September 21, 2024

Fly TV

Space of free media

ඉවන්කා ට්‍රම්ප් දරුවන් ව පාසලෙන් ඉවත්කර ගනී

 342 total views

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය, සිය දරුවන් තිදෙනා පාසලෙන් ඉවත්කර ගෙන තිබේ.

විශේෂයෙන් ම ඉවන්කා ට්‍රම්ප් සහ ජෙයාර්ඩ් කුෂ්නර් පසුගිය කාලය පුරා කොවිඩ් පාලනයට ක්‍රියාවට නංවා ඇති මාර්ගෝපදේශ දැඩි ලෙස විවේචනය කළහ.

එමගින් ඔවුන් පාසල මගින් දෙමව්පියන්ට හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ ද උපහාසය ට ලක් කර ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් පාසලේ අනෙක් දෙමව්පියන් ඔවුන්ට එරෙහිව දැඩි අප්‍රසාදයක් මතු කර තිබුණි. 

ඔවුන්ගේ දරුවන් තිදෙනා වොෂිංටන් නුවර පිහිටි උසස් පාසලක පසුගිය වසර තුනක් අධ්‍යාපනය ලැබීය.