September 20, 2024

Fly TV

Space of free media

‘මගදි අතාරිනවද, කට රිදෙනකන් මම අහලා ඇති’ හර්ෂනගෙන් වෙන්වුන වොල්ගා දැන් කියන කතාව

 17,019 total views

ජීවිතේ මොන ප්‍රශ්න ආවත් ඒ හැම ප්‍රශ්නයකටම සාර්ථක මුහුණ දුන්න ගොඩක් ශක්තිමත් කළා කාරිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ, ඉතින් ඇයගේ මේ දරාගැනීම නිසාම ගොඩක් අය වොල්ගට ආදරෙයි, ඉතින් අපි අද කතා කරන්න යන්නේ වොල්ගා කල්පනී එක්ක, වොල්ගා ඔබ දැන් ගොඩක්ම ජනප්‍රිය චරිතයක් ඉතින් ඔබත් අනිත් රංගන ශිල්පිනියන් වගේ ලැබෙන හැම චරිතයක්ම බාර ගන්නවද නැත්නම් ඔබ චරිත තෝරා බේරා ගන්නවද ”ඔව් මම හැමදාම චරිත තෝරා බේරාගෙන තමයි කොහොමත් මම මේ වෙනකන් චරිත ගොඩක් රඟපාලා නෑ, මම නිලියක් වුනත් මම ඉන්නේ වැඩිපුරම මම ඉන්නේ ගෙදර”

සමාජ ජාලාවල කාලයක් වොල්ගට මඩ වැදුනා, අද වොල්ගා ඒවා දකින්නේ කොහොමද ”මෙහෙමයි ඒ මඩ ගැන මම ඒ කාලෙත් බැලුවේ බොහොම උපේක්ෂාවෙන්, කවුරුහරි කීයක් හරි හම්බකරගෙන කන දෙයක්නේ කියලා මම හිතහදාගන්නවා, මේකනේ දැන් කාලේ ත්‍රීවීල් පදින මහත්වරුන්ටත් යුටියුබ් චැනල් තියෙනවා, අපේ චරිතය විනාස කරලාහරි හම්බකරල ඒකෙන් තමන්නෙ පවුලට කන්න දුන්නනම් හරි අපිට ඒක පිනක්. ඒත් මම එක්ක ඉන්න ප්‍රේක්ෂකයෝ දන්නවා මොකද වුනේ කියලා, මට හැමදේම පැහැදිලි කරන්න උවමනාවක් නෑ”

වොල්ගා දිගටම මෙහෙම ඉන්නද හිතන් ඉන්නේ ”මම මගේ ජීවිතේට ලේසියෙන් කෙනෙක්ව ලංකරගන්න කෙනෙක් නෙවෙයි, ලංකරගත්තත් ලේසියෙන් අත්හරින්න බෑ, අදටත් මම එහෙමයි, අතීතය අමිහිරියි කියල මම මොනම වෙලාවකවත් කියන්නෙ නැහැ, මගේ අතීතේ හරිම සුන්දරයි, අදටත් මගෙත් එක්ක ඉන්න අය මාව දාලා ගිය එක්ක මම තරහා නැහැ,”

ඉතින් මේ දවස්වල වොල්ගා මුහුණු පොතට එකතු කරලා තිබ්බ නිසඳැසක් නිසා හැමෝම වොල්ගා පිලිබඳ කතාවෙන්න පටන් අරගෙන ඒ නිසඳැස තමයි ”අදත් මම බලං හිටියා, වෙනදා වගේම නුඹ, ඉස්සර හොයාගත්ත වෙලාව, අදත් හොයාගෙන දුවගෙන එයි කියලා – ඉස්සරනම් සැනසුම තිබ්බෙ, මේ පපුව ඇතුලෙ, මගදි අතාරිනවද, කට රිදෙනකන් මම අහලා ඇති, – රිදුණු හිත පිරිලා තිබුණා, ඔබේ සුන්දර බොරුවෙන්, ඒ රිදුණු හිත දැන්නම් මැරිලා, එහෙනම් දැන් මට සමාවෙන්න, – මතක තියාගන්න, ප්‍රේමය නමින් ලැබුණු එකම හිත නුඹ වග,” කියලා, ඉතින් මේ කතාව දැකපු හැමෝම හිතලා තියෙන්නේ වොල්ගා ආයෙත් විරහ වේදනාවක් ලැබිලා කියලා,”