May 19, 2024

Fly TV

Space of free media

ඔබ නිදා සිටීමේදී ඔබගේ ශරීරයට සිදුවන සිත්ගන්නා සුළු සිදුවීම් 9 ක්

 10,840 total views

නින්ද කියන්නෙ අපි හැම කෙනෙක්ටම අත්‍යවශ්‍ය දෙයක්. සුව නින්දකින් අපේ ශරීරයට විතරක් නෙවෙයි, මනසටත් විශාල සැහැල්ලුවක් ලබාදෙනවා. රාත්‍රී නින්ද පැය 6ක්වත් අනිවාරෙන්ම ලබා ගන්න එක වැදගත් වෙන්නෙ ඒ නිසයි.

අද අපි ඔයාට කියන්නෙ රාත්‍රී නින්දේදී ඇතිවෙන විවිධ තත්වයන් කිහිපයක් ගැනයි. නින්දෙන් ලැබෙන වාසි වගේම නින්ද අතරතුර සමහර විට සිදුවිය හැකි සිදුවීම් ගැනත් මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුලුවන්.

  1. මාංශ පේශි අඩපණ වීම

අපි ගැඹුරු නින්දකට ඇතුළු වුණාම අපේ අත් සහ කකුල් වල මාංශ පේශි මුළුමනින්ම අංශභාග තත්වයට පත් වෙනවා. ඒ කියන්නෙ අත් පා තාවකාලිකව චලනය කල නොහැකි තත්වයට පත් වෙනවා.
මේ තත්වය අවදි වී තත්පර කිහිපයක් හෝ මිනිත්තු කිහිපයක් යනතුරු පවතින නින්දේ ආබාධයක් තියනවා. නිදාගෙන නැගිටපු ගමන් අත් පා හොලවන්න බැරි වුණාම දැනෙන බය හිතෙන හැඟීම ඔයාටත් දැනිලා ඇති.

  1. ඇස් උපරිම වේගයෙන් චලනය වීම

නින්දේ හැම අවධියක්ම ඔයාගෙ ශරීරය හා මොළය සෞඛ්‍ය සම්පන්නව හා සැහැල්ලුවෙන් තබා ගැනීම සඳහා උදව් වෙනවා. නින්දේ අදියර පහක් තිබෙනවා. ඒ හැම එකක්ම කලින් එකට වඩා ගැඹුරු වන අතර, අපි අදියර පහම පසු කළ විට චක්‍රය නැවත ආරම්භ වෙනවා. නින්දේ අන්තිම පියවර (REM) වඩාත් ක්‍රියාකාරී වන අතර එය ආරම්භ වන්නේ නින්දට වැටී විනාඩි 60 ක් හෝ 90 කට පසුවයි. මේ අවස්ථාවෙදි ඔයා නොදැනුවත්වම ඔයාගෙ ඇස් ආපසු වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. මොකද, ඔයාගෙ මනස ඔයා සිහින දකින දේ කෙරෙහි යොමු වෙලා තියන නිසයි.

03. වර්ධන හෝමෝනයක් නිකුත් වීම
මානව වර්ධන හෝමෝනය කියලා හැඳින්වෙන HGH හෝමෝනය නිසා ශරීරයේ ඇටකටු, මාංශ පේශි හා පටක නැවත උත්පාදනය වීමට ඉඩ ලැබෙනවා. ඔයා නිදාග්‍ර්න ඉන්නකොට තමයි මේ හෝමෝනය නිපදවීම හා ශරීරය පුරා ගමන් කරවීම සිදුවෙන්නෙ. මෙය තුවාල සුව කිරීමට හා සෛල අළුත් කිරීමට දායක වෙනවා. අපි තරුණ කාලෙදි මේ හෝමෝනය අපේ ශරීරය වර්ධනයට උදව් වෙන අතර ශරීරයට වෙනත් බොහෝ බලපෑම් ඇති කරනවා. ඒ නිසා අපි උස යන්නෙ නිදාගෙන ඉන්නකොටයි කියලා හිතන්නත් පුලුවන්.

04. උගුර පටු වීම

නිදාගෙන ඉන්නකොට ඔයාගෙ උගුර විවෘත කරන මාංශ පේශි ලිහිල් වෙලා උගුරේ ප්‍රමාණය අඩු වෙනවා. සමහර විට නාසයේ අවහිරතා වගේ වෙනත් සාධක නිසාත් උගුර පටු වෙන්න පුලුවන්. සමහර අය නිවාගන්නකොට ගෙරවිමට හේතු වෙන්නෙත් මේ උගුර පටු වීමේ සංසිද්ධියයි.

05. දත්මිටි කෑම

මේකත් හැම කෙනෙකුටම සිදු වෙන්නෙ නෑ. හැබැයි සමහර අයට රෑට දත්මිටි කෑම නිසා දැඩි හකු වේදනාවක් ඇතිවෙලා අවදිවෙන්න ඉඩ තියනවා. හකු වල නොගැලපීම නිසාත් මේ තත්වය ඇති වෙන්න පුලුවන්. එය මනෝවිද්‍යාත්මකයි. දවල් කාලය තුළ එකතු වුණු චිත්තවේගී ආතතිය මුදා හැරීමේ ක්‍රමයක් තමයි නින්දේදී දත්මිටි කෑම කියන්නෙ. කොහොම වුණත්, සමහර අයට කවදාවත් මේ තත්වය ඇති වෙන්නෙ නැත්තෙ ඇයි කියලා නම් තාමත් විද්‍යාත්මකව හොයාගෙන නෑ.

06. ඉබේම ලිංගික උද්දීපනයක් ඇතිවීම

නින්දේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම ලිංගික උද්දීපනයක් අත්විඳිනවා. මේ සංසිද්ධියට හේතු වෙන්නෙ නින්දේ යම් අවධියකදි මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ යාමයි. එයින් අදහස් කරන්නේ ඔයාගෙ මොළයට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙන නිසා වේගවත් රුධිර ප්‍රවාහයක් අවශ්‍ය බවයි. රුධිර ප්‍රවාහය වේගවත් වෙනකොට ලිංගික හෝමෝන සක්‍රීය වීම නිසා ශරීරයේ ලිංගික අවයවවලට වගේම අනිත් හැම අවයවයකටමත් මේ තත්වය බලපානවා.

07. මොළය තුල එකතු වුණු තොරතුරු නිකුත් කර කතන්දර සෑදීම

පේ සිහින ගොඩනැගෙන ආකාරය තාමත් විද්‍යාත්මක අභිරහසක්. මොළය අපේ එදිනෙදා ජීවිතයේ මතකයන් සහ අපගේ ගැඹුරු යටි සිත තුළ ඇති දේවල්වලින් සිහින ගොඩනඟන බව අපි දන්නවා. මේ අනුව, මෑත කාලීන අත්දැකීම් අප වසර ගණනාවක් ගබඩා කර ඇති තොරතුරු සමඟ සම්බන්ධ වෙනවා. මතකයන්, කම්පන සහ හැඟීම්, අද්භූත හා සමහර විට විකාර සිහින නිර්මාණය කිරීමට හේතුවෙන්නෙ මේ විදිහටයි. කොහොම වුණත්, අපේ මනස රාත්‍රියේ යම් යම් ස්ථාන කරා ගමන් කරන්නේ ඇයිද යන්න හෝ නිශ්චිත මතකයන්, වර්ණ, හඬවල්, රූපරාමු හෝ මිනිසුන් තෝරා ගන්නේ ඇයිද කියන එක නම් තාමත් හරියටම හොයාගෙන නෑ. විද්‍යාවේ විශාල දියුණුවක් තියන අද වගේ කාලෙකත්, සිහින කියන්නෙ තාමත් විසඳා ගත නොහැකි විශාල ප්‍රහේලිකාවක්.

08. හදිසි පිපිරීම් හඬවල් ඇසීම

මේක දුර්ලභ සංසිද්ධියක් වුණත් එය සමහරවිට සිදුවෙන්න පුලුවන්. මෙහිදී ඔයාට පිපිරෙන සද්දයක් ඇහිලා ඔයාව හදිසියේම බයවෙලා ඇහැරෙනවා. හැබැයි ඇත්තටම බාහිර ලෝකයේ එහෙම පිපිරීමක් සිදුවෙලා නෑ. මේ රෝගයෙන් පීඩා විඳින අයට දැනෙන්නේ හිස පිපිරී ඇති බව හෝ වෙඩි හඬක් වගේ විශාල ශබ්දයක් ඇහෙන බවයි. එමගින් ශාරීරික වේදනාවක් ඇති කරන්නෙ නැති වුණත් බරපතල මානසික බලපෑම් ඇති කරන්න ඉඩ තියනවා.

09. මොළයෙන් විෂබීජහරණය කිරීම

රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් හොයාගෙන තියන විදිහට, දවල් කාලයේදී එකතු වුණු අපද්‍රව්‍ය, රාත්‍රී නින්දේදී මොළයෙන් පිටතට ගලා යනවා. මේ යාන්ත්‍රණය සක්‍රිය වෙන්නෙ අපි නිදාගෙන ඉන්නකොට විතරයි. එය ක්‍රියාත්මක වුණාම ඔයාගෙ මොළයට වැඩකට තොරතුරු බැහැර කිරීමටත්, අත්‍යවශ්‍ය දේවල් එකතු කර ගැනීමට හා සම්බන්ධතා අලුත් කර ගැනීමටත් ඉඩ ලැබෙනවා.