September 20, 2024

Fly TV

Space of free media

මගේ ළමයි දෙන්නයි මාවයි බලාගන්න එයා ඉන්න නිසා බයක් නෑ’ සමිතා මුදුන්කොටුව

 15,701 total views

ගායන ලෝකයේ කාගේත් සිත් වශී කරගත් මයුර හඬකට හිමිකම් කියන ගීත කෝකිලාවක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ, කාගේත් ආදරේ දිනාගෙන ඉන්න සමිතා මුලින්ම අධ්‍යාපනය ලැබුවේ හොරන ශ්‍රිපාලි විද්‍යාලයෙන්, ඉන්පවුව ඇය බෞද්ධ කාන්තා විද්‍යාලයට ඇතුලත්ව අධ්‍යාපනය හදාරනවා, සමිතා කියන්නේ සංගීතයට ගොඩක්ම ධක්ෂ චරිතයක් ඒ නිසාම අවුරුදු 16 දී සමිතා ලාබාලම අපේක්ෂකයා ලෙස විශාරද විභාගය සමත් වෙනවා. පසුව සමිතා 1988 වසරේ දී කොළඹ අයිලන්ඩ් ජන ගායන තරඟයට ඉදිරිපත් වෙනවා, එම තරඟයේ විනිසුරු වරයෙක් ලෙස කටයුතු කල ජනප්‍රිය ගායකයෙක් වන රෝහණ වීරසිංහ මහතා සමිතාගේ දක්ෂතා හඳුනාගෙන තරඟයේ පළමු ත්‍යාගය සමිතා හට ලබාදීලා තිබෙනවා”

සමිතා මුලින්ම විවාහ වෙන්නේ ජනප්‍රිය ගායක අතුල අධිකාරි සමග, ඒ වගේම මේ වනවිට සමිතා කියන්නේ ආදරණීය මවක්, කොහොම වුනත් සමිතා සහ අතුල විවාහය සාර්ථක වෙන්නේ නෑ, වසර ගණනාවක්ම එකට හිටපු සමිතා සහ අතුල පසුව නීතියෙන් වෙන් වෙනවා, ඉන්පසු අතුල ජනප්‍රිය නිරූපිකාවක් වන අමායා සමග විවාහ වෙනවා, නමුත් අතුලගේ ඒම විවාහයත් සාර්ථක වෙන්නේ නෑ, කොහොම වුනත් මේ වනවිට සමිතා ඇයගේ අලුත් පෙම්වතාවන චිරන්ත සමග ගොඩක් සුන්දර ජීවිතයක් ගතකරනවා,

ඉතින් පසුගිය දවසක යුටියුබ් නාලිකාවක පැවැත්වුන සාකච්ඡාවකදී සමිතා ඇයගේ ජීවිතයේ ඇති බලාපොරොත්තු පිලිබඳ කතා කලේ මේ විදියට ”ඇත්තටම මම ගොඩක් සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනෙක්, මගේ දරුවන් දෙදෙනා එක්ක සැනසීමෙන් ඉන්නේ, මම ලොකුවට බලාපොරොත්තු තියාගන්න කැමති කෙනෙක් නෙවෙයි, ඉතින් ඒක තාමයි මට සතුටු වෙන්න තියෙන එකම දේ, ඉතින් මම ඒ දේ ගැන ගොඩක් සතුටෙන් ඉන්නවා”

”ඇත්තටම මගේ දුවත් පුතත් ඕනෑම දෙයක් තේරුම් ගන්න පුලුවන් මට්ටමේ ඉන්න දරුවෝ දෙන්නෙක්, එක මට ලැබුන ලොකුම ආශිර්වාදයක්, මමං මගේ අත් දෙක වගේ ඒ දෙන්නව බලාගත්තේ, කවදාවත් මම එයාලා දාලයන්න හිතලවත් නෑ, ඒ හින්දා මට ගොඩක් ආශිර්වාද ලැබුනා, අදටත් මම සැනසීමෙන් ඉන්න ලොකුම හේතුව ඒක, දැන් මගේ දරුවෝ දෙන්නටත් මටත් චිරන්ත ඉන්නවා, අපිව බලාගන්න චිරන්ත ඉන්න නිසා දැන් අපි පවුලක් වගේ ගොඩක් ලස්සනට ඉන්නවා, දැන් චිරන්ත හැම වගකීමක්ම අරගෙන වැඩ කරනවා, දැන් තමා මට තේරෙන්නේ මම ගත්ත තීරණය හරියටම හරි කියලා,”