September 20, 2024

Fly TV

Space of free media

දයාසිරි රජයේ න් ඉල්ලන ඉල්ලීම මෙන්න

 281 total views

ලබන ජනවාරි සිට සතියකට දිනක් බතික් හෝ අත්යන්ත්‍ර පේෂකර්මාන්ත නිෂ්පාදිත ඇඳුමින් සැරසී තම කාර්යාල වෙත පැමිණෙන්නැයි රජය ඉල්ලීමක් කරයි.

එය රාජ්‍ය නිලධාරීන් සඳහා සකස් කළ වැඩපිළිවෙළක් බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ය.

එය සෑම සිකුරාදා දිනකම ක්‍රියාත්මක කරන ලෙස තමන් රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා සියලු ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් ද නිකුත් කර ඇති බවය.