒ වගේ තැනකට යන්න පුළුවන්. මට තවදුරටත් ජීවත් වෙන්න ඕන නෑ කියලා හරි, මට මේ විදියට ජීවත් වෙන්න බැහැ කියලා හරි හිතන ඒ වගේ කෙනෙක් ඊලඟට තෝරගන්නේ දිවි තොර කර ගැනීම. හැබැයි මතක තියාගන්න. මේ වගේ තැනක ඇත්තටම තියෙන්නේ මිය යෑමේ වුවමනාව නෙවෙයි. “මට මේ විදියට ජීවත් වෙන්න බැහැ” කියන ප්‍රකාශය තමයි එතන තියෙන්නේ.

හරි, දැන් අපි කියමු අපේ යාලුවෙක් මේ විදියට දිවි තොර කරගන්න ඉන්න කෙනෙක්ගේ ලක්ෂණ පෙන්නනවා කියලා. දැන් අපි මොනවද එතකොට කරන්න ඕන? මොනවද නොකරන්න ඕන? ආන්න ඒ ගැන තමයි මේ කතා කරන්න යන්නේ. අපි මුලින්ම බලමු ජීවිතය එපා වෙලා ඉන්න යාලුවෙක්ට උදවු කරනකොට නොකරන්න ඕන දේවල් මොනවද කියලා!

  1. විහිළුවට ගන්න එපා

කෙනෙක්ට ජීවිතේ නැති කරගන්න හිතෙනවා කියන්නේ විහිළුවක් නෙවෙයි. හැබැයි අපිට සමහර වෙලාවට ඒකේ බරපතළ කම නොතේරෙන්න පුළුවන්. ඒ නිසාම අපි කෙනෙක් දිවි හානි කරගන්න තැනට පත් වීම විහිළුවකට ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නේ අපි ඒ කෙනාව බේරගන්නවට වඩා, තවත් ජීවිතය නැති කරගන්න තියෙන තැනට තල්ලු කරන එක.

ඒ වගේම තවත් අය හිතනවා, කෙනෙක්ට ජීවිතය නැති කරගන්න අදහසක් තියෙනවා නම්, ඒ ගැන විහිළුවක් තහළුවක් කරලා අවධානය වෙන අතකට යොමු කරලා වැඩේ ගොඩදාගන්න පුළුවන් කියලා. එහෙම බෑ. ජීවිතේ නැති කරගන්න හිතෙන කෙනෙක්ට “හිනා වෙලා ඉන්නකෝ” කියලා විහිළුවක් කළ පමණින් එයා එතනින් ගොඩ එන්නෙ නෑ!

  1. බණ කියන්න යන්න එපා

මෙන්න මේක ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්. ජීවිතේ නැති කරගන්න හිතිලා ඉන්න කෙනෙක්ට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන්න යන එක. මේ ධර්ම දේශනා ගොඩක් වෙලාවට එක්කෝ පදනම් වෙන්නේ තම තමන් අදහන ආගම මත. එහෙම නැතිනම් පොදුවේ ලෝක ධර්මතා හරි සදාචාරය හරි මත. හැබැයි එහෙම බණ කිව්වා කියලා දිවි තොර කරගන්න වුවමනාවෙන් ඉන්න කෙනෙක්ව ගලවා ගන්න පුළුවන්ද? ඉතාම අමාරුයි. ඒකට හේතුව එයා ඉන්නේ ධර්ම දේශනාවන්ට සවන් දෙන්න පුළුවන් මානසිකත්වයක නොවීම. ඊටත් වඩා, බණ දේශනා හින්දා සමහර විට එයාගේ තීරණය ඉක්මන් වෙන්න පුළුවන් වීම.

Women in the Workplace | McKinsey
  1. සංසන්දනය කරන්න යන්න එපා

ගොඩක් වෙලාවට ජීවිතේ නැති කරගන්න ඕන කියලා හිතෙන කෙනෙක් එක්ක කතා කරන්න යන කෙනෙක් නොසිතාම කරන වැරැද්දක් තමයි සංසන්දනය කිරීම. ඒ කියන්නේ “අපිට තිබුණු ප්‍රශ්න වල හැටියට අපි මොනවා කරගන්න ඕනද” වගේ කතන්දර ජීවිතේ එපා වෙලා ඉන්න කෙනෙක් එක්ක කියන එක ගොඩක් දෙනෙක් සුලභව කරන වැරැද්දක්. ඒ වගේම තමයි, ගොඩක් දෙනෙක් පෙළඹෙනවා දිවි එපා වෙලා ඉන්න කෙනෙක් එක්ක තමන්ගේ ජීවිතේ තිබුණු අමාරුකම් සහ තමන් කොහොමද ඒ අමාරුකම් වලින් ගොඩ ආවේ කියලා කියාපාන්න. ගොඩක් වෙලාවට තමන් දිවි තොර කර ගන්න තැනකට නොගිය එක ගැන ආඩම්බරේකුත් එක්ක තමයි එව්වා කියන්නේ. හැබැයි ඒක කවදාවත් සුයිසයිඩල් කෙනෙක්ට උපකාරයක් වෙන්නෙ නෑ. අපි ඔලුවේ තියාගන්න ඕන දේ තමයි අපි එකිනෙකා වෙනස් කියන එක. එතකොට එක්කෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් තව කෙනෙක්ට ආවහම, ඒ කෙනා ඒකට මුහුණ දෙන විදිය වෙනස් වෙන්න පුළුවන්.

Women | Selective Service System : Selective Service System
  1. ලැජ්ජ කරන්න යන්න එපා

“අයියෝ ලැජ්ජ නැද්ද ඔය වගේ මානසිකව වැටෙන්න මේ වගේ සුළු ප්‍රශ්නෙකට” කියලා දිවි හානි කරගන්න නැඹුරුවක් තියෙන කෙනෙක්ගෙන් අහන එක අතිශයින්ම බරපතල සහ නොකල යුතු දෙයක්. ඒකෙන්ම ඒ කෙනාව ජීවිතේ අනිවාර්යයෙන්ම නැති කරගන්න තැනට තල්ලු වෙන්න පුළුවන්. ඇත්තටම දිවි හානි කරගන්න තැනකට කෙනෙක් එනවා කියන්නේ ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙවෙයි. උපකාර අවශ්‍ය තැනක් විතරයි. උඩිනුත් කියපු විදියට එක් එක් කෙනෙක්ගේ මානසික මට්ටම, දරා ගැනීමේ මට්ටම වෙනස්. දැන් සිංහයා වගේ ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉන්න කෙනෙක් වුනත් වෙනත් ප්‍රශ්නෙකදී ජීවත් වුණා ඇති කියලා හිතෙන තැනටම වැටෙන්න පුළුවන්.

Women Health: Mistakes women should avoid in middle age for a healthier body
  1. විසඳුම් දෙන්න යන්න එපා

ඔන්න අපේ යාලුවෙක් ඉන්නවා ප්‍රශ්න ගැටළු වල හිර වෙලා. එයා ඉන්නේ ජීවිතේ නැති කරගන්න ඕන කියලා කියන තැනක. දැන් අපි එයාගේ ප්‍රශ්න වලට කන් දුන්නට පස්සේ අපිට තේරෙනවා මේ ප්‍රශ්න වලට ඇත්තටම උත්තර තියෙනවා කියලා. ඒ කියන්නේ මැජික් උත්තර නෙවෙයි, කට්ට කාලා ගොඩදාගන්න වෙන අවස්ථා. හැබැයි උත්තර තියෙනවා. දැන් එතකොට කරන්න ඕන මොකද්ද? එයාට මේ උත්තර ටික කියන එකද? නෑ. ජීවිතේ නැති කරගන්න හිතන කෙනෙක්ට ඒ වෙලාවට උත්තර වැඩක් නෑ. ගොඩක් වෙලාවට අපි දන්න උත්තර එයත් දන්නවා වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ මොහොතේ එයාගේ ඔලුවේ තියෙන පීඩනය පිට කරගන්න උදවු දෙන එක මිසක්, එයාගේ ප්‍රශ්න වලට විසඳුම් දීම වැඩක් වෙන්නෙ නෑ.

Divorces in the Netherlands: all you need to know – DutchReview
  1. දිගින් දිගටම කතා කරන්න යන්න එපා

අපි ගොඩක් දෙනෙක් කතා කරන්න කැමතියිනේ. ඉතින් ජීවිතේ එපා වෙලා ඉන්න යාලුවෙක් එක්ක වුණත් කතා කරන්න පටන් ගත්තට පස්සේ අපිටත් නොදැනීම අපි කරන්නේ එයාට දේවල් දිගින් දිගටම කියන එක. විශේෂයෙන්ම එයා කතා නොකර ඉන්න තත්ත්වයක නම් වෙන්නේ, අපි ඒ ඉඩ පුරවන්න ඔහේ කතන්දර කියයි. තමන්ගේ ජීවන අත්දැකීම්, තමන් මේ වගේ තැනකදී මොනවද කරන්නේ වගේ දේවල්. එහෙම නැතිනම් යාළුවා කොයි තරම් හොඳ කෙනෙක්ද වගේ දේවල්. හැබැයි ඇත්තටම අපි කරන්න ඕන සවන් දෙන එක. ඒ කියන්නේ ජීවිතේ නැති කරගන්න අඩියක ඉන්න කෙනාට කතා කරන්න සැලැස්වීම සහ සාවධානව ඇහුම්කන් දීම. අන්න ඒකෙන් අපිට නොසිතන විදියට එයාව බේරගන්න හැකි වෙන්න පුළුවන්. අපි ගොඩක් දෙනෙක්ට නැත්තේ ඇහුම්කන් දෙන්න කෙනෙක්නේ.

Asking for a Divorce | Éducaloi
  1. තමන්ට සුදුසුකම් නැති නම් තනියෙන් එයාව ගොඩදාන්න යන්නත් එපා

අවසානයට මේ කාරණාව ඉතාම වැදගත්. ගොඩක් වෙලාවට අපි දකිනවා, ඔය සෝෂල් මීඩියා වල එහෙම ප්‍රශ්න ගැටළු කතා කරන ගොඩක් දෙනෙක් හිතනවා තමන්ට මනෝ උපදේශනයට සහජ හැකියාවක් තියෙනවා කියලා. කෙනෙක්ට සවන් දෙන්න, කෙනෙක්ගේ හිත හැදෙන්න කතා කරන්න උපතින් ගෙනාපු හැකියාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් තමන් මනෝ උපදේශකවරයෙක් වෙන්නෙ නැහැයි කියන එක තරයේ හිතට ගන්න ඕන. ඒ නිසා, තමන් එහෙන් මෙහෙන් හොයාගත්තු ටෙක්නික්ස් පාවිච්චි කරලා තමන් තනියෙන් තමන්ගේ ජීවිතේ එපා වෙලා ඉන්න යාලුවව ගොඩදාන්න යන එක අන්තිම අවදානම්. ඇත්තටම තමන්ට පුළුවන් කොටස කරලා, එයාව මනෝ උපදේශන සේවාවකට යොමු කිරීම තමයි කළ යුතු දේ. එහෙම නැතුව තමන්ට සුදුසුකම් නැතිව මනෝ උපදේශක වැඩේ කරන්න යෑමෙන් අපි හිතනවට වඩා හානියක් කරන්න පුළුවන්.

හැබැයි තව දෙයක්. ජීවිතේ එපා වෙලා ඉන්න යාලුවෙක්ට මනෝ උපදේශනය වගේම, හොඳ යාලුවෙක්ගේ සපෝට් සිස්ටම් එකකුත් ඕන. අපිට අන්න ඒ සපෝට් සිස්ටම් එක වෙන්න පුළුවන්. ඒක තමයි අපෙන් වෙන්න ඕන.

දැන් පැහැදිලියිනේ ජීවිතේ එපා වෙලා, ජීවිතේ නැති කරගන්න තැනක ඉන්න යාලුවෙක්ට අපිට උදවු කරන්න නම්, නොකරන්න ඕන දේවල් ගැන. ඊලඟට අපි බලමු අපිට කරන්න පුළුවන් දේවල් ගැන.