September 20, 2024

Fly TV

Space of free media

සාරංග හා දිනක්ෂිගේ ආදරණීය කැදැල්ලට එන්න ඉන්න පුංචි පැටියාගේ පලවෙනි පින්තූරේ මෙන්න

 16,024 total views

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ හැමෝම ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා යුවළක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් මේ දෙදෙනා ගොඩාක් ජනප්‍රියයි. ඉතින් පහුගිය දිනවල යුග දිවියට පිවිසුණු මේ දෙපල මේ වනවිට උතුම් මව් පිය පදවියට සුදානම් වන පුවත දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. කොහොම නමුත් මේ බව සනාථ කරමින් පහුගිය දිනවල දිනක්ෂි සහ සාරංග මව් පදවියට සැරසෙන දිනක්ෂිගේ අපූරු ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍ය වලට එකතු කරලා තිබුණා. ඉතින් ඒ වගේම උපදින්න ඉන්න චූටි පැටියාගේ පළමු ස්කෑන් ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත යොමු කරමින් සාරංග බොහොම සෙනෙහබර කතාවක් කියලා තිබුනේ මෙන්න මේ විදිහටයි. අපේ පුංචි පැටියත් එක්ක ගත්ත පලවෙනි පින්තූරේ. මන් අතිශයින්ම සතුටට පත්වෙනවා ඔයාලා හැමෝම එක්ක මෙය බෙදා ගන්න පුළුවන් වුනු එක ගැන. ජීවිතය හරිම සුන්දරයි. මගේ ආදරණීය බිරිඳ සහ පුංචි පැටියා එක්ක මේ ගමන ආරම්භ කරන්න මන් හරිම නොඉවසිල්ලෙන් ඉන්නේ. ඒ වගේම ඔයාලා හැමෝගෙම ආදරය සහ ආශීර්වාද වලට ස්තූතියි. ඉතින් මේ තමයි අපි තුන් දෙනා. ඔයාලගේ ආදරේ අපිට ගොඩක් වටිනවා කියලයි සාරංග දිසාසේකර හා හා පුරා කියලා උපදින්න ඉන්න පුංචි පැටියා ගැන ඒ විදිහට බොහොම සෙනෙහෙබරව සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ ආදරණීය කළා ශිල්පිනිය දිනක්ෂිගේ කුසේ ඉන්න පුංචි පැටියට අපි තෙරුවන් සරණ ප්‍රර්ථනා කරන ගමන් මේ ආදරණීය කැදැල්ලේ හැමෝටම දෙවි පිහිට ප්‍රර්ථනා කරමු.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20