September 20, 2024

Fly TV

Space of free media

නොකඩවා දවස් 30ක් උදෑසන හිස්බඩට උණු වතුර වීදුරුවක් පානය කිරීමෙන් සිදුවෙන දේවල් 10 ක්

 12,236 total views

ගොඩක් දෙනා උදෑසන අවදි වූ පසු දවස පටන්ගන්නේ තේ හෝ කෝපි කෝප්පයක් පානය කරලයි.හැබැයි මේ වෙනුවට උදෑසන හිස්බඩ උණුවතුර වීදුරුවක් පානය කරන්න පුරුදු වුණොත් ඔබේ සිරුරට ඔබ නොහිතන අන්දමේ බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගැනීමට හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.මේ එවැනි ප්‍රතිලාභ කිහිපයක්.

නාසයේ අවහිරතා දුරුකරයි.

උණු වතුර කෝප්පයෙන් නැගෙන උණුසුම් වාෂ්ප ඔබේ නාසය හා උගුර හරහා ගමන් කර ශ්ලේෂ්මල පටල උණුසුම් කරමින් සෙම් සො‍ටු බුරුල් කරවයි.උණු වතුර පානය කිරීම මඟින් සෙම බැඳීම නිසා උගුරේ ඇතිවූ අපහසුතා සමනය වී යයි.නාසයේ බර ගතිය හා කැස්ස සමනය වීමට තේ වගේ උණුසුම් පාන වර්ග ඉතා ගුණදායි බව පෙන්වාදෙනවා.

ජීර්ණ ක්‍රියාවලිය නීරෝගි කරයි ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිදුවීම සඳහා හොඳින් වතුර පානය කළ යුතුයි.උණු වතුර මේ කාර්යයට හොඳින් සහය දෙයි.බඩවැල් හරහා වතුර ගමන් කරමින් මල අපද්‍රව්‍ය බැහැර කරවයි.උදෑසන කාලයේ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීමෙන් ආහාර ජීර්ණ මාර්ගය හොඳින් උත්තේජනය වෙයි.ආහාර ගැනීමෙන් පසු සීතල වතුර පානය කිරීමේදී ඒවයේ අඩංගු මේද ද්‍රව්‍ය ඝනවී සිරුරේ තැන්පත්වීමේ අවදානම වැඩියි. ඒවගේම ජීර්ණ ක්‍රියාවලියට ද අසීරුතා ඇතිවිය හැකියි.උණු වතුර පානය කිරීමෙන් මේ තත්වය වළක්වාගත හැකියි.උදෑසනින්ම නිකම් උණු වතුර පානය කරන එක අපහසුයි වගේ දැනෙනවා නම් වතුර වීදුරුවට ලෙමන් බිංදු කිහිපයක් මුසුකරගන්න.මින් වඩාත් ඉහළ මට්ටමේ ප්‍රතිඵල සිරුරට ලබාගත හැකියි.

සිරුරේ බර අඩුකරයි උණු වතුර පානය කිරීමෙන් සිරුරේ බර රාත්තල් කිහිපයකින් අඩුකරගැනීමට හැකියාව ලැබේවි.සෞඛ්‍ය සම්පන්න ආහාර පාන වගේම ව්‍යායාම ද මෙහිදී ඉතා වැදගත් බව අමතක නොකළ යුතුයි.බර අඩුකරගන්න අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඔබත් දිනපතාම හොඳින් වතුර පානය කරන්න.උණු වතුර පානය කිරීමේදි සිරුරේ උෂ්ණත්වය ඉහළ යාමක් සිදුවෙන නිසා සිරුරේ පරිවෘත්තිය වේගය ද ඉහළ යයි . පරිවෘත්තිය යනු ආහාර ශක්තිය බවට පරිවර්තනය කෙරෙන සංකීර්ණ ප්‍රතික්‍රියා මාලාවයි.පරිවෘත්තිය වේගය ඉහළ යාම නිසා දවස පුරා හොඳින් කැලරි දහනය වෙමින් සිරුරේ බර අඩුවීමට ඵලදායි ලෙස දායක වෙයි.ලෙමන් යුෂ මිශ්‍ර උණු වතුර පානය කිරීම මේ සඳහා තවත් හොඳ උපක්‍රමයක්.

ඒ හරහා සිරුරේ තැන්පත් වූ මේද කොටස් දිය කිරීම හා ආහාර වලට ඇති ආශාව පාලනය කිරීම සිදුවෙයි.ඊට හේතුව ලෙමන් වල පෙක්ටීන් නම් තන්තු විශේෂය අන්තර්ගත වීමයි.මේවා මඟින් නිතර නිතර බඩගිනි ඇතිවීම පාලනය කරයි.

වඩාත් හොඳින් නින්ද යයි උදෑසන කාලයේ උණුවතුර පානය කිරීමට පුරුදු වීමෙන් ඔබේ රාත්‍රී නින්ද වඩාත් සුවපහසු එකක් කරගත හැකි බව සඳහන් වෙයි.දිනකට පැය 7-8ක් පමණ හොඳ නින්දක් ලැබීම සිරුරේ නීරෝගීබවට ඉතා වැදගත්. නින්ද නොමැතිකම ආතතිය ඇතුළු බොහෝ නිදන්ගත රෝග වලට හේතු සාධක විය හැකියි.රාත්‍රි කාලයේදී ද ආහාර ගැනීමෙන් පසු උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීමට පුරුදු වෙන්න.උණුසුම් වතුර මඟින් සිරුරේ මාංශ පේශී ලිහිල් වීමට,ස්නායු සමනය වීමට සහය දෙයි.එහි ප්‍රතිඵලයක් ලෙස ඉතා සුලු වෙලාවකින් ඔබට නින්දට පත්විය හැකි වෙයි.

Rest And Relax Concept. Beautiful peaceful black lady stretching arms after wakeup, enjoying sunny morning, millennial African American female lying under blanket in bed with white bedsheets

මධ්‍යම ස්නායු පද්ධතියේ නීරෝගී ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරවයි උදෑසන අවදි වූ පසු සිරුරේ මලානික ගතියක්,ව්‍යාකූල ගතියක්, අවධානය යොමුකළ නොහැකි ගතියක් දැනෙනවා ද? එහෙනම් හොඳ උණුසුම් වතුර වීදුරුවක් පානය කරන්න පටන්ගන්න.උණුසුම් වතුර ඔබේ ස්නායු පද්ධතිය හා මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා ධනාත්මක බලපෑමක් ඇතිකරවන බව අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙනවා.එමෙන්ම මේ පුරුද්ද කාංසාව අඩුකරමින් ඔබේ මනෝභාවය (mood) ද යහපත් කරවන බව පෙන්වාදෙනවා.

සම අකලට වියපත්වීම පාලනය කරයි සම අකලට ‍රැලිවැටීම, එල්ලාවැටීම වළකන බව පැවසෙන බොහෝ නිෂ්පාදන වර්ග වෙළඳපොලේ තිබෙනවා. නමුත් උණු වතුර කියන්නේ ඔබේ සමට එම ප්‍රතිලාභ නොමිලයේම ලබාදෙන අපූරු විසඳුමක්.කෘතිම හා ක්ෂණික ආහාර පාන නිසා සිරුරට ඇතුල් වන විෂ ද්‍රව්‍ය සහ ශ්වසන මාර්ගයෙන් ශරීරගත වන අවට පරිසරයේ ඇති විෂ අපද්‍රව්‍ය මඟින් අපේ සිරුරේ නීරෝගි පැවැත්මට බාධා එල්ල වෙයි.මෙවැනි විෂ ද්‍රව්‍ය නිසා සිරුර වේගයෙන් වියපත් වීමට පටන්ගනියි.අකලට වියපත්වීම මෙන්ම සිරුරේ විවිධ ලෙඩ රෝග වලට මෙවැනි විෂ ද්‍රව්‍ය පිරීම හේතුවක්.උණු වතුර පානය කරන විට මෙම ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම පහසු වෙයි. එවගේම පුරුද්ද සමේ සෛල අලුත්වැඩියා වීමට වගේම සමේ සවිමත්බව වැඩිදියුණු කිරීමට ද සහය වෙයි.

මලබද්ධය වළකයි මලබද්ධය කියන්නේ බොහෝ දෙනෙක් පීඩා විඳින බඩවැල් ආශ්‍රිත ගැටලුකාරි තත්වයක්. මල අපද්‍රව්‍ය ක්‍රමවත් ලෙස නිතිපතා සිරුරෙන් බැහැර වීම සඳහා උණු වතුර පානය කිරීමේ පුරුද්ද බොහෝ සෙයින් උපකාරී වෙයි.ඔබත් මේ තත්වයෙන් පෙළෙනවා නම් හිස්බඩ උණු වතුර වීදුරුවක් පානය කිරීම වඩාත් සුදුසුයි.මලබද්ධයට ප්‍රධාන හේතුවක් වන්නේ සිරුරේ විජලනයයි. කාන්තාවන් තුළ මලබද්ධය ඇතිවීමට ඔවුන්ගේ සිරුරු තුළ ඇතිවන හෝර්මෝන ක්‍රියාවලින් ද හේතු වෙයි. එම නිසා කාන්තාවන්ට මෙය වඩාත් හිතකර සෞඛ්‍ය පුරුද්දක් වේවි.

වේදනාව සමනය කරයි ඔසප් සමයේදී බඩේ ඇතිවන අපහසුතා සමනය කිරීම සඳහා මේ පුරුද්ද උපකාරී වෙයි. උණු වතුර මඟින් පේශී ලිහිල් වීමට සහය වෙන නිසා බඩේ කැක්කුමට සහනයක් සැලසෙයි. සිරුරේ හටගන්නා වෙනත් මාංශ පේශි කැක්කුම් සමනය වීමට ද සහය වෙයි.

රුධිර සංසරණය වැඩිදියුණු කරයි සිරුරේ මේද තැන්පත්වීම් රුධිර ගමනාගමනයට බාධා ඇතිකළ හැකියි. උණු වතුර පානය කිරීමෙන් මෙසේ සිරුරේ තැන්පත් වූ මේද කොටස් ඉවත් කිරීමට සිරුරට සහය වෙයි. උණු වතුර ස්නානය කිරීමේදී ද ධමනි සහ රුධිර නාළ පුළුල් වී සිරුරේ රුධිර සංසරණය ඉහළ යයි.

ප්‍රීතිමත් බව වැඩිකරවයි දිනකට හොඳින් දියර පානය කිරීම පුද්ගලයාගේ ප්‍රීතිමත් ස්වභාවය වැඩිවීමට සහ ධනාත්මක චිත්තාවේග ඉහළ යාම කෙරෙහි බලපාන බව අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.යහපත් මනෝභාවයක් පවත්වාගැනීමට සිරුර විජලනය වීම වළක්වාගැනීම ඉතා වැදගත්. උණු වතුර පානය කිරීම ඔබේ මනෝභාවය යහපත් වීමට හොඳ සහයක් ලබාදෙයි.