September 21, 2024

Fly TV

Space of free media

කලින් කියලා තාත්තාට ගහලා – පුතා සහ මිතුරෝ තවමත් නිදැල්ලේ

 303 total views

පියාට පහර දෙන බව නිතර පවසමින් සිටි 19 හැවිරිදි තරුණයකු ඊයේ (25 දා) අලූයම ඔහුගේ මිතුරන් පිරිසක් හා එක්ව සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පියා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ අරාව, පින්නගොල්ල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකි.

අවුරුදු 19ක් වයසැති තම දරුවා ඇතුළු පිරිසක් ඊයේ (25 දා) අලූයම තෙක් කොන්ත‍්‍රාත් වැඩපළක සේවය කර ආපසු එමින් සිටියදී මිතුරන් පිරිසක් සමග ත‍්‍රීවීලර් රථයකින් පැමිණි දරුවා තමුන්ට අතින් පයින් හා පොලූවලින් පහර දුන් බව තුවාලකරු පැවැසීය.

නිතර නිතරම තමුන්ට පහර දෙන බව දරුවා පැවසුව ද එය විහිළුවක් යැයි තමා සිතූ බවත් ඊයේ (25 දා) අලූයම හිටිහැටියේම ත‍්‍රීරෝද රථයකින් පැමිණි දරුවා ”ඔන්න අද අර කියපු දේ කරනවා’’ යැයි කියමින් මිතුරන් හා එක්ව තමන්ට පහර දුන් බවත් තුවාලකරු වැඩිදුරටත් පැවැසීය. ඊයේ (25 දා) උදෑසන වන තුරුත් සිද්ධියට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත. සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.