September 21, 2024

Fly TV

Space of free media

මේ ආහාර ඔසප් කාලය තුල අනිවාර්යයෙන් අනුභව කරන්න

 501 total views

ජීවිතයේ යම්කිසි කාල වකවානුවකදී ඔසප් චක්‍රය ඇරඹීමේ ස්වභාවික ක්‍රියාවලියට ඕනෑම සාමාන්‍ය කාන්තාවක් ලක් වෙනවා.මේ කාලෙ ඉස්සර වාගෙ නොවෙයි. අඩු වයස් දැරියන් පවා වැඩිවියට පත් වෙනවා දකින්න පුලුවන්.ඔසප් වීම අශුද්ධ හා කිළිටි දෙයක් ලෙස සිතන හනමිටි අදහස් හිස දරා ඉන්න පුද්ගලයන් අදටත් ඉන්නව.නමුත් සැවොම දැන ගත යුත්තෙ මෙය ලොව පුරා කාන්තාවන්ට පොදු සාමාන්‍ය  දෙයක් බවයි.

ඔසප් වීමේදී  සනීපාරක්ෂාව සඳහා ඇති නිශ්පාදන ප්‍රසිද්ධියේ මිලදී ගැනීම පිළිබඳවත් පසුගිය දින වල කතා බහක් ඇති වුණා. එවැනි භාණ්ඩයක්  ප්‍රසිද්ධියේ මිලදී ගන්නට ඔබ කිසිසේත්ම ලැජ්ජා විය යුතු නොවේ. මෙය ඉතාම ස්වාභාවික සිදුවීමක් බව  සමාජයේ සිටින ස්ත්‍රී පුර්ෂ භේදයක්  නොමැතිව දෙපිරිසම දැනුවත් විය යුතුයි .

එසේම සමහර කාන්තාවන් ඔසප් කාලය ඉතාම සැහැල්ලුවෙන් පසුකරන අතර සමහර අයට මේ කාල සීමාව ඉතාම දැඩි වේදනාවක් අත් විඳිනවා.  විවිධ ජීව විද්‍යාත්මක හේතු මෙයට බලපානවා. නමුත්, සමහර විටෙක ගැහැණු පිරිමි දෙපාර්ෂවයම එවැනි වේදනාවන් දකින්නෙ රඟ පෑමක් ලෙසයි. මෙය එවන් තත්වයක් නොවන බවත්, සමහර කාන්තාවන්ට ඉතාම දරුණු වේදනාවන් ඇති වන බවත්, එම හේතුව නිසාම ඒ කාලය තුල කාන්තාවකගෙ තරහ ගතිය වැඩිවීම ස්වාභාවිකව සිදු වෙන බවත් දැනගත යුතුයි.

මෙම කාලය තුල කාන්තාවකගෙ සිරුරෙන් රුධිරය විශාල් ප්‍රමණයක් පිට වෙනවා. මේ නිසා ශරීරය දුර්වල වෙන්නත් පුලුවන්. විශේෂයෙන් යකඩ හා විටමින් වර්ග වාගේ පෝෂක කොටස් සිරුරෙන් ඉවත් වෙලා යන නිසා මේ ඉවත් වන පෝෂණය නැවත ලබා ගැනීමට එම කාල සීමාවේදීම දැනුවත්ව මෙන්ම විශේෂ සැළකිල්ලකින් පෝෂදායි ආහාර නැවත ලබා ගැනීම කළ යුතුයි.

අප මෙයින් ඔබව දැනුවත් කරන්නේ ඔසප් සමය තුල ඔබ බේ සිරුරට ලබාගත්යුතුම පෝෂක කොටස් ගැනයි.

01. E විටමිනය.

කාන්තාවන් බොහො දෙනා සාමාන්‍යෙන්  ඔසප් දිනය ගැන දැනුවත්. එහෙම නැති වුවත් සාමාන්‍යෙන් ඔසප් වීම ආසන්න වන විට ඒ බව මානසිකව මෙන්ම ශාරීරිකව දැනෙනවා.  ඔසප් වීමට පෙර සහ ඔසප් කාල සීමාව තුළත් කාන්තාවන්ට උදරයේ, පියයුරු වල, කකුල් වල වේදනාවන්, මස්පිඬු තද වීම් ඇති වෙනවා.  විටමින් E මේ තත්වය සමනය කරගන්න විශාල පිටුවහලක් වෙනවා. විශේෂයෙන්ම විටමින් E 12 සහ විටමින් E 6 මේ තත්වය අඩු කරගන්න උදව් වෙනවා.  ඔසප් වීමට සතියකට පමණ පෙර සිටම විටමින් අඩංගු වෙන කිරි, බිත්තර, කුකුල් මස් ආදී ආහාර ආහාර වේලට එකතු කරගන්න.

02. B විටමිනය.

B විටමිනය සම්පූර්ණ ප්‍රජනක පද්ධතියම ආරක්ෂා කරන විශේෂයෙන්ම දත්, අස්ථි හා මෘදු පටක වර්ධනයට උපකාරී වෙන විටමිනයකි. එසේම කාන්තාවන්ගේ ගර්භාෂයට සහ ගර්භාෂ බිත්ති වලට විටමින් B වලින් ආරක්ෂාවක් සැලසෙනවා. විටමින් B අඩංගු ආහාර ලෙස සහල්, බාර්ලි, කුරක්කන් ආදී පූර්ණ ධාන්‍යත්, රතු මස්, නිවිති, කජු,රටකජු ආදීයත් නම්කල හැකිය.

03. ෆෝලික් ඇසිඩ්

ෆෝලික් අම්ලය, ආහාරවල යකඩ සිරුරට අවශෝෂණයටත්, යකඩ රඳවා ගැනීමටත්, සෛල වර්ධනයටත්  උපකාරි වෙනවා.  ශරීරයෙන් රුධිරය පිටවන විට ඇති වන රක්තානු අඩු වීම සමබර කරමින් රක්තානු ප්‍රතිස්ථාපනයටත් ෆෝලික් අම්ලය උදව් වෙනවා.  ඒ මගින් රක්ත හීනතාවයත් වැළකෙනවා. එබැවින් මේ කාලසීමව තුල ෆෝලික් අම්ලය අඩංගු ආහාර වර්ග ලබාගත යුතුයි.ෆෝලික් අම්ලය අඩංගු ආහාර අතර බ්‍රොකොලි, නිවිතය,බීට් රූට් සහ වෙනත් කොළ සහිත එළවලු වර්ගත්, රතු සුදු කව්පි, කඩල, පරිප්පු වැනි ධාන්‍ය වර්ගත්, ගස් ලබු, අලි පේර, කෙසෙල් හා පැඟිරි වැනි පළතුරුත් නම් කල හැකිය. විටමින් D සහ ඔමේගා 3 සහිත ආහාර ඔබට නිසි පෝෂණය ලබා දීමට සහ ඔසප් වේදනාවන් අඩු කිරීමටත් සහය දෙනවා