September 20, 2024

Fly TV

Space of free media

හයිටි ජනපති ඝාතනය… ඝාතකයෝ සිව්දෙනෙක් මැරුම් කති

 27,554 total views

හයිටි ජනපති ජොවනෙල් මොයිස් ඝාතනය කළ හයදෙනකුගෙන් යුත් ඝාතක කණ්ඩායමේ සිවුදෙනෙක් වෙඩි තබා මරා දැමූ හයිටි පොලිිසිය දෙදෙනෙක් අල්ලාගෙන ඇත.

මෙම ඝාතකයන් පිරිස ජනපති නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් භටයන් තිදෙනකු ද ප‍්‍රාණ ඇපයට ගත් අතර පසුව හයිටි පොලිසිය ඔවුන්ව බේරාගෙන තිබේ. ඇමරිකානු මත්ද්‍රව්‍ය නාශක ඞී.යී.ඒ. ඒජන්සියේ කණ්ඩායමක් ලෙස හ`ගවමින් ජනපති නිවසට කඩා වැදුනු මෙම ඝාතකයන් පිරිසට හයිටි, කොළොම්බියා සහ වෙනිසියුලා ජාතිකයන් අයත් බව විමර්ශන වලදී හෙළි විය. මොවුන් හයිටි ජනපති ජොවෙනෙල් ඝාතනයෙන් පසු පුද්ගලික ගුවන් යානයකින් පැන යෑමට ද සැලසුම් කර තිබිණි. මෙම ඝාතක කණ්ඩායම සිදුකළ වෙඩි තැබීමේදී ජනපති බිරිය වූ මාමයින් මොයිසේ ද බරපතළ තුවාල ලැබූ අතර වැඩිදුර ප‍්‍රතිකාර කිරීම සඳහා ඇයව ඇමරිකාවේ මියාමි වෙත ගුවන් මගින් ගෙන ගොස් ඇත. පසුගිය පෙබරවාරි මස ද හයිටි ජනපති ජොවෙනෙල් ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බව අනාවරණය විය.

hityjovenel1

53 හැවිරිදි වියේ පසු වූ ජනපති ජොවෙනෙල් සිය නිවස තුළදීම ඝාතනය වී ඇත. ජනපති නිවස තුළ වෙඩි තැබීමේ හඬ ඇසුණු විගස එම ස්ථානයට ගිය පොලිස් ප‍්‍රහාරක භට පිරිසක් ඝාතකයන් සම`ග වෙඩි හුවමාරුවක නිරත වී ඇතැයි හයිටි පොලිස්පති ලියොන් චාල්ස් හෙළි කළේය. මෙම ඝාතනයට සම්බන්ධ තවත් පිරිසක් සිටින බව පැවසූ පොලිස්පතිවරයා ඔවුන් ගැන විමර්ශනය කරන බව කීවේය. ජනපති ජොවෙනෙල් මරා දැමීම සඳහා පැමිණි ඝාතකයන් ඉංගී‍්‍රසි සහ ස්පාඤ්ඤ භාෂාවලින් කතා කර ඇත. මෙම වෙඩිතැබීම එක් පුද්ගලයකු විසින් වීඩියෝගත කර තිබේ. ජනපති නිවස සමීපයේ පිහිටි නිවසක පදිංචිකරුවකු වෙඩිතැබීම වීඩියෝ ගතකර ඉන්ස්ටර්ග‍්‍රෑම් ඔස්සේ විකාශනය කර ඇත. මියගිය හයිටි ජනපතිවරයා රට ඒකාධිපති පාලනයකට ගෙන යෑමට කි‍්‍රයාකරන බව විරුද්ධ පක්ෂ විසින් චෝදනා එල්ල කර තිබිණි. ජනපති ජොවෙනෙල් ඝාතනය වීමට පෙර රටේ අටවැනි අගමැති ලෙස ස්නායු ශෛල්‍ය වෛද්‍ය ඒරියල් නෙස්රි පත්කර ඇත. පසුගිය පෙබරවාරි මස ජනපති ජොවෙනෙල් ඝාතනය කිරීමට සැලසුම් කිරීම ගැන වාහන අමතර කොටස් හිමියකු ඇතුළු 23 ක් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ අතර හයිටි රාජ්‍යයේ අරාජික තත්ත්වයක් මතු වී ඇත. මිනීමැරුම් රැුසක් සිදුවීම නිසා 14,700 කට අධික ජන සමූහයක් සිය නිවාස හැරදමා පැන ගොස් ඇත. හයිටි රාජ්‍යයේ මිළඟ ජනපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රධාන විනිසුරු පත්වීමට නියමිතව තිබුණත් ඔහු මෑතකදී කොවිඞ් ආසාදනය වී මියගොස්

තිබේ. 2017 වසරේදී බලයට පත් ජොවෙනෙල් 2022 වසරේදී ධූරයෙන් ඉවත් වී ජනපතිවරණයක් පැවැත්විය යුතුව තිබිණි. ඔහු ඝාතනය වීමත් සම`ග රටේ ප‍්‍රධාන ගුවන් තොටුපළ වූ තවුසන් ලූවස්සුරේ වසාදමා ඇත. මේ අතර හයිටි ජනපති ඝාතනය වීමට දින කීපයකට පෙර පැවසුවේ තමාව මරා දැමීමට පිරිසක් උත්සාහ කරන බවත් ජනපති මැඳුරේ ආරක්ෂක ප‍්‍රධානියා නිසා එම ඝාතන සැලසුම අසාර්ථක වී ඇති බවයි. එම ඝාතන සැලසුම පසුබිමේ ප‍්‍රධාන පෙළේ විනිසුරුවකු සහ පොලිස් නිලධාරියකු සිටින බව ඔහු තවදුරටත් පවසා තිබිණි. එහෙත් විරුද්ධ පක්ෂය පැවසුවේ ජනපති මැර පිරිසකගේ

සහායෙන් බලයේ සිටින බවයි. හයිටි ජනපති ඝාතනයෙන් පසු භාරකාර රජයේ අගමැති ක්ලෝඞ් ජෝශප් රටේ දේශසීමාව වසා දැමීමට නියෝග කර ඇත. මේ අතර වෙඩි තැබීම සිදු වූ ජනපති මැඳුරේ තිබී මෙගා ෆෝනයක්ද පොලිසියට හමුවී ඇත. ඝාතක කණ්ඩායමේ ප‍්‍රධානියා මෙම මෙගා ෆෝනය භාවිතා කරමින් මැඳුරේ සිටි සියලූ දෙනාටම බිම දිගාවන ලෙස නියෝග කර තිබූ බවද හෙළි විය.

කිර්ති වර්ණකුලසුරිය