September 20, 2024

Fly TV

Space of free media

ඇහිබැම සකසා ගන්න වගේම වර්ධනය කරගන්නත් උනන්දු වෙන්න…

 9,975 total views

ඇහිබැම කියන්නේ තරුණ ඔබේ ලස්සන මතු කරන තවත් විශේෂ අංගයක්.. ඒ වගේම යුවතියකගෙ ඇස් කියන්නේ බොහෝ සෞන්දර්යාත්මක උපමාවලට පාදක වුණු අංගයක්. ඇස් ලස්සන වෙන්න ඇස්වලට උඩින් ලස්සන ඇහිබැමි තියෙන්න ඕන. ඒත් සමහර තරුණියන්ගේ ඇහිබැමි නිසි ලෙස වැවෙන්නේ නැතිවීම වගේම ඇහි බැම හැලීයෑම හෝ තුනී වීම වගේ දේවල් එක්ක බොහෝ මානසික පීඩාවන් ඇතිවෙනවා.

ඇහිබැම තනිව සකසා ගන්නවා නම්..

හොඳින් ආලෝකය වැටෙන තැනක පහසුවෙන් හිඳගන්න. කණ්ණාඩිය නිසි ලෙස රඳවාගන්න. මිලෙන් වැඩි වුණත් ඔබ තනියම ඇහිබැම සාදාගන්නවා නම් හොඳ ට්වීසර් එකක් මිලදී ගන්න. වේදනාව අඩු කිරීම අයිස් කියුබ් එකක් ඇහිබැම මත ආලේප කිරීම හෝ මොයිස්චරයිසර් එකක් ආලේප කිරීම කරන්න. ඇහිබැම ඉහළ තීරුව සකස් කරන විට ඉතාම සැළකිලිමත් විය යුතුයි. එයින් වැඩියෙන් ගැළවුණොත් ඇහිබැම අසාමාන්‍ය තුනී ගතියක් ගන්න ඉඩ තියෙනවා. රෝම තුනක් හතරක් ඉවත් කර මදක් පසුපසට වී සම්පූර්ණ රූපය බැලීම වැදගත්. එවිට අතපසුවීම් අඩු කරගන්න පුළුවන්. සකස් කළ පසුව විශේෂ පනාවකින් ඇහිබැම පීරා, එළියට පැමිණෙන කොටස් නියපොතු කපන හෝ ඇහිබැම කපන කුඩා කතුරකින් කපන්න.

අඩුපාඩු ඇත්නම්…

ඇහිබැම අඩුපාඩු සහිත නම් එය පුරවා ගැනීමටත් ක්‍රම තිබෙනවා. ඔබේ ඇහිබැම ඔබේ කොණ්ඩයේ පාටට වඩා ලා වර්ණයක් සහිත නම්, විශේෂ ඩයි වර්ගයකින් ඇහිබැම ඩයි කරගන්න. නමුත් හොඳින් මතක තබාගත යුතුයි, ඔබේ කොණ්ඩයේ වර්ණයට වඩා තද වර්ණ භාවිත කරන්න එපා. එහෙම වුණොත් ඇහිබැම අස්වභාවිකව පෙනෙන්න ගන්නවා.

ඒ වගේම මේකප් කරන විට ඔබට අයි බ්‍රෝ පෙන්සිල් එකක්, මස්කාරා හෝ අයිබ්‍රෝ පවුඩර් ආධාරයෙන් ඇහිබැම පුරවා ගත හැකියි.

ඔයිල් වර්ගයක් භාවිත කරන්න පුළුවන්…

ඔබේ ඇහි බැම වර්ධනය කර ගැනීම සඳහා ඔබට ඉතා පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්. වෙළෙඳපොළේ ඇති ප්‍රමිතිගත ඔයිල් වර්ගයක් භාවිත කරන්න පුළුවන්. ඒ සඳහා පොල් (ක්‍දජදබමඑ), අර්මන්ඩ් (්කපදබා), ඪසඒපසබ ෑ, ඔලිව් ඔයිල් (ධකසඩැ ධසක) සහ ක්‍්ිඑදර තෙල් වැනි තෙල් වර්ගයක් මේ සඳහා භාවිත කළ හැකියි. ඔයාගේ මුහුණට වගේම ඔබේ ඇහිබැම ලස්සන පවත්වා ගන්නත් යම් ප්‍රමාණයකට සත්කාර කිරීම ඉතා වැදගත්. මේ තෙල් මගින් ඔයාගේ ඇහිබැම ලස්සනට තියා ගන්න අවශ්‍ය පෝෂණය නොඅඩුව ලබා දෙනවා. විශේෂයෙන්ම කැස්ටර් ඔයිල් ඔයාගේ ඇහි බැම දිගුව වර්ධනය වීමට උපකාරී වෙනවා. ඔයාගේ පිරිසිදු ඇඟිලි තුඩුවලින් මෘදුව කෙඳි සහිත කුඩා බුරුසුවකින් තෙල් ආලේප කිරීම කළ යුතුයි. ඔයා දවස් කීපයක් මේ සත්කාරය කළාම ඔයාට ඔයාගේ ඇහිබැම ලස්සනට වගේම දිගුව වර්ධන කරගන්න පුළුවන්. ඒ වගේම දිනපතා ඔබේ ඇහිබැම පීරන්න. ඒ සඳහා සුදුසු බ්‍රෂ් එකක් භාවිත කිරීමට අමතක කරන්න එපා.

කෝමාරිකා අනගි ශාකයක්…

අපේ ගෙවත්තේ වැවෙන කෝමාරිකා පැළයකින් කැබැල්ලක් කඩාගෙන පිරිසිදුව කෝමාරිකා මදය ඉවත් කරගෙන දියරයක් වගේ සකස් කරගෙන ඇහිබැමි මත තවරලා සම්බාහනය කරන්න. මෙහෙම විනාඩි 30-40 ක් විතර තිබෙන්න ඇරලා සෝදා හරින්න. ඇහිබැමි මත උෂ්ණත්වය සමනය කරලා ඒවා හොඳින් වැවෙන්නට අවශ්‍ය පෝෂණය සපයන් කෝමාරිකාවලට පුළුවන්.

විටමින් ඊ භාවිත කළොත්…

විටමින් ඊ කරලක් ගෙන එහි ඇති ද්‍රවණය ඇහි බැමෙහි ගල්වා විනාඩි කිහිපයක් පිරිමදින්න. එය දිනපතා සිදු කරන්න.

උළු හාල් ගුණදායකයි..

උළුහාල් හොඳින් සෝදා ගෙන කුඩුකරලා පේස්ට් එක ඇහිබැමි මත තවරලා විනාඩි 30ක් විතර තිබෙන්නට හැරලා මඳ රස්නේ වතුරින් හෝදලා දාන්න. මේවායෙන් ඇහිබැමට අවශ්‍ය විටමින් සහ ප්‍රෝටීන් ලැබෙනවා.

එඬරු තෙල් භාවිතය වැදගත් ද?

එඬරු තෙල් ඉතාම ස්වල්පයක් ඇහිබැම මත රාත්‍රියේ ආලේප කරන්න. දිගටම සති කීපයක් මේක කරගෙන යන්න. එඬරු තෙල්වල ඇති මේදය සහිත පෝෂ්‍යදායී සංයෝග ඔබේ ඇහිබැම වර්ධනයට ඉතාම හොඳ ඔසුවක්. මේ කියපු සත්කාර එකක් හෝ කීපයක් නොවරදවාම දිනපතා සති කීපයක් කරලා බලන්න. වෙනස අත්විදින්න ඔබට පුළුවන්.

පෝෂ්‍යදායක ආහාර වේලක් ගත්තොත්

ඔබ හොඳ ඇහිබැමක් ලබා ගැනීමට ශරිරයේ ඇතුළත සිට සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. එබැවින්, ප්‍රෝටීන හා විටමින් මට්ටම ඔබේ සිරුරේ වැඩිමට බලපානවා. ඒ වගේම නැවුම් පලතුරු සහ එළවළු ආහාරයට එකතුකර ගත්තොත් ඔබට ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න සිරුරක් හිමි කර ගන්න පුළුවන්. එපමණක් නොවෙයි ඇහිබැම වර්ධනයටත් මෙය බලපානවා. මේ නිසා ප්‍රෝටීන්, විටමින් ්, ක්‍ සහ යකඩ අඩංගු පෝෂ්‍යදායී ආහාර වේලක් දිනපතා ආහාරයට එකතු කරගන්න අමතක කරන්න එපා.

මේ කියපු සත්කාර එකක් හෝ කීපයක් නොවරදවාම දිනපතා සති කීපයක් කරලා බලන්න. පහසුවෙන් ඔබ හිතුවටත් වඩා හොඳට ඔබේ ඇහිබැමි ලස්සන වෙලා, ඝනව සහ ආකර්ෂණීයව වැඩෙන ආකාරය ඔබටම දැකගන්න පුළුවන්

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී

හසිනි ගුණසේකර

භ්එමර්ක ී්කදබ

මධුභාෂිණී බොරලුගොඩ