September 20, 2024

Fly TV

Space of free media

කවදාවත් මේ දේවල් වලට​ ඔබේ ජීවිතය පාලනය කරන්න ඉඩ දෙන්න එපා

 115,551 total views

ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව සමහර දේවල් වලට පුළුවන් ඔබේ ජීවිත වලට ලොකු බලපෑමක් කරන්න. ඔබේ මුළු ජීවිතේම අනිත් පැත්ත හරවලා මානසිකව වට්ටලා ඔබේ ජීවිතය විනාශ කරල දාන්න ඒවට පුළුවන්. ඔබ මේ කරුණු පිළිබඳ දැනුවත් වුණාම ඒවට ඔබව පාලනය කරන්න ඉඩ නොදී ඔබේ ඔබේ ජීවිතයේ දී තීරණ ඔබ විසින්ම ගන්න ඔබට පුළුවන් වේවි. මෙන්න මේ කරුණු පහට කවදාවත් ඔබේ ජීවිතය සීමා කරන්න දෙන්න යන්න එපා.

1.අනෙක් අයගේ මතයන් සහ නිගමන

තව කෙනෙක්ට ඕන විදියට, ඔවුන්ගේ කීම නිසා ඔබ අකමැති පාරක යන්න ඔබ කවදාවත් හිතන්න එපා. අනෙක් මිනිසුන් සතුටු කරන්න හැමතිස්සෙම උත්සාහ කරන එක ඔබ කොහොමහරි නවත්ත ගන්න ඕන.  ඔබ යම් දෙයක් කරන්න කලින් ඒ දේ පිළිබඳ කිහිප වාරයක්ම ඔබෙන්ම විමසන්න. ‘මම මේ දේ කළ යුත්තේ මේ දේ කළ යුතු නිසාම ද? නැත්නම් මේ දේ නොකිරීමෙන් අනිත් අය සිතන්නේ කුමක්ද කියන බයටද?’ ඔබ ඉපදිලා තියෙන්නෙ අනිත් සියලු දෙනාගෙන්ම වෙනස් වෙන්නයි. ඒ නිසා ඔබ ඔබම වෙන්න.

2.ඔබේ අතීතය

ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ ඔවුන්ගේ ජීවිතවල සිදුවුන අවාසනාවන්ත සිදුවීම් වල කලකිරීම වගේම අනිත් මිනිසුන් ගේ අනුකම්පාවත් සමගයි. මෙවැනි පුද්ගලයින් ජීවත් වෙන්නේ මේ මොහොතේ නොව අතීතයේයි. ඔබට හොඳ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් මෙවැනි දේවල් වලට ඔබව සීමා කරන්න ඉඩ දෙන්න එපා. ඒ කියන්නේ ඔබේ අතීතෙට ඔබේ වර්තමානය හෝ අනාගතය පාලනයක කරන්නට ඉඩ දෙන්න එපා කියන එකයි. ඔබේ අතීතයේ කුමක් සිදු වුවත් ඔබ ඒවා අමතක කර දමන්න. එහෙම නොකලොත් වෙන්නේ ඔබේ දීප්තිමත් අනාගතය ඔබම අඳුරේ හෙළීමක් පමණයි.

3.ඔබේ පටු විශ්වාසයන්
මෙවැනි විශ්වාසයන් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇති වෙන්න පුළුවන්. මේවා කුඩා කාලයේ සිට තමන්ගේ අරමුණු ඉටු නොකර ගත් පුද්ගලයින්ට ඇහුම්කන් දීමෙන් හෝ එහෙමත් නැත්නම් තමා වටේ  සිදුවුන දේවල් දැකීමෙන් ඔබේ මනසට සිදුවන බලපෑම් නිසා ඇතිවන සීමාවන් විය හැකියි. ඔබ තුළ ඇතිවන ඔබේම පටු විශ්වාසයන් හඳුනාගෙන ඒවා නිශ්ශබ්ද කරන්න. ඔබට කළ නොහැකි කිසිවක් නැහැ. ඒ වගේම ඔබට ලබාගත නොහැකි කිසිවකුත් නැහැ. නිතරම ඔබ ඔබ ගැන විශ්වාස කරන්න. ඔබ ඔබවම විශ්වාස කරනවා නම් ඔබට කළ නොහැක්කක්  නැහැ.

4.ආදර සම්බන්ධතා

මෙය හැඟුම්බර මාතෘකාවක්. ඔබට නිතරම සතුටු වෙන්න තව කෙනකු  ඕනනං එය ඔබේ ජීවිතයේ විශාල ඇද වැටීමකට හේතුවෙනවා. එයට හේතුව එම පුද්ගලයා නොමැති වුවහොත් ඔබ කලකිරීමට ලක් වීමයි. ආදර සම්බන්ධතා නොමැතිව ජීවත් වීමක් මෙහිදී අදහස් කරන්නේ නැහැ. ආදරය තරම් සුන්දර දෙයක්, පුද්ගලයෙක්ව ශක්තිමත් කරන දෙයක් මෙලොව නැති තරම්. නමුත් නොගැළපෙන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන් ඔබට යහපතක් වන්නේ නැහැ. ඔබව සතුටු කරන්න වෙන කෙනෙක් අවශ්‍ය නැහැ කියන තත්ත්වය වෙනකම් හොඳ මානසික මට්ටමක් හදාගන්න ඕන. ඔබ සබඳතාවයක ඉන්නවා වගේම තනියම ඉද්දිත් සතුටු වෙන්න ඉගෙන ගන්න.

5.මුදල්
මුදල් කියන්නේ නපුරු අයහපත් දෙයක් කියලා මෙයින් අදහස්  කරන්නේ නැහැ. මෙයින් කියන්න උත්සහ කරන්නේ මුදල් වලට ඔබේ තීරණ පාලනය කරන දෙන්න එපා කියලයි. අප සැම කෙනෙක්ම දන්නා දෙයක් තමයි මුදල් තිබේ නම් කළ නොහැක්කක් නැති බව.  ඔබ දෙයක් තෝරා ගන්නවානම් ඔබට කොපමණ මුදල් ලැබෙනවාද යන්න දැනුවත් වෙන්න. ඔබ සැමවිටම විටම ඔබේ හදවතට අවශ්‍ය දේ සිදු කරන්න. අන් අයට යහපතක් වන දේවල් කරන්න.