September 20, 2024

Fly TV

Space of free media

ඔබ කුමක් හෝ රෝගයකින් ඔබ නොදැනුවත්ව පෙලෙනව නම් මෙන්න හොයාගන්න ක්‍රම 10 ක්

 64,193 total views

ඔබටත් ලුණු කෑමට වගේම අයිස් හැපීමට බොහෝ ආසාවක් ඇති වෙනවාද ? එසේනම් එයනම් හොදකට වෙන්න බෑ. මෙම ආශාව ගැඹුරු ගැටලුවක පෙර සලකුණක් විය හැකී. මෙසේ පවසන්නේ අපිනම් නෙමේ මේ පිළිබද පර්‍යෙෂන සිදු කල පර්‍යේෂකයින්.මෙය ඛනිජ හා විටමින් නොමැතිකමක සලකුනක් වෙන්නත් පුළුවන් කියල ඔවුන් පවසනවා. මේ නිසා ඔබ ඔබේ පුරුදු පිළිබද හොද සැලකිල්ලකින් සිටිය යුතුයි. අද අපි ඔබට අරගෙන ආවේ මේ වගේ ඔබ සැලකිල්ලෙන් සිටිය යුතු පුරුදු කිහිපයක් ගැන. ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ.

olඔබේ කකුල් වලට අමුතු සන්වේදනයක් දැනීම.

ඔබේ කකුල් වලට චලනය වීමට ආශවක් දැනීම වැනි අමුතු සන්වේදනයක් තිබෙනවාද ? එසේනම් එය restless leg රෝගයේ ලක්ෂනයක් විය හැකී. මෙම අබාධය දිගු කාලීන එකක් වන අතරම ඔබ විවේකයක් ලබා ගැනීමට උත්සාහ කරන විට රාත්‍රියේදී ඔබට මෙම අසහනය දැනීම සිදු වෙනවා.&

02. සම ඝනවීම

ඔබ සාමාන්යෙන් ඔබේ සමේ ගැටලු නොසලකාහරිනවාද ? එසේ කරන්න එපා. හෝමෝන ආබාධ, දද හෝ අසාත්මිකතා වැනි අභ්‍යන්තර ගැටළු රාශියක සලකුණු විය හැකී මේ සමේ ගැටලු. ඔබට රුධිර පරීක්ෂණ කිහිපයක් කළ හැකී ඔබේ සමේ ගැටලු සුව නොවී වර්ධනය වන බවක් ඔබට පෙනෙන්නට තිබෙනවා නම්.

03. අත් අකුරු වල වෙනසක්, සුවඳ නැතිවීම සහ දැඩි සිහින

පාකින්සන් රෝගය පිළිබද සමහර විට ඔබත් අසා ඇති. නමුත් ඔබට මෙහි රෝග ලක්ෂණ පිළිබදව නම් සමහර විට අසන්නට ලැබී නැතුව ඇති. වෛද්‍යවරු පවසන ආකාරයට මෙම රෝගයේ ලක්ෂන ලෙස චලනය මන්දගාමී වීම, නපුරු සිහින සමඟ නින්ද නොයාම සහ කථන හා ලිවීමේ වෙනස්කම් ගත හැකී.

4 කෝපය හා ආක්‍රමණශීලී හැසිරීම<

ඔබ සිතන්නේ කේන්තියාම ආක්‍රමණශීලී වීම සැමවිටම පෞර්ෂත්වයේ දුර්වලතාවයන් කියාද. ඇත්තෙන්ම සැමවිටම එය එසේ නොවේ. සමහර පර්යේෂක‍යින් පවසන ආකාරයට මානසික අවපීඩනයට මෙහි සම්බන්ධතාවයක් තිබෙනවා. ශක්තිය නොමැතිකම හෝ දුක අත්විඳීම පමණක්ම නෙමේ මේ මානසික අවපීඩනය ලෙස හදුන්වන්නේ. ආක්‍රමණශීලී හැසිරීම්ද ඇති වෙන්නේ මේ මානසික අවපීඩනය නිසා තමා.

>05. ඕනෑවට වඩා නිදාගැනීම

හයිපර්සොම්නියා ලෙස මෙම ආබාධය හැදින්වෙනවා. වෛද්‍යවරු පවසන ආකාරයට මෙය ඇති වන්නේ ඔබ වෙහෙස වන නිසාම නොවේ. ඕනෑම තැනක නිදා ගැනීමට අවශ්‍ය යැයි හැඟීමක් සමහර ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇතිකරනවා. මීට හේතු වෙනවා ඔබ නිදාගැනීමට පෙර මත්පැන් පානය කිරීමත්.

06. අක්ෂි වර්ණය වෙනස් වීම

එය අවුරුදු 45 ට අඩු පුද්ගලයින් සඳහා ඉහළ කොලෙස්ටරෝල් ඇති බවට තිබෙන සලකුණක් ලෙස ඇස්වල කෝනියා වටා සුදු හෝ අළු පැහැති වළල්ලක් තිබීම ගත හැකී කියල වෛද්‍යවරු පවසනවා. දෘශ්‍ය බලපෑමක් ඇති කිරීමට මීට හැකියාවක් තිබෙනවා.

07. ලුණු ආහාරයට ගැනීමට අධික ලෙස ආශාවක් ඇති වීම.

ඔබ ලුණු සහිත ආහාර වලට ඇලුම් කරන පුද්ගලයෙක් විය හැක. එය සාමාන්‍ය දෙයක් වන්නට පුළුවන්. නමුත් ඔබට ලුණු ආහාරයට ගැනීම වැළැක්වීමට නොහැකි ලෙස අධික ලෙස ලුණු වලට ආශාවක් ඇති වෙනවා නම් එය නම් සැලකිලිමත් විය යුතු දෙයක්. යකඩ ඌනතාවය, රක්තහීනතාවය, විජලනය හෝ පූර්ව ඔසප් වීමේ සින්ඩ්‍රෝමය මෙයින් සංකේතවත් කළ හැකි බව තමා වෛද්‍යවරුන් පවසන්නේ.

08. අමතකවීම, තෙහෙට්ටුව සහ අඩු ලිබිඩෝවක්

ඔබ වෙහෙසට පත්ව සිටින බවක් පෙනෙන නිසා හා දේවල් මතක තබා ගැනීමට ඔබට ශක්තියක් නොමැති නිසා බොහෝ විට මිනිසුන් මෙ‍ය මානසික අවපීඩනය ලෙස පටලවා ගන්නවා. ශරීරයේ තයිරොයිඩ් හෝමෝන ප්‍රශ්නයක් නිසාද මෙම තත්ත්වය ඇති වීමට පුළුවන්. ඔබේ බර වැඩි වීම වගේම ඔබට සීතලක් දැනීමත් මෙම තත්ත්වය නිසා ඇති වන්නට පුළුවන් බව වෛද්‍යවරුන්ගේ මතයයි.

09. සෑම විටම පිපාසය දැනේ

පර්‍යේෂකයින් පවසන ආකාරයට සෑම විටම පිපාසය දැනීම සාමාන්‍ය තත්ත්වයක් නොවේ. ඔබ කුළුබඩු සහිත හෝ ලුණු සහිත නිෂ්පාදන වැඩිපුර අනුභව කරන්නේ නම් මෙම තත්ත්වය සාමාන්‍ය විය හැකි. නමුත් මෙය මෙසේ නොවේ නම් දියවැඩියාව හෝ ගැබ් ගැනීම පිළිබඳ සලකුණක් වන්න පුළුවන් මෙය.

10. අයිස් සැපීමට ඇති ආශාව.

මෙම අසාමාන්‍ය ආශාවට හේතුව යකඩ ඌනතාවය හෝ රක්තහීනතාවය වන්නට පුළුවන්. රුධිර පරීක්ෂණ කිහිපයක් කරවා ගෙන ඔබට මෙය තහවුරු කර ගත හැකී.

ඔබේ ශරීරයේ තත්වය පිළිබඳ කරුණු හෙළි කළ හැකි තවත් ඔබ දන්නා මෙවැනි දෑ තිබේ නම් අපත් සමග බෙදා ගැනීමට අමතක කරන්න එපා.