September 20, 2024

Fly TV

Space of free media

දික්කසාද වෙන්න යන පුතාට අම්මෙක්ට මෙහෙම කියන්න පුලුවන්ද ?

 16,604 total views

පුතෙක් බිරිඳගෙන් දික්කසාද වෙන්න අම්මාටමෙහෙම හේතුවක් කියනවා..

.👇👇👇 බලමු අම්මාගෙත් පිළිතුර…

පුතා..ආදරය නැති තැනක රැදිලා

මටත් වැඩකුත් නැතිම හින්දා

අම්මේ ඇයගෙන් වෙන්නව යන්නට

තීරණය මන් ඊයෙ ගත්තා

රංඩු සරුවල් නිතර නිතරම

අපායක් මට ගෙදර මැවුනා

හොදම විසඳුම දික්කසාදය හරියි කියලා මටත් හිතුනා………………

කසාදය ලඟ හීන දහසක්මාත් මවමින් එකට බැඳුනා

වෙනස් වෙන්නට හේතු හදමින්ඇයට මාවත් එපා කෙරුනා

නිතර පෙම්බස් මුලදි මුමුණන ටිකෙන් ටික මඟ හැරිලා හිතුනා

මටත් නොදැනිම මගේ හදවත

ඇයගෙ ගාවින් දුරස් කෙරුනා……………….

හිතට දැන් ඇය පිටස්තරයෙක්එකට ඉදුමෙන් පළක් නොවුනා

අපි අපෙන් දුර ගිහින් ඇති බව

මගේ හිතටත් හොඳට දැනුනා

දික්කසාදය ලියකියවිලි ටිකඅම්මා මේ මන් අරන් ආවා

දැනෙන්නැති ප්‍රේමයෙන් පිටවීමගේ අත්සන එතන තිබ්බා……………………….

මේටික අහන් ඉදපු අම්මා තමන්ගෙ පුතාටමෙහෙම කියනවා…….👇👇

මගෙත් එක්කත් විරසකය වීපුතේ උබ ඇය බලෙන් බැන්දා

සිව්වසක් පෙම තිබුනා කියලා වට පිටාවෙන් මටත් ඇහුනා

ගෙදර පස් පාගන්න දෙන්නැති වදන් උබෙ අප්පගෙන් ඇහුනා

ඇයත් අරගෙන බෝඩිමට ගියදවසෙ මගෙ හද කඩා වැටුනා……………….

ඉන්න ඉඩ කඩ මදී බෝඩිමේලෑලි කාමරෙ හිතම දැවුවා

උබයි අප්පයි නොදැන හිටියටමාත් රහසෙම ගිහින් බැලුවා

නුබේ වැටුපෙන් ඇයගෙ සවියෙන්දියුණු උන හැටි අපිත් දුටුවා

සුමන අක්කේ කොලුට සාරයිගමේ උන් කිව්වාම ඇඬුනා………………………

උබෙම කියලා පුංචි ගෙයකුත්නිමාවෙන හැටි අපට පෙනුනා

ගඩොල ගඩොලක් ඇයගෙ දෑතින්කැපෙන හැටි අපි හැවොම දැක්කා

හරිම ධෛර්යය තියෙන කෙල්ලෙක්අප්පා උබගේ නිතර කිව්වා

කිරි සිනා හඬ ගෙපැල හැඩවෙනවිටදි විරසෙකෙ නිමා කෙරුනා…………………

රැයක් දවලක් නැතුව ඇය උබෙදරු පැටවු ටික හොදින් රැක්කා

ගෙදර දොර වැඩ යසට කරගෙනඉන්න හැටි ඇස් දෙකට දැක්කා

අම්මා අප්පා උබේ කියලා වෙනස් නොකරම සෙනෙහෙ දුන්නා

වෙනස් වෙන්නට හේතු ඇය නොවපුතේ උබ ලඟ තමයි තිබුනා………………………

චාම් ගතිගුණ ඇයගෙ ලඟමයිඋබට ඉස්සර නොදින් පෙනුනා

ඇගේ රූපය වියකෙන්න ඇතිදරු තුනට උප්පත්ති දුන්නා

පැටවු තුනකගෙ වැඩ කරද්දීඇමතුමක් මඟ හැරිලා තිබුනා

පුතේ යටි හිත අහලා බලපන්උබෙන් සැසදීමක්ද හිතුනා……………………..

හොර රහසේ උබ ගන්න ඇමතුම්ඇයට වාගෙම මටත් දැනුනා

මෝස්තර ඇති අගනකගෙ රූපයපෝන් එක තුල මාත් දුටුවා

හිතින් හඬ හඬ දරුවන් නිසාවෙන්උහුලනා ගිණි හිතම දැවුවා

දික්කසාද කොළ ඇයට දුන්නොත් මගෙ මරණ සහතිකෙ උබට දෙනවා………….