May 19, 2024

Fly TV

Space of free media

නිතරම ඇදීමට නුසුදුසු අනතුරුදායක ඇදුම් වර්ග 9 ක්

 49,329 total views

විලාසිතා කියන්නෙ අද වෙනකොට ගැහැණු පිරිමි දෙපිරිසම ගොඩක් උවමනාවෙන් සිදුකරන දෙයක්. ඒත් හැම විලාසිතාවක්ම අපට ගැලපෙන්නෙ නෑ. ඒ වගේම විලාසිතා තෝරගන්නකොට නිතරම අපේ සෞඛ්‍යයට අහිතකර නොවෙන්නත් අපි වගබලා ගන්න ඕන.

අපිත් ඔයාගෙ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන නිසා මිනිසුන් දිනපතා අඳින විලාසිතාවල අහිතකර පැත්ත ගැන ඔයාට කියලා දෙන්න හිතුවා. සමහර විට ඔයත් අහිතකර බව නොදැන මේ විලාසිතා කරනවද කියලා දැනගන්න නම් ලිපිය හොඳින් කියවන්න.

01. ඇඟට හිර ජීන්ස්

හොඳ ජීන්ස් එකක් කියන්නෙ ලෝකෙ තියන වඩාත්ම ලස්සන ඇඳුමක්. ගොඩක් ගැහැණු ළමයි සහ කාන්තාවන් එයාලගෙ ලස්සන උකුල සහ කකුල් ඉස්මතු කර ගැනීමට මේ විදිහට ඇඟට හිර ජීන්ස් අඳිනවා. හැබැයි මේකෙ නරක පැත්තකුත් තියනවා. මොකද මේ ඇඟට හිර ජීන්ස් ඇඳීමෙන් රුධිර සංසරණයට බාධා ඇති වීම නිසා නගර ගැට ගැසීම සහ සම බුරුල් වීම වගේ ප්‍රශ්න ඇතිවෙනවා. ජීන්ස් එක ශරීරයට ඉතා සමීපව තියන නිසා සමට “හුස්ම ගැනීමට” නොහැකි වෙනවා. එමගින් උකුලේ සහ බිකිනි ප්‍රදේශයේ පවා රෝම වැඩියෙන් ඇතිවෙන්න පුලුවන්.

02. අඩි උස සපත්තු

කාන්තාවක් අඩි උස සපත්තු පැළඳ සිටින විට, ඇයට වඩාත් ලස්සන සහ ආකර්ෂණීය පෙනුමක් ලබෙනවා. හැබැයි මේකෙන් කියන්නෙ හැමදාම උස සපත්තු දාන්න ඕන කියලා නම් නෙවෙයි. මේ ආකර්ෂණීය විලාසිතාමය අයිතමය, කොන්දේ වේදනාව, කකුල් වේදනාව සහ කකුල් ඉදිමීමටත් හේතු වෙනවා. ඒ වගේම නිතරම උස සපත්තු පැලඳීමෙන් හර්නියා වගේම කොඳු ඇට පෙළ ඇද වීම වගේ තත්ව ඇති වෙනා පුලුවන්.

03. පැතලි යටි පතුල් සහිත සපත්තු

පැතලි සපත්තු සම්පූර්ණයෙන්ම හානිකර නොවන බව පෙනුණත්, කකුල්වල බර අසමාන වෙන නිසා මේ සපත්තු ඔයාගෙ සෞඛ්‍යයට ගොඩක් හානිකර විය හැකි බව වෛද්‍යවරු කියනවා. ඇවිදිනකොට කම්පනය අවශෝෂණය වෙන්නෙ නෑ. මෙමගින් යටිපතුලේ නම්‍යතාවය නැති වී කකුල යට කොටස පැතලි වෙනවා. එමගින් පාදයේ වේදනාව සහ කොන්දේ වේදනාව ඇති වෙන්න පුලුවන්. ඒ වගේම කකුල පෙරළීම හෝ දණහිසේ සහ උකුලේ විකෘතිතාවයටත් හේතු වෙනවා.

