September 22, 2024

Fly TV

Space of free media

ඇග කිලි පොලා යන ලෝකයේ ඇති භයානකම පාරවල් 14ක්

 597 total views

ඔබ කවදව හරි රෝලර් කෝස්ටර් එකක ගිහින් තියෙනවනම් දන්නවා ඇති ඒවාගේ තියෙන ලොකු පල්ලම් හා වංගු ගන්නකොට ඇඟ සීතල වෙලා යනහැටි. නමුත් ඒක අපි කරන්නේ විනෝදයක් ලබා ගැනීමටයි. හැබැයි අපි අද කතා කරන්න යන්නේ ඒ වගේ විනෝදජනක දෙයක් ගැන නෙමෙයි. ලෝකයේ බොහෝ රටවල් කිහිපයක පමණක් තිබෙන අති බිහිසුණු මාර්ග ගැන තමයි අපි අද ඔයාලට අරගෙන එන්නේ. මේවා බිහිසුණු කාන්තාර මැදින්, ගිරි ශිඛර මතින්, විශාල බෑවුම් වැනි මාර්ගයක් සකස් කිරීමට නුසුදුසු තැන් වලින් ගමන් කරනවා.

01. ගුඔලියෑං උමග (චීනය)

ගුඔලියෑං උමග දිගින් කිලෝමීටර් 1.2ක් වනවා. මෙය ගුඔලියෑං ගම දක්වා කඳුවැටියක් හරහා වැටී තිබෙනවා. මෙය 1970 වසරේදී මෙය ගම්වාසීන් විසින් ඉදිකරලා තිබෙනවා. මෙහි ඇති ජනෙල් කවුළු කපා ඇත්තේ කුඩා උපකරණ උපයෝගයෙන් දෑතෙනි. මෙහි පළල අඩි 13ක් නැත්නම් මීටර් 4ක් පමණ වන නිසා මෙ උමග තුලින් යනකොට රියැදුරන් වඩාත් සැලකිළිමත් විය යුතුයි.

02. මේක්ලෝන්ග් වෙළඳපොල හරහා වැටී ඇති දුම්රිය මාරගය (තායිලන්තය)

මේක්ලෝන්ග් වෙළඳපොලත් තායිලන්තයේ ඇති අනෙකුත් වෙළඳපොලවල් වගේමයි. නමුත් ඔබව පුදුමයට පත්වන්නේ වෙළඳපොල මැදින් ඇදී එන දුම්රියේ නලා හඬ සමගයි. දුම්රිය ගමන් කරන වෙලාවට වෙළඳුන් තමන්ගේ බඩු හා කූඩාරම් දුම්රිය මාරගයෙන් ඉවතට ගන්නවා. දුම්රිය එම ස්ථානය පසු කරාට පස්සේ නැවතත් ඔවුන් පුරුදු පරිදි වෙළඳාමේ නිරත වෙනවා. දුම්රිය මෙම ස්ථානයෙන් පැයට කිලෝමීටර 15ක් පමණ වේගයකින් ගමන් කරනවා.

03. යුන්ගාස් පාර (බොලීවියාව)

යුන්ගාස් පාර බොලියාවේ ප්‍රධාන නගර දෙකක් වන ලා පාස් හා කොරොයිකෝ යා කරමින් වැටී තිබෙනවා. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 360 සිට 3300 දක්වා වෙනස් වනවා. ඒ වගේම මෙහි ඉතා දරුණු වංගු ද බෙහෙවින් තිබෙනවා. මෙය කෙතරම් පටු පාරක් වුනත් ට්‍රක් රථ දෙකකට අසීරුවෙන් මාරුවිය හැකියි. කෙසේ වෙතත් මෙසේ මාරුවීමට එක් රථයකට සෑහෙන්න දුරට පසු පසට ගමන් කිරීමට සිදුවෙනවා.

04. එයර් අධිවේගී මාර්ගය (ඕස්ට්‍රේලියාව)

මේ අධිවේගී මාර්ගය බැලූ බැල්මට කිසිවෙකුට අනතුරුදායක ලෙස පෙනෙන්නේ නැහැ. නමුත් මෙම කිලෝමීටර් 1600ක් දිග ඕස්ට්‍රේලියානු අධිවේගී මාර්ගයේ සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඉතා අධිකයි. මේ සදහා හේතුවන්නේ මෙහි ඇති ඒකාකාරී භූ දර්ශනයි සැතපුම් ගණන් එකම භූ දර්ශනයෙන් යුත් මෙම මාරගය හරහා යන රියැදුරන් ඉක්මනින් නින්දට වැටෙනවා.

05. “යක්ෂයාගේ නාසය” දුම්රිය මාරගය (ඉක්වදෝරය)

“යක්ෂයාගේ නාසