September 20, 2024

Fly TV

Space of free media

රාගම ශික්‍ෂණ රෝහලේ දොස්තර නෝනා ඇඳුම් මාරු කරද්දී පින්තූර ගත් දොස්තර මෙන්න

 42,613 total views

සමාජ ජාල හරහා හඳුනාගත් වෛද්‍යවරිට බලන්න ගිය අතරේ තවත් බැල්මක් දාලා

රාගම රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයේ කාමරයක ඇඳුම් මාරුකරමින් සිටි වෛද්‍යවරියකගේ ඡුායාරූප ලබාගත් බව කියන මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු රාගම පොලිසිය මගින් පෙරේදා (10 දා) රාත‍්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේ රාජකාරි කරන අතර ඔහු කල්මුණේ පදිංචිකරුවෙකි. වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ තාවකාලිකව නතරවී සිටින මෙම වෛද්‍යවරයා අවිවාහකයෙකි. සැකකාර වෛද්‍යවරයා ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ හඳුනාගත් වෛද්‍යවරියක බැලීමට රාගම රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට යමින්සිටියදී මෙම ඡුායාරූප ලබාගත් බවයි.

එහෙත් මෙම වෛද්‍යවරයා මුණගැසීමට පැමිණි වෛද්‍යවරිය පවසා ඇත්තේ තමන් මොහු නොහඳුනන බවයි.

සැකකාර වෛද්‍යවරයා විසින් සිය ජංගම දුරකථනයෙන් ලබාගත් වෛද්‍යවරිය ඇඳුම් මාරුකරන ඡුායාරූප කීපයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ඊයේ (11දා) වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 16 දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගතකර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු රාගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බුද්ධික රාජපක්‍ෂ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිදු කරති.

කඳාන රුක්මන් පින්තු