September 21, 2024

Fly TV

Space of free media

ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයාට අතුරු තහනමක්

 21,781 total views

කුරුදුවත්ත පොලිස් වසමේ තමන් පදිංචි නිවසට අයත් ප්‍ර දේශයට ඇතුළුවීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගයද උල්ලන්ඝනය කරමින් ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකු  කටයුතු කිරීම සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක්කර තිබේ.

තමන්ගේ ජීවිතයට යම් කිසි අනතුරක් සිදු වුවහොත් එයට පෙරකී කැසිනෝ ව්‍යාපාරිකයා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවද එකී පැමිණිල්ලේ සඳහන් කර තිබේ. 

වෛද්‍යවරයාගේ පැමිණිල්ල විභාග කිරීම සදහා කැසිනෝ ව්‍යාපාරිකයා පොලිසිට කැඳවා ඇතත් දෙවන දිනයටත් (13) ඔහු පොලිසිය ට පැමිණීම මග හැර ඇත.

පැමිණිලිකාර වෛද්‍යවරයා ඊයේ (13) දිනයේත් පොලිසිටය පැමිණි නමුත් අදාල කැසිනෝ ව්‍යාපාරිකයා නොපැමිණීම නිසා ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කර සුදුසු පියවර ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ. 

වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියගේ නිවස පිහිටි ප්‍රදේශයට කැසිනෝ ව්‍යාපාරිකයා ඇතුළු වී හැසිරෙන ආකාරය දැක්වෙන ඡායාරූප වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දික ජයවීර, නීතිඥ අනුරුද්ධ ධර්මරත්න සමග ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා, මින් පෙර අධිකරණයට කළ කරුණු දැක්වීම නිරීක්ෂණය කළ කොළඹ අතිරේක දිසා විනිසුරු එච්. එම්. පී . ආර්. විජේර්ත්න පෙර කී අතුරුතහනම් නියෝගය නිකුත් කොට තිබේ.