September 20, 2024

Fly TV

Space of free media

හසලකදී – මවයි පියයි එක්ව පහරදී මරපු පුතාගේ කතාන්දරයේ මෙතෙක් හෙළි නොකළ සියල්ල

 35,176 total views

මගේ සැමියාට රැුකියාවක් තිබුණේ නෑ. කුළී වැඩ කරලයි ජීවත් වුණේ. මම දරුවෝ දෙන්නත් එක්ක මහ පාරට වැටුණා. දරු දෙන්නා   හදා ගන්න මට වත්කමක් නෑ.  ඔබේ පිහිට අපිට දෙන්න….

* මියගිය සුනිල්ගේ බිරිඳ විලාප දෙමින් කියයි

* ගම්වාසීන් මළ සිරුර ප‍්‍රජාශාලාවේ තැන්පත් කර නිහඬ විරෝධතාවක…

* මෙහෙව් අපරාධ දෑසට නොපෙනේවා !

Putha Mara3

මිණිපේ, හසලක, හතේ ඇල ප‍්‍රදේශයේ, පියා, මව, සහෝදරිය හා සහෝදරියගේ සැමියා එක්ව සිදු කළ පහරදීමකින් 28 හැවිරිදි දෙදරු පියෙකු පසුගිය(08*දින මියගොස් ඇති අතර, සිද්ධියට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහියංගණ මහේස්ත‍්‍රාත් ප‍්‍රියංකර ලක්ෂ්මන් මහතා නියෝග කළේය.

පහරදීමෙන් මියගොස් ඇත්තේ මිණිපේ, හසලක, හතේ ඇල ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඒ.ජී. සුනිල් නිශ්ශංක නැමැති දෙදරු පියෙකි. වසර තුනක දියණියක් සහ දින 21ක් වයසැති සිඟිති දියණියක් සිටින අයෙකි.

පසුගිය 06 දින මෙම පහරදීම සිදුව ඇති අතර, පහරදීමෙන් පසු ප‍්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුලත් කර සිටියදී පසුගිය 08 දින ඔහු මියගොස් ඇත.

Putha Mara2

මියගිය අයගේ දෙමාපියන්ට හිමි නිවසේ පිටුපස කුඩා කාමරක දරු පවුල සමගින්, ජීවත්ව සිට ඇති අතර, මිය ගිය තැනැත්තා ස්ථිර

රැුකියාවක් නොමැති කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගිය අයෙකි.

මියගිය සුනිල් නිශ්ශංකගේ බිරිඳ වන නිරෝෂා පි‍්‍රයදර්ශනී සඳහන් කළ පරිදි, පසුගිය 6 වැනිදා දින රාත‍්‍රියේ තමාට කෑගසන ශබ්දයක් ඇසී ගොස් බලන විට සුනිල්ගේ පියාත්, සුනිල්ගේ නැගණියගේ සැමියා තම ස්වාමියාට පොලූ‍වලින් පහර දෙනු දුටු බවත් ඔවුන්ට වැඳ තම ස්වාමියාට පහර නොදෙන ලෙස ආයාචනා කළත් තමා තල්ලූ‍ කර දැමූ බවත් තම තුන් හැවිරිදි දියණිය අනේ සීයෙ තාත්තාට ගහන්න එපා කියා කියූ විට දෙදෙනාම තල්ලූ‍ කර දැමූ බවත් සැමියාගේ නැගණිය තමා ඇදගෙන ගොස් තමන් සිටි කාමරයට දමා දොර වැසූ බවත් ඉන් පසු සිදු වූ කිසි දෙයක් තමාට දැකගැනීමට නොහැකි බවත් පවසා සිටියාය.

ටික වෙලාවකට පසු අසල්වැසි නිවසක කෙනෙකු ඇවිත් දොර ඇරීමෙන් පසු එම ස්ථානයට ගොස් බලන විටත් ස්වාමියා බිම වැටී සිටි බවත් වතුර ඉල්ලූ විට අසල්වැසි මල්ලි කෙනෙකු සමග ඔහුට වතුර පෙවූ බවත් ඇය සඳහන් කර සිටී.

හසලක පොලිසියේ සහයෙන් තම සැමියා හසලක රෝහලට ඇතුළත් කළ පසුව මහියංගනය රෝහලටත්, ඉන් පසු බදුල්ල මහ රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා තම ස්වාමියා මාරුකර යැවූ බව ඇය පවසන්නීය. පසුගිය 8 වෙනිදා පොලිසියෙන් පැමිණ තම ස්වාමියා මියගොස් ඇති බව තමන්ට දැන් වූ බවත් පියදර්ශනී ප‍්‍රකාශ කර සිටියාය.

ප‍්‍රදේශවාසීන් මෙම මළ සිරුර ගමේ ප‍්‍රජා ශාලාවක තැන්පත් කර අවසන් කටයුතු පෙරේදා (11* සිදු කරනු ලැබීය. සිද්ධියට විරෝධයපාමින් ප‍්‍රදේශවාසීන් විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් ප‍්‍රජා ශාලාව ඉදිරිපිට නිහඬ විරෝධතාවකද නියැලිණි.

සිදු වූ මිනීමැරුම ගම්වාසීන් විසින් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, මළ සිරුර එවන් පාපතරයන්ගේ නිවසේ තැබීමටත්, එවන් වූ නිවසකට  ගම්වාසීන් ගමන් කිරීම වලක්වාලමින් දෙමාපියන්ගේ ප‍්‍රහාරයෙන් මියගිය පුතුගේ මළ සිරුර ප‍්‍රජා ශාලාවේ තැන්පත් කිරීමට ගම්වාසින් පියවර ගනු ලැබීය.

මියගිය අයගේ බිරිඳ නිරෝශා හලාවත ප‍්‍රදේශයේ තරුණියක් වන අතර ඇයගේ පවුලේ සොයුරු සොයුරියන් කිසිවක් නොමැතිබවත් තම මව අංශභාග රෝගීයෙකු බවත්, ඥාති නිවසක රැුඳී සිටිමින් ජීවත්වන බවත් තමාට මෙම දරු දෙදෙනා රැුගෙන යාමට තැනක් නොමැති බවත් ඉදිරියේදී මෙම දරුවන් හදා වඩා ගැනීම සඳහා කාගේ හෝ පිළිසරණක් ඇවැසි බවත් ඒ සඳහා කාරුණික පිංවත් සැමගෙන් සහයෝගයක් අපේක්ෂා කරන බවත් ඇය පවසන්නීය.

මහියංගණ – රංජිත් කරුණාවිර