September 20, 2024

Fly TV

Space of free media

මානසික ආතතියෙන් මිදීමට මනෝවෛද්‍යවරුන් විසින් අනුගමනය කරන සරල විසඳුම් 08 ක්

 8,742 total views

මනෝ විද්‍යාඥයින් කියන්නේ අපට සන්සුන්ව හා මනස සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට හැකි වන පරිදි ගැටලු විසඳීමට, බිය දුරු කිරීමට සහ අපගේ හැඟීම් නිරාකරණය කිරීමට උපකාර කරන විශේෂඥයන් පිරිසක්. ඒ වුනාට මතක තබා ගන්න ඒ අයත් අපි වගේම සාමාන්‍ය මිනිසුන් කොට්ඨාසයක් තමයි. එයාලටත් අපිට වගේම කාර්‍ය බහුල වෙලා වැඩ කරන කොට මානසික ආතතීන් එනවා. අපි අද ඔයාලට අරගෙන එන්නේ වෘත්තීය මනෝවෛද්‍යවරුන් පවා තම මානසික ආතතීන් වලින් මිදීම සදහා අනුගමනය කරන සරල විසඳුම් 8ක් පිලිබඳවයි. 01. සිතට එන දේවල් කොළයක ලිවීම
සායනික මනෝවිද්‍යාඥයෙකු වන ජෝන් ඩෆි පවසන ආකාරයට මානසික ආතතියෙන් මිදීම සදහාොහු භාවිත කරන ක්‍රමය වන්නේ ඔහුගේ සිතට නැගෙන සියළුම දේ කොළයක ලිවීමයි. මෙහිදී සිතුවිලි, මිනිසුන් සමග ඇති සම්බන්ධතා හා යම් යම් තත්ව ආදී සියළුම දේ ලිවිය යුතුය. ඔහු පවසන ආකාරයට එසේ ලියා තැබීම මගින් අපට ඇති ප්‍රශ්න මනසට අමතක වී ගොස් මනස සැහැල්ලු වේ. එසේම මෙය සිදුකිරීමෙන් පසුව තමන්ට දේවල් දෙස වෙනත් දෘෂ්ඨි කෝණයකින් බැලීමට හැකියාවක් ලැබුණු බව ඔහු වැඩි දුරටත් පවසයි. 02. ගොඩාක් වෙලා අරගෙන ආහාර සදහා අමුද්‍රව්‍ය තේරීම
මනෝචිකිත්සකවරියක් වන ජෙෆ්‍රි සම්බර් ඇයට මානසික පීඩනයක් දැනෙන විට සිදු කරනු ලබන්නේ කලින් පිළියෙල නොකළ වර්ගයේ ආහාර වේලක් පිළියෙල කිරීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය වෙළඳපලට ගොස් ගොඩක් වේලා ගෙන තේරීමයි. ඉන් පසු ආහාර වේල ඉතා අලංකාර ලෙස සරසා ගෙන ගොඩ වේලාවක් ගෙන ආහාරයට ගැනීමයි. 03. ඔබේ මාංශ පේෂී තද කරන්න ඇමරිකානු මනෝචිකිත්සක කෙවින් චැප්මන් මානසික ආතතියෙන් මිදීම සදහා 1920 දී වර්ධනය කරන ලද මාංශ පේශි ලිහිල් කිරීමේ ක්‍රමය භාවිතා කරනවා. සිදු කරන ආකාරය : මේක ඉතාමත් සරලයි, ඕනෑම තද ආතතියකින් පසුව විශාල ඉහිල් වීමක් ඇති වෙනවා. ඔබේ මාංශපේෂී තද කරගෙන තත්පර 10ක් පමණ ඉන්න. ඉන් පසුව සෙමෙන් ඒවා ලිහිල් කරන්න. මේ ලිහිල් වීම වෙත අවධානය යොමු කරගෙන තත්පර 20ක් පමණ ඉන්න. මේ ආකාරයට වෙන වෙනම මාංශපේෂි 200ක් සඳහා ව්‍යායාම තිබේ. 04. නිවැරදි ප්‍රතිචාර දක්වන්න, නැති නම් ප්‍රතිචාර නොදක්වා ඉන්න මනෝවෛද්‍යවරියක් වන සුසාන් ක්‍රවුස් වයිට්බෝන් පවසන්නේ ඇය ආතතිය සමඟ සටන් කරන්නේ නැති බවයි. ඇය පවසන්නේ මානසික ආතතිය ඇති කරන සිදුවීමක් සිදු වූ විට එම සිදුවීම වෙනස් කිරීමේ හැකියාවක් අපට නොමැති නිසා ඒ පිළිබඳ අපගෙේආකල්පය වෙනස් කල යුතු බවයි. කිසියම් ආතතිය ඇති කරන සිදුවීමක් ඇති වූ විට එයට ධනාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීම තුලින් එහි ආතතිය අඩු කරගත හැකි බව ඇය පවසනවා. 05. සිතුවිලි දාමයන් නවත්වන්න මාටින් සෙලිග්මන් නම් මනෝ වෛද්‍යවරයා මනස සැහැල්ලු කර ගැනීමට ඉතා යෝග්‍ය ක්‍රමයක් යෝජනා කරයි. ඔබගේ මනසට වේදනාකාරි හෝ ආතති සහගත තත්වයක් ඇති වෙන සිතුවිල්ලක් අති වූ වහාම අත්පුඩියක් ගසා ‘නවත්වන්න, මම මේ ගැන පසුව හිතනවා’ කියා කියන්න. එහෙමත් නැතිනම්, ඔබේ අතේ එවැනි සිතුවිලි පස්සට දැමීමට හැකියාව ඇතැයි සිතාගෙන පටියක් ගැටගසා ගන්න. සිතුවිලි දාමය ඇති වෙන විටම පටියට තට්ටුවක් දමා එම සිතුවිල්ලෙන් මිදී ව්‍යායාමයක යෙදීම හෝ වෙනත් අමුතු වැඩකට මනස යොදවන්න. ‌ 06. දවසට පැයක් ඔබ කැමති ක්‍රියාකාරකමක නිරත වෙන්න මනෝ වෛද්‍ය එමී ප්‍රෙසොව්ස්කි යෝජනා කරනවා සෑම කෙනෙක්ම දවසට අවම වශයෙන් පැයක් තමා වඩාත් ප්‍රිය කරන දෙයක නිරත විය යුතුයි කියලා. ඔබ කැමති ව්‍යායාම කරන්නද, කෑම හදන්නද, චිත්‍ර අඳින්නද කියන එක අනුව ඔබට අවශ්‍ය දේ තෝරාගෙන, එහි පැයක් නිරත වෙන්න. ඒ වෙලාවට ඔබට තිබෙන අනෙකුත් ප්‍රශ්න අමතක කරන්න. ඍණාත්මක සිතුවිලි, ගැටලු, වගකීම් සහ පසුතැවීම් පිළිබඳ ඒ මොහොතේ අමතක කරන්න. 07. ස්නායු උත්තේජනය කරන්න ටොම් බර්න්හාඩ් ඔබව සන්සුන් කරගැනීමට තරමක් අසාමාන්‍ය නමුත් ඉතාමත් ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයක් යෝජනා කරන්නේ කායික විද්‍යාවට අනුවයි. ඔබට මානසික අතතියක් දැනෙන විට ඔබේ දබර ඇඟිල්ලෙන් දෙතොල් හොඳින් පිරිමදින්න. දෙතොල් වල පිහිටා ඇති පැරසිම්පැතෙටික් ස්නායු පද්ධතිය මේ හරහා උත්තේජනය වීම මගින් ඔබට පහසුවෙන් සන්සුන් වීමට හැකියාව ලැබේවි. 08. විවිධ සාම්ප්‍රදායික ක්‍රමවේද භාවිතා කරන්න මොනවද මේ සාම්ප්‍රදායික ක්‍රම? ඔබ නොසන්සුන් වෙලාවට කරන්න කියලා ඔබ දන්න දේවලුත් ඇති, ඒවා ඔබ කොහෙන් කොහොම ඉගෙන ගත්තාද කියලා ඔබට අමතකත් ඇති. සායනික මනෝවෛද්‍යවරියක වන ඩෙබෝරා සෙරනි කියන්නේ අපහසුවක් දැනෙන වෙලාවට ඔබ ඔබව සන්සුන් කරාවි කියලා හිතන ඕනම දෙයක් කරන්න කියලයි. සින්දුවක් අහන්න, නාන්න, චිත්‍රයක් පාට කරන්න හෝ ඕනෑම දෙයක්.