04. පුෂ් අප් බ්‍රා

මෙම බ්‍රා වර්ගය කාන්තාවන් අතර ගොඩාක් ජනප්‍රියයි. එමගින් පියයුරුවලට වැඩිපුර වටකුරු පෙනුමක් සහ උසක් ලබා දුන්නත් ඇත්තටම මේ බ්‍රා එකේ විශේෂ කොටස් මගින් පියයුරු විකෘති කර කෘතීම ආධාරක මත ඒවා රඳවා තැබීමට සලස්වනවා. ඒ විතරක් නෙවෙයි, පුෂ් අප් බ්‍රා මගින් රුධිර වාහිනී අවහිර වන අතර පියයුරු මත ඇති වන නිරන්තර පීඩනය නිසා පිළිකා ඇති වෙන්නත් ඉඩ තියනවා

05. අව් කණ්ණාඩි

අව් කණ්ණාඩි කියන්නෙ නවීන උපාංගයක් වගේම සූර්යාලෝකය ඉතා දීප්තිමත් වෙනකොට අපට නැතුවම බැරි දෙයක්. කොහොම වුණත්, ප්‍රමාණවත් ආලෝකයක් නොමැති විට, සවස් වරුවේ හෝ නිවස ඇතුළතදි වුණත් අව් කණ්ණාඩි පළඳින්න හොඳ නෑ. එමගින් ඔයාගෙ ඇසේ අමතර පීඩනයක් ඇති කරලා ඇසේ සුද ඇතිවීමේ අවදානම තවත් වැඩි කරනවා. ඒ වගේම අව් කණ්ණාඩි නිතරම පිරිසිදුව තබා ගත යුතු අතර පාරජම්බුල කිරණ වලින් 100% ක් ආරක්‍ෂාව සහතික කරපු අව් කණ්ණාඩි පමණක් භාවිතා කරන්න.

06. ටයිට්ස්

ඕනම කාන්තාවක් සඳහා අත්‍යවශ්‍ය ඇඳුම් වර්ගයක් තමයි ටයිට්ස් කියන්නෙ. ඒවා අපේ පෙනුම වඩාත් සම්පූර්ණ හා අලංකාර කරනවා. ඒ වගේම කකුල්වල හැඩය ලස්සන කරනවා. හැබැයි ඒවා නිතරම පළඳින එක සෞඛ්‍යයට හොඳ නෑ. ටයිට් වල කෘතීම ද්‍රව්‍ය මගින් හරිතාගාර ආචරණයක් ඇති කරමින් තෙතමනය රඳවා ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඒවා විවිධ යෝනි ආසාදන වලට හේතු වන අතර සමහර තද කලිසම් රුධිර සංසරණයට අහිතකර ලෙස බලපානවා. එමඟින් නහර ගැට ගැසීම සහ සම බුරුල් වීම වගේ තත්ව ඇති වෙන්න පුලුවන්.

07. එක් උරහිසක ගෙන යන විශාල හෑන්ඩ්බෑග්

කාන්තාවකගේ හෑන්ඩ්බෑග් එක කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්. ආලේපන වර්ග වගේම ලැප්ටොප් පරිගණකය දක්වා ඕනම දෙයක් රැගෙන යන්න හෑන්ඩ්බෑගය ප්‍රයෝජනවත් වෙනවා. ඇත්තටම හෑන්ඩ්බෑග් හරිම පහසු වුණත් අපේ සෞඛ්‍යයට අහිතකරයි. අපි නිතරම එක උරහිසක බෑග් එක අරගෙන යන නිසා උරහිසේ සහ කොඳු ඇට පෙළට අධික බරක් පැටවෙනවා. එමඟින් ස්කෝලියෝසිස් සහ ඔස්ටියෝහොන්ඩ්‍රොසිස් ඇති වෙන්න පුලුවන්. උරහිස්වල අසමතුලිතතාවය නිසා මාංශ පේශි කැක්කුම, රුධිර වාහිනී අවහිර වීම සහ ස්නායු තද වීම වගේ සෞඛ්‍ය ගැටළු පවා ඇති වෙන්න ඉඩ තියනවා.

08. පිජාමා

විශේෂයෙන් ශීත කාලය තුළ සැපපහසු පිජාමා කියන්නෙ නැතුවම බැරි දෙයක්. හැබැයි පිජාමා ඉතා තදින් හෝ අධික ලෙස උණුසුම් වීම නිසා විවිධ බැක්ටීරියා වර්ධනය වෙනවා. එමඟින් සමේ ආසාදන, කැසීම හෝ යීස්ට් ආසාදන ඇති වෙන්න පුලුවන්. නිදන්ගත යීස්ට් ආසාදනයක් ඇති කාන්තාවන්ට වෛද්‍යවරු කියන්නෙ පිජාමා නොමැතිව සහ යට ඇඳුම් නොමැතිව නිදා ගන්න කියලයි.