September 20, 2024

Fly TV

Space of free media

දරු ඵල පමා උන කාන්තාවන්ට ඉක්මණින් දරු ඵල ලබාදෙන පැල මුං සතු ගුණ 8 ක්

 13,681 total views

දරුවෙක් අපේක්ෂාවෙන් සිටින ඔබගේ කිරි සිහිනය පමා වෙනවා නම් ඔබ ඔබේ ආහාර රටාව ගැන සැලකිලිමත් වන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දේහයේ උෂ්ණය වැඩිවීම වගේම සරු බව අඩු වීම නිසා දරුවෙකු පිළිසිද ගැනීම පමා වෙන්නට හැකියාව තියෙනවා. ඒ සඳහා ගර්භාෂය සිසිල් කරන ඩිම්බ මේරීමට සහ ශුක්‍රාණුවල සරු බව වැඩි කරන්නට දායක වෙන ආහාර පාන ගැන ඔබ වඩාත් සැලකිලිමත් වීම වැදගත්. ඉතින් මුං ඇට කියන්නේ කොතරම් ගුණයෙන් ඉහළ ධාන්‍ය වර්ගයක් ද යන්න අපි හැමෝම දන්නවා. ඉතින් මුං ඇට ශරීරයේ උෂ්ණය නසන්නට උපකාරී වෙන ධාන්‍ය වර්ගයක්. ඉතින් මේ පැල මුං කියන්නේ මුං ඇටවලට වඩා විශේෂ ගුණයන්ගෙන් සමන්විත ආහාරයක්. විශේෂයෙන්ම දරුවෙක් බලාපොරොත්තුවෙන් යුවලක් ආහාරයට එකතු කරගත යුතුම මේ පැල මුං ගැනයි අද අපි කතා කරන්නේ.

ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන කාන්තාවක් නම් ඔබ ඔබගේ ඔසප්වීම සිදුවීමෙන් පසුව දිනපතාම පැල මුං ආහාරයට එකතු කරගත්තොත් ඔබේ ඩිම්බවල මේරීමේ හැකියාව ඉතා ඉක්මනින් වැඩි වෙනවා. ඒ වගේම පුරුෂ පාර්ශවය මේ පැල මුං ආහාරයට ගැනීමෙන් ශුක්‍රාණුවල සජීවී බව සහ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා.

පැල මුං සාදා ගන්නා ආකාරය

මුලින්ම මුං ඇට තුන් වරක් පමණ සෝදා ගන්න.
සෝදාගත් මුං ඇට පියනක් සහිත භාජනයකට දමා මුං ඇට මෙන් දෙගුණයක් වතුර එකතු කර වසන්න.
ඉන්පසුව පැය 24 ක් තබන්න.
පෙගුණු පසු ජලය පෙරා ඉවත් කර ගන්න.
ඉන්පසුව ඉතා තුනී කපු රෙදි කෑල්ලක් වතුරෙන් තෙමාගෙන එය පෙනේරයකට දමා සෝදාගත් මුං ඇට ටික රෙදි කඩට දමන්න. ඉන්පසුව කොන් සතරෙන් මුං ඇට ටික වසා නැවත එයට උඩින් වතුර කෝප්පයක් පමණ එකතු කර හොඳින් වසා තබන්න. පෙනේරය හෝ සිදුරු ඇති කූඩය යටින් ජලය එකතු වෙන්නට භාජනයක් තබන්නත් මතක තබා ගන්න.ඒ වගේම දවසට දෙපාරක් පමණ උදේ 6- 7 සහ රාත්‍රී 7-8 පමණ මුං ඇටවලට වතුර එකතු කරන්න. නැවත එය වසා තබන්න.

ඉතාමත් උෂ්ණ ප්‍රදේශයක ඔබ ජීවත් වෙනවා නම් මේ මුං ඇට බදුනට තුන් වරක් දවසට වතුර දැමිය යුතුයි. මේ එකතු කරන ජලය පෙරී එකතු වෙන්නට තබා ඇති සාස්පානේ වතුර ඉවත් කිරීමත් කළ යුතුයි.

දවස් 3 කින් පසුව ඉතා හොඳින් මේ මුං ඇටවල මුල් ඇදී තිබෙනවා ඔබට දැක ගන්නට පුළුවන්. තරමක් දිගට මුල් ඇදීමට අවශ්‍ය නම් දවස් 5 ක් පමණ තබා ගත යුතුයි. ආහාරයට ගන්නට පෙර නැවත මේ පැල මුං සෝදා ගන්නට මතක තබා ගන්න. නමුත් මේ පැල මුං අමුවෙන් ආහාරයට ගැනීම සුදුසු නැහැ. මොකද මේවායේ සැල්මොනෙල්ලා වෛරසය තියෙන නිසා.

පැල මුං සතු විශේෂ ගුණ

කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ සරු බව වැඩි කරනවා.
දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.
මානසික ආතතිය දුරු කරනවා.
විෂාදයෙන් පෙළෙන රෝගීන්ට ඉතාම ගුණදායකයි.
දේහ බර අඩු කරන්නට උපකාරී වෙනවා.
හදවත නීරෝගි කරනවා.
කොලෙස්ටරෝල් පාලනය කරනවා.
ආහාර ජීර්ණය පහසු කරනවා.
මල බද්ධය ඇතිවීම වළක්වනවා.
පැල මුං ව්‍යංජන, බැදුම්, සලාද, සැලඩ්, ඔම්ලට්, ආදී වශයෙන් රසවත්ව විවිධත්වයකින් පිළියෙල කරගෙන ආහාරයට ගන්නට පුළුවන්.

Dialium guinense, Kafoutine, Senegal, (586/1)

පැල මුං ඔම්ලට්

පැල මුං මේස හැදි 2 ක්
බිත්තර 2 ක්
ලොකු ළූණු ගෙඩි භාගයක්
ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක්
අමු මිරිස් කරල් 2 ක්
කරපිංචා
සිහින්ව ලියාගත් කැරට් හා ලීක්ස් ස්වල්පයක්
රස අනුව කෑලි මිරිස්, ගම්මිරිස් සහ ලුණු
මේ සියල්ල අවශ්‍ය ප්‍රමාණවලින් එකතු කර හොඳින් බීට් කර ගන්න. ඉන්පසු එයට ඔලිව් තෙල් මේස හැන්දක් දමා මිශ්‍ර කරගෙන සාමාන්‍ය පරිදි ඔම්ලට් එක සකසා ගන්න.

ඒ වගේම සුප් සකසන විට පැලං මුං ටිකක් ඔබට එකතු කර ගන්නට හැකියාව තියෙනවා. එමගින් රසයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ.ඒ වගේම සුප් එකේ ගුණයත් තවත් වැඩි වෙනවා.

ඉතින් ගැබ් ගැනීමක් අපේක්ෂා කරන කාන්තා පුරුෂ දෙපාර්ශවයට වගේම වැඩෙන දරුවන්ටත් වැඩිහිටි උදවියටත් ඉතාම ගුණයෙන් ඉහළ ආහාරයක් තමයි මේ පැල මුං ඇට. එය රසවත්ව විවිධත්වයකින් යුක්තව පිසීමට හැකි නිසා ආසාවෙන් ආහාරයට ගන්නත් පුළුවන්.