September 20, 2024

Fly TV

Space of free media

අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් මරුට

 229 total views

අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර තවත් රැඳවූවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසයි.

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් අද(21) සවස් කාලයේ ඇති වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, බන්ධනාගාරය තුළින් වෙඩි තැබීමක් සිදුව ඇති බවයි.

කොරෝනා රෝගියෙකු බවට සැකකෙරෙන රැඳවූවෙකු මීට දින කිහිපයකට පෙර මෙම බන්ධනාගාරයෙන් හඳුනාගැනුණු අතර ඔහුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.

එම සිද්ධියත් සමඟ බන්ධනාගාරයේ රැඳවූවන් අද නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.

බන්ධනාගාරය තුළ මේ වනවිට ගින්නක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනයට පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව කැඳවා තිබේ.

https://youtu.be/KNqG6M2tm70