September 20, 2024

Fly TV

Space of free media

මුනේ තියන ලපය ගැන ශලනි කිවුව අමුතුම කතාව

 7,099 total views

කලා ලෝකය තුළ සිටින ජනකාන්ත ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා. එක්තරා නාලිකාවක පවත්වන රූප රාජිණි තරගයක් ජයග්‍රහණය කිරීමෙන් අහම්බෙන් කලා ලෝකයත් එක්ක අත්වැල් බැඳගන්නා ශලනි මේ වෙද්දි විශිෂ්ඨ ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදී අවසන්.ඒ වගේම මේ දිනවල බොහෝ දෙනෙක් ගේ ආදරය දිනාගෙන විකාශය වන කියාදෙන්න ආදරේ තරම් කියන ටෙලි නිර්මාණයේ ස්නේහා මිස් කියන චරිතය හරහා ඇය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.ඇය විසින් රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ අතර ගිරි දේවි ,අඩෝ , ආදී නිර්මාණයන් විශිෂ්ට නිර්මාණ ලෙස සම්මානයන්ගෙන් පවා පිදුම් ලැබුවා. ශලනි කියන්නේ කොයි තරම් විශිෂ්ට රංගන ශිල්පිනියක්ද කියනවා නම් විටෙක ඇය අවුරුදු ගණනාවක් තුළ කලා ලෝකෙ අලුත් නොවුණු වාර්තාවක් අලුත් කරන්නට පවා සමත් වුණා.

ඒ විදිහට ඇය වාර්තාවක් තියන්නට වාසනාවන්ත වුණේ එක්තරා අවස්ථාවකදි සම්මාන උළෙලකදී හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය යන සම්මාන ද්විත්වයම හිමිකර ගනිමින්. තමන්ගේ කුසලතාවයන් කලා ලෝකයට විතරක් සීමා නොකරන ශලනී පසුගිය දවසක කෙටි චිත්‍රපටයක්ද අධ්‍යක්ෂණය කරන කාර්යයට අත ගැහුවා. ඒ සඳහාත් ඇයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණු කියලා ආරංචියි. මේ තරම් කුසලතාවන්ගෙන් පරිපූර්ණ වූ මේ සොඳුරු රංගන ශිල්පිනිය නැවත වතාවක් සම්මානයෙන් ඇගයීමට ලක් වෙන්න වාසනාවන්ත වුණා.ඒ පසුගිය දිනක පැවැත්වුණු රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානය දිනා ගැනීමත් සමගයි.

මේ සම්මානය දිනාගත් ශලනි තාරකා ඒ වෙනුවෙන් ඇයට උදව් උපකාර කල සියලුම දෙනා වෙනුවෙන් හද පිරි ස්තූතිය ප්‍රකාශ කළේ මුහුණු පොතේ සටහනක් එකතු කරමින්.ඉතින් ඒ ගැන ඇය කියන්නේ මේ විදිහටයි. ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මෙවරත් ජනප්‍රියම නිළිය වෙන්න වාසනාව ලැබෙයි කියලා. හොඳම නිළියටත් මාව නිර්දේශ වෙලා තිබුණා. ඉතිං නොකඩවා දෙවැනි වරටත් මාව ජනප්‍රිය නිළිය කළ මගේ රසිකයන්ට ස්තූතිවන්ත වෙනවා.කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම ඕනෑම කාන්තාවක් මේ ලෝකේ අහන්න ආසම වචනය තමයිලු තමන් ලස්සනයි කියලා කියන දේ. ඉතින් ඒ වචනය ඇහෙනකොට ඇයටත් ඒ වගේම සතුටක් දැනෙනවාලු.

ඒ වගේම ඇයට ඒ වෙලාවේ තව දෙයක් හිතෙනවාලු. ඒ තමයි කෙනෙක්ව අගය කරන්න වචනයක් කියන කෙනෙක් මොන තරම් සුන්දර හදවතක් තියෙන කෙනෙක් වෙන්න ඕනෙද කියන එක. ඉතින් ඒ වගේම ලස්සන ලැබෙන්න පෙර පිනක් තියෙන්න ඕනේ කියලත් ඇය කියනවා. ඒ වගේම ලස්සන නිසා කාන්තාවකට විශේෂ පිළිගැනීමක් ලැබෙනවා කියලත් ඇය විශ්වාස කරනවාලු. ඒ වගේම ඇයගේ මුහුණේ තියෙන උපන් ලපය දැන් ඇයව හඳුනාගැනීමේ අනන්‍යතාවක් බවට පත් වෙලා තියනවාලු. නමුත් ඇය නම් ඇත්තටම කැමතියිලු ඒක අයින් කරන්න. ඒත් අම්මා කැමති නැති නිසා තමයිලු උපන් ලපය තියාගෙන ඉන්නේ.

ඉතින් හැම අතින්ම දස්කම්පන ඇය තවමත් තනිකඩව සටීම ගැන සහ ඇය ආදරය ගැන හිතන ආකාරය ගැන අපිට කිවුවේ මේ විදිහටයි. මම හිතන්නේ ආදරය කියන්නේ අවංක හැඟීමක්. එක්තරා විදිහක ලොකු කැප කිරීමක් සහ පරිත්‍යාගයක්. ඇත්තටම මට නම් ආදරේ ගැන හිතන්න වෙලාවක් නැහැ.හැබැයි දෙන්නෙක් තේරුම් අරගෙන දෙන්නට දෙන්නා උදව් කරගෙන ජීවිතයේ ඉස්සරහට යනවා නම් එතැන ආදරේ පවතිනවා. ආදරය කියන දේ වචනයකට සීමා කළාට තේරුමක් වෙන්නේ නැහැ. මොකද අවංකම දෙන්නකුට දෙන්නෙක් කැපවීමෙන් ඉන්න ඕනේ.

දෙන්නට දෙන්නා අවංක වෙන්නත් ඕනේ.විවාහය කියන්නෙත් ජීවිතයට අවශ්‍ය දෙයක්. දැන් නම් විවාහ වෙන්නත් කාලය හරි. හැබැයි මම වයසට යනවා නේද කියලා හිතලා කවදාවත් විවාහ වෙන්නේ නැහැ. මාව තේරුම් ගත්ත මට ආදරේ කරන කෙනෙක් ලැබුණු දවසට මම ආදරේ කරනවා. මට ඕනේ මාත් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. කසාද බැඳලා ඩිවොස් වෙන්න මම කොහොමත් කැමැති නැහැ. මට ගැළපෙන කෙනෙක් හමුවුණාම මම විවාහ වෙයි. නැත්තම් මම හැමදාම තනියම ජීවත් වෙයි. ඒ ගැන මම ලොකුවට හිතන කෙනෙක් නොවෙයි.