September 20, 2024

Fly TV

Space of free media

අන්තර් ජාලයෙන් දැරිය විකිණීමේ සිද්ධියට සම්බන්ධ තවත් 300ක් ගැන විමර්ශන – ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති

 15,328 total views

ගල්කිස්ස ප‍්‍රදේශයේ 15 හැවිරිදි දැරියක ලිංගික කාර්යයන් සඳහා අන්තර් ජාලය ඔස්සේ මුදලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 300 දෙනකු පිළිබඳ පොලිසිය විමර්ශන සිදුකරන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ‘දිවයින’ට ඊයේ (4 දා) පැවැසීය.

මේ අතර මෙම වසරේ ගතවූ මාස හය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 4000ක් ලැබී ඇතැයිද පසුගිය වසරේදී (2020)  ළමා අපයෝජන පැමිණිලි 8165ක් ලැබුණු බවද හෙතෙම කීය.

එසේම මෙම වසරේ ඉකුත් මාස 6 තුළ 1929 ළමා උපකාරක දුරකථන සේවාව වෙත ඇමතුම් 48000ක් ලැබී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා