September 20, 2024

Fly TV

Space of free media

කොරෝනා මැඩළීමට හඳුන්වාදුන් ජපාන ඖෂධය මෙන්න

 339 total views

නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හටගන්නා නිව්මෝනියා තත්ත්වය මර්දනයට ජපන් වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති අවිගන් නැමති ඖෂධය සාර්ථක වී ඇතැයි වාර්තා වෙයි. 

ජපාන වෛද්‍ය පර්යේෂකයන් මෙම ඖෂධය  නිර්මාණය කර ඇත්තේ වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිවයි.

චීනයේත් ජපානයේත් ආසාදිතයින් ඉහළයද්දි චීන මෙන්ම ජපාන වෛද්‍යවරු මෙම ඖෂධය ආසාදිතයින්ට ලබා දී තිබුණි.

කොරෝනා රෝගියෙකු සුවපත් කිරිමට දින 11 ක් පමණ ගතවුවද මෙම ඖෂධය නිසා දින 4කදී කොරෝනා රෝගියෙකුගේ නිව්මෝනියා තත්ත්වය සුවවී ඇති බව ජපන් පුවත්සේවා වාර්තකරයි. 

මේ පුවත සැල වී දින තුනකට පසුව ඉන්දුනීසියාව සිය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම ඖෂධ රැසක් ආනයනය කරන බව එරට ජනාධිපතිවරයා ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මේ අතර මාරාන්තික තත්ත්වයේ පසුවන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සඳහා  ඉරානයට මෙම ඖෂධය නොමිලේ ලබාදෙන ලෙස ජපාන විදේශ කටයුතු පිළිබඳව අමාත්‍යවරයා උපදෙස්  දී තිබේ.