September 20, 2024

Fly TV

Space of free media

ඔබේ සිරුරේ ලුණු වැඩි වුණොත් මොකද වෙන්නේ

 11,190 total views

ලුණු කියන්නේ අපේ දෛනික ආහාරවේලට නැතුවම බැරි දෙයක්. සිරුරේ මස් මස්පිඬු වලට ශක්තිය ලබාගන්නත්, ස්නායු පද්ධතිය ආශ්‍රිත පණිවුඩ හුවමාරුව ක්‍රියාශීලිව සිදු කරන්නත් ලුණු උදව් වෙනවා. සමහරු ලුණු වැඩියෙන් කන්න කැමති වගේම තවත් සමහරු ඉන්නවා ලුණු අඩුවෙන් කන අය. අපේ සාමාන්‍යයෙන් අපි දවසකට ගත යුතු වන්නේ 5gකටත් වඩා අඩු ලුණු ප්‍රමාණයක්. හැබැයි සිරුරට ලුණු අඩු වුණොත් නම් මස්පිඬු පෙරැළීමේ අපහසුතාව පවා ඇති වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ සිරුරේ ලුණු ප්‍රමාණය වැඩි වුණොත් අඩු වෙනවට වඩා භයානක වෙන්න පුළුවන්.

මුත්‍රාවල වෙනස්කම්
සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු වැඩිපුර ආහාරයට ගැනීමෙන් වකුගඩු වලට බලපෑම් එල්ල කරනවා. ඒ, වකුගඩුවලට වැඩියෙන් වෙහෙස වී ලුණු සිරුරෙන් පිට කිරීමට උත්සහ දැරීම හේතුවෙන්. මෙහිදී මුත්‍රාවල වර්ණය ඉතා පැහැදිලි වීමත්, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීමත් සිදුවිය හැකියි. ඒ වගේම සිරුර විජලනයට පත් වන අතර එවැනි අවස්ථා වලදී මුත්‍රා තද කහ පැහැයක් ගැනීම සහ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීමත් සිදුවෙනවා.

අසාමාන්‍ය ඉදිමීම්
ඔයා උදේ නැගිටින විට දෑස්, දෙපා ආදිය අසාමාන්‍ය ලෙස ඉදිමිලා තිබෙනවා නම් බොහෝවිට එලෙස සිදුවෙන්නේ සිරැරේ ඇති ලුණු ප්‍රතිශතය ඉහළ යන විටයි.

ඇටකටුවල වේදනා
පමණට වඩා ඔයාගේ සිරුරේ ලුණු වැඩිවීමෙන් කැල්සියම් ප්‍රමාණය අඩු වෙනවා. නිදන්ගත කැල්සියම් ඌනතාවය, ඇටකටු දුර්වල වීම සහ දත්වල ගැටළු ඇති විය හැකි අතර ඔස්ටියෝපොරෝසිස් වර්ධනයටද හේතු වෙනවා.

කෙණ්ඩා පෙරළීම
ඔයාගේ සිරුර තුළ නිවැරදි සෝඩියම් – පොටෑසියම් ලවණ සමතුලිතතාවයක් පවත්වා ගැනීම ඔයාගේ නිරෝගී බවට වැදගත්. එමඟින්ය මාංශ පේශි හැකිලීමට හේතු වන අතර නිතරම ලුණු ආහාර ලබා ගැනීමෙන් මාංශ පේශි තුළ වේදනාව ඇති වීම, පෙරළීම සිදු වෙන්න පුළුවන්.

මතක ශක්තිය අඩුවීම
අධික ලෙඩ ලුණු පරිභෝජනයෙන් මොළයට රුධිරය සපයන ධමනිවලට හානි කරනවා. ඒ නිසා ඔයාගේ සිතීමේ හැකියාවට හා දිනපතා කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීමට අපහසු වෙනවා. ඊට අමතරව නිරන්තරව සිදුවන විජලනය දුර්වල මතකයට, විඩාපත් භාවයට සහ ඈලි මෑලි බවටත් අධික ලෙස ලුණු ආහාරයට ගැනීම හේතු වෙනවා.

දිගු කල් පවතින හිසරදය
අධික සෝඩියම් පරිභෝජනය රුධිරයේ ඝනත්වය වැඩි කරනවා. එමඟින් රුධිර නාල පළල වැඩි වී අධි රුධිර පීඩනය ඇති වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහටයි දිගු කල් පවතින දැඩි හිසරදයක් හට ගන්නේ.

දැඩි පිපාසය
ඔයාගේ සිරුරේ අඩංගු ලුණු ප්‍රමාණය වැඩි වූ විට සිරුරේ ඇති ජලය ප්‍රමාණය පහළ යනවා. ඒ නිසා අධික ලුණු ආහාරයට ගත් විට ජලය පානය කිරීමේ අවශ්‍යතාව ද වැඩි වෙනවා. ලුණු වැඩිපුර ආහාරයට ගෙන, ජලය පානය කිරීම අඩු කළොත් නම් අනෙක් ඉන්ද්‍රීයයන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා.

මේ දේවල් වලට අමතරව හදවත් රෝග, දියවැඩියාව, ආතරයිටිස්, හන්දිපත් රුදාව වගේම කොන්ද කැක්කුම වැනි රෝග ද ඇති වීමේ ප්‍රවණතාව වැඩියි. ඒ නිසා ලුණු ආහාරයට ගැනීම අඩු කරන්නෙත් නැතිව සීමාවකට ලබාගන්න වග බලාගන්න.