September 20, 2024

Fly TV

Space of free media

විවාහ වූ අය පවා නොදන්නා විවාහය රැකදෙන රහස් 8ක්

 109,980 total views

විවාහය කියලා කියන්නේ ඇතැම් අය ඉතාම ප්‍රිය කරන ඒ වගේම තවත් සමහර අය මතක් කරන්නවත් අකමැති මාතෘකාවක්. ඇතැම් අය විඳින ඒවගේම තවත් අය විඳවන හරිම පුදුම දෙයක් තමයි මේ විවාහය​.සුන්දර විවාහක ඒ සුන්දරත්වය​ රඳා පචතින්නේ අපට හමුවන සහකරු හෝ සහකාරිය මත කියලා කිව්වොත් වඩාත්ම නිවැරදියි. ඒ වගේම තමයි ආදරේ කරන කාලයේදී වගේම , තනිකඩව ඉන්න කාලයේ වගේ නෙවෙයි විවාහයෙන් පසුවත් විවාහ ජීවිතය රැක ගන්න නම් පිළිපැදිය යුතු කාරණා බොහෝමයක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අද අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න යන්නේ විවාහ ජිවීතය රැකදෙන රහස් කිහිපයක් පිළිබඳවයි.

1. අනෙකාගේ දුර්වලතාවයන් නොසලකා හරින්න.

මේ ලෝකයේ කිසිම මිනිසෙක් සර්ව සම්පූර්ණ වන්නේ නැහැ. සෑම කෙනෙක්ගෙම කුමන හෝ දුර්වලතාවයක් අඩුපාඩුවක් තිබීම සාමාන්‍ය දෙයක්. එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇති දෙදෙනෙක් එකට එකතුවන විවාහයේදී අනෙකාගේ දුර්වලතාවයන් කෙරෙහි අවධානය යොමු කරන්න ගියොත් විවාහය බිඳෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එම නිසා ඔබගේ විවාහය රැක ගැනීමට නම් අනෙකාගේ දුර්වලතාවයන් නොසලකා හැරීමට පුරුදු වන්න.

May be an image of 2 people, beard, people standing and indoor

2. අනෙකාගේ අතීතය හාරා ඇවිස්සීමට යාමෙන් වළකින්න.

අපි සර්වසම්පූර්ණ මිනිසුන් නොවන නිසාම කෙනෙක්ගෙ අතීතයේ යම් යම් වැරදි තිබීම සාමාන්‍යයෙන් සිදු වෙන්න පුළුවන් දෙයක්. එම නිසා නිතරම අතීතය හාරා ඇවිස්සීමට යාම එතරම් හොඳ දෙයක් නෙමෙයි. ඇත්තටම සැමියා හෝ බිරිඳ එකිනෙකා සමග ආදරෙන් විශ්වාසයෙන් සිටිනවා නම් අතීතය හාරා ඇවිස්සීමට යාමේ කිසිම තේරුමක් නැහැ. එම නිසා ඒ පුරුද්ද අත් හැරීම නුවණට හුරු වෙනවා.

3. අභියෝග වලදී සහකරු හෝ සහකාරියට ඔබගේ පූර්ණ සහාය ලබා දෙන්න.

ජීවිතයට අභියෝග පැමිණීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම ජීවිතයක් ලස්සන කරන්නත් මේ අභියෝග හේතුවක් වෙනවා. එම නිසා අභියෝග හමුවේ තමාගේ සහකරුවා හෝ සහකාරිය අත් නොහැර ඔබගේ විවාහයේ බැඳීම වෙනුවෙන් අභියෝග එකතුවී ජය ගැනීමට උත්සාහ කරන්න.

May be an image of 2 people and people standing

4. ඔබගේ සහකරුවා හෝ සහකාරිය අන් අය සමඟ සැසඳීමෙන් වළකින්න.

මිනිසුන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් නිසා ඔවුන්ව සංසන්දනය කිරීමට යාම සුදුසු දෙයක් නොවේ. එසේ සංසන්දනය කිරීම ඔබගේ සිතුවිලි වලට සෘණාත්මක බලපෑමක් ඇති කරනවා විනා ඇතිවන යහපත් ප්‍රතිඵලයක් නොමැත. එම නිසා සෑම විටම ඔබගේ සහකරුවා හෝ සහකාරිය අන් අය සමග සංසන්දනය කිරීමට යාමෙන් වැළකී ඔහු හෝ ඇයට නිසි ගෞරවය විවාහ ජීවිතය තුළ ලබාදෙන්න.

5. අන්‍යෝන්‍ය අවබෝධයෙන් නිතරම කටයුතු කරන්න.

විවාහක යුවලක් අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාව ඔවුන්ගේ බැඳීම් වර්ධනය කරන්නට ලොකු බලපෑමක් ඇති කරනවා. අන්‍යෝන්‍ය අවබෝධය ගැටලු රැසක් විසඳා ගැනීමට උපකාරී වෙනවා. අනෙකාගේ හැඟීම්, ආශාවන්, අදහස් තේරුම් ගැනීම නිසා අනෙකාට ලැබිය යුතු ගෞරවය ඉබේම ලැබෙන නිසා ඔවුන් අතර ඇති බැඳීම ශක්තිමත් වෙන්න එය ලොකු රුකුලක් වෙනවා. ඒ වගේම සමාජයෙන් එල්ල වෙන විවිධාකාර ප්‍රශ්න හමුවේ එකිනෙකා මත විශ්වාසයෙන්, ආදරෙන් කටයුතු කිරීමටත් අන්‍යෝන්‍ය අවබෝධය පිටුවහලක් වෙනවා.

May be an image of 2 people, people standing, grass and tree

6. අනෙකාට අවංක වීම.

බැඳීමක් ඇතුලේ තියෙන්න ඕන වැදගත්ම දෙයක් තමයි අවංකභාවය. එකිනෙකාට අවංකවීම බැඳීමක් ශක්තිමත් කිරීමට ලොකු රුකුලක් වනවා. විවාහ ජීවිතයක ආදරය, බැඳීම, රැකවරණය කියන සියලුම දේවල් අවංක භාවය නිසා ආරක්ෂා වෙනවා. සුන්දර ආදරණීය විවාහ ජීවිතයක් ගත කිරීමට එකිනෙකාට අවංක වීම ඔබේ හදවතින්ම සිදුකරන්න.

May be an image of child, indoor and text

7. සවන්දීම.

විවාහය වගේම ඕනෑම බැඳීමක ශක්තිමත්භාවය වැඩි වීමට සවන්දීම ඉතාමත්ම වැදගත්. හොඳින් සවන් දෙන තැන බැඳීමක් රැකෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩියි. සවන්දීමෙන් විවාහ ජීවිතයේ දී ඇතිවෙන්න පුළුවන් ගැටලු බොහොමයකට ඉතා නිවරදි පිළිතුරු ලබා ගන්න පුළුවන්. සවන් දෙන්නා නිතරම අනිකා ඉදිරියේ ගෞරවය ලබන නිසා බැඳීම ශක්තිමත් කරගන්න ඔහුගෙන් හෝ ඇයගෙන් ලැබෙන සහයෝගය සාර්ථක විවාහ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්.

May be an image of 1 person, standing and outdoors

8. සමාව දීම.
වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් කියල ඔබ අහල ඇති. ඇත්තෙන්ම කෙනෙක්ට සමාව දෙන්න නම් උතුම් හදවතක් තිබෙන්නම ඕනෑ. එකිනෙකට වෙනස් සිතුම් පැතුම් තිබෙන දෙදෙනෙක් එකට ජීවත්වීමේදී, කෙනෙක් අතින් අනෙකාට වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක්. නමුත් යම් වරදක්, අතපසුවීමක්, හිත් රිදවීමක් සිදු වූ අවස්ථාවක එය දිගින් දිගට රැගෙන යාම ගැටළු රාශියකට තුඩු දෙන හේතුවක් වනවා. එම නිසා සමාව දීමේ හොඳ පුරුද්ද ඔබේ ජීවිතයට ළං කර ගන්න