September 21, 2024

Fly TV

Space of free media

ආදර සම්බන්ධතාවයක් විනාශ කරන නරක පුරුදු

 21,595 total views

අපේ බොහෝ දෙනා ආදරේ කරනවා. නමුත් මේවා දිගටම පවත්වාගෙන යනවද කියන එක තීරණය වන්නේ ආදරේ කරන දෙදෙනා මතයි. මොකද වර්තමානයේ බොහෝ වෙලාවට මේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. ඒකට හේතුව ඔවුන් අතර පවතින නොගැලපෙන අදහස් සහ නරක පුරුදු. මොකද අපි ආදරේ කරනකොට මොකක්ද කරන්න කියලා අපිට හිතා ගන්නවත් බැහැ. ඉතිං අපි අපිට ඕන ඕන විදිහට එක එක දේවල් කරන නමුත් මේ දේවල් දෙදෙනාගෙ මේ සම්බන්දෙට වැරදි විදියට බලපාන්න පුළුවන්. ඉතින් අපේ මේ ලිපියෙන් ගෙන එන්නේ මේ ආදරේ කරන කොට අපි නොකළ යුතු වැරදි පුරුදු කිහිපයක් සම්බන්ධව. ඔබටත් මේ වැරදි පුරුදු තියෙනවා නම් ඔබ කළ යුත්තේ ඒවා නැති කරල දාලා ඔබගේ සම්බන්ධය ඉදිරියටම ගෙන යාමයි.

1.තරහ හිතේ තියන් හිදීම

මෙන්න මේ තරහ හිතේ තියෙන ඉදීම් ගොඩක් වෙලාවට සිත කරන්නේ කාන්තා පාර්ශවය. මොකද දෙදෙනාගෙන් එක් අයෙකු අතින් වැරැද්දක් සිද්ධ උනහම ඔවුන් ඒ වැරැද්දට සමාව දෙනු වෙනුවට තරහ හිතේ තියෙන ඉන්නවනම් ඒක ගොඩක් නරක දෙයක්. ඔබ සමහර වෙලාවට වචනයෙන් සමාව දුන්නත් එය ක්‍රියාවෙන් පෙන්වන්නෙ නැහැ. එසේ සිත වෙන්න ඔබය තරහ තවමත් හිතේ තියාගෙන ඉන්න විට. ඉතින් ඔබේ සම්බන්ධතාවේ රැකගන්න නම් අනිවාර්යයෙන්ම ඔබට සමාව දෙන්න සිද්ධ වෙනවා. තරහ හිතේ තියන් හිඳීමෙන් වෙන්නේ ඔය දෙනාම ඈත් වෙන එක. ඉතිං ආදර සම්බන්ධයක් රැක ගැනීමට නම් අනිවාර්යයෙන්ම තරහ හිතේ තියන් ඉන්නේ නැතුව කතා කරලා විසඳගෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්න එක තමයි හොඳම දේ.

2.අධික ඉරිසියාව

අධික ඉරිසියාව කියලා කියන්නේ ආදරය කරනකොට ගොඩාක් වෙලාවට මතුවෙන දෙයක්. ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය වෙනත් පිරිමි හෝ කෙනෙකු හෝ ගැහැනු කෙනකු සමඟ කතා කරන විට ඔබේ හිතට යම් කිසි ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන්. නමුත් අසීමිතව ඇතිවන ඉරිසියාව ඒක නම් ඉතාම භයානක දෙයක්. සම්බන්ධතාවයක් ඉදිරියට ගෙන යන්න මේ ඉරිසියාවක් එක්ක ඔබට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ ඉරිසියාව තුළින් ඔබ අතර විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. ඔහුගේ පෙම්වතියට ඕකේ රැකියා ස්ථානය හෝ ඔහුගේ යාළුවන් සමග චාරිකාවක වත් නියැලෙන අවස්ථාවක් ලබා දෙන්නේ නැත්නම්, ඒ වගේම පෙම්වතාට ඔවුන්ගේ යෙහෙළියන් සමග කතා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැත්නම් ආදර සම්බන්ධතාවයක් ඉදිරියට ගෙන යන්න ගොඩක් අමාරුයි. මොකද අපි සැමවිටම තේරුම් ගන්න ඕනේ ඔවුන් කතා කළ සැක එතන යම්කිසි සම්බන්ධතාවක් තියෙනවා කියන එක නෙවෙයි. එහෙත් කෙනෙක් සමග කතා කරන සාමාන්‍ය නමුත් ඔබ දැනගන්න ඕන ඔබගේ සීමාව ඉක්මවා නොයන්න. සීමාව ඉක්මවා ගියොත් නම් එය වැරැද්දක් තමයි. ඔබ සලකන්න ඕන ඔබේ යහළුවන්ට යහලුවන්ට ආකාරයටත් පෙම්වතියට පෙම්වතියට ආකාරයටත් සලකන්න පුරුදු වෙන්න ඕනේ. යෙහෙළියකට පෙම්වතියකට ආකාරයෙන් සලකන්න ගියොත් ඉරිසියා කරන එක ඉතින් සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි ඔබ ඔබේ පිරිමි යාලුවාට පෙම්වතෙකුට ආකාරයෙන් සලකන්න ගියොත් ඒකත් ගොඩක් ප්‍රශ්න ඇති කරන්න පුළුවන් දෙයක් වෙනවා.ඉතින් ඔබ පුරුදු වෙන්න ඕනේ මේ අධික ඉරිසියාව කෙනෙකු නැති කරගන්න ඒ වගේම දෙදෙනාම පුරුදු වෙන්න ඕන සීමාව ඉක්මවා නොයන්න.

3.බොරුවට රඟන්න යන එක

අද ගොඩක් දෙනා පුරුදු වෙලා එන්න වගේ බොරුවට රගන්න යන එකට. සමාජයට පේන්න විතරක් ආදරය කරන අය තමයි අද ගොඩක් ඉන්නේ.ඉතිං ජීවිතේම බොරුවට රගන්න යන අයට කියන්නේ ඒක නම් හොඳම නැති දෙයක්. එයා නොකෑවොත් ඔයා කන්නේ නැහැ,එයා ආවෙ නැත්නම් මං මැරෙනවා ඔන්න ඔය වගේ විකාර අදහස් වලට තමා රඟනවා කියන්නෙ. මොකද ජීවිතේ එක කොටසක් විතරයි ආදරේ කියන්නේ. අපි මුලින් ඒක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් අරගත්ත නම් රගන්න යන්න ඕන වෙන්නේ නැහැ.ආදරේ කියන එක නිකම්ම අපි ගාව රැඳිලා තියෙනවා.

4.එකිනෙකා ගෞරව නොකිරීම

ආදර සම්බන්ධයත් ඉදිරියට ගෙන යන නම් මේ එකින් එකා අතර ගෞරවය කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ගෞරවය කියන කියන එකෙන් අදහස් වෙන්නේ ඔබ ඔහුට අවමන් නොකර හිදීම වෙන්නත් පුළුවන්.එසේ ඉන්න ඔබ උත්සාහ කරන්න ඕනෑ.හැම වෙලාවෙම කෙනෙක් ආදර ගෞරවයෙන් කටයුතු කරන්න.ඔවුන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසා දමන්නෙ නැතුව කටයුතු කරන්න. ඉතින් අපි ඕන කෙනෙක් කැමති තමන්ට ගෞරව කරනවා නම්. ඉතින් ගෞරවය කියන්නේ ආදර සම්බන්ධතාවකට අත්‍යවශ්‍යම දෙයක්.

5.කොච්චර කලත් හොඳක් නැති වීම

මෙන්න මේකත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක්.මොකද කියනවනම් අද ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා කොච්චර කලත් ඉන් හොඳක් දකින්න නැතිකම. මේක දෙපාර්ශ්වයටම පොදුයි.අපි පුරුදු වෙලා ඉන්නේ තමන් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරයි කියන බලාපොරොත්තුවකින්. එය එසේ සිද්ධ වෙනවා තමයි.ඒ උනාට මේකෙන් කියවෙන්නේ ඒක නෙවෙයි.ඔයා හැම වෙලාවෙම කොච්චර කලත් කොච්චර හොඳ කලත් ඒත් එයාගේ ප්‍රශංසාවක් නැත්තං එකෙන් වැඩක් නෑ.ඔබ කරන කියන දේ පිළිබඳ අගය කරන්න ඕනේ. එවිට තමයි ආදරය වුණත් දිගටම පවත්වාගෙන යන්න පුළුවන්.ආදර සම්බන්ධයක් නොනෑසී නොනැවතී පවතින්න නම් අපි එකිනෙකා අගය කරන්න ඕනේ.එකිනෙකාට ආදරය කරන්න ඕනේ.ඉතින් කොච්චර කලත් හොඳක් ලැබෙන්නේ නැත්නම් ඔවුන්ට ආදරේ කියන දේ එපා වෙනවා.ඉතින් එපා නොකර ආදරය කරන්න නම් අපි එකිනෙකා අගය කරමින් ඒ ආදරේට වටිනාකමක් ලබා දෙමින් ඔහු හෝ ඇය තමන් වෙනුවෙන් කරන කැපකිරීම් වලට වටිනාකමක් දෙන්න පුලුවන්නම් ඔබට ඔබට පුළුවන් ඔබේ ආදරය රැකගන්න පුළුවන්. හැම එකටම බනින්නෙ කෑගහන්නේ නැතුව කරන හොඳ දේත් අගයන්න පුරුදුවෙන්න. දිරිමත් කරන්න.ජීවිතය ජයගන්න දෙදෙනාම එකතු වී කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි ඔබේ ආදරේ තියෙන සාර්ථකත්ව පැතිකඩ වෙන්නේ.එයින් ඔබේ ආදරයත් වැඩි වෙනවා. ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාවක් ලැබෙනවා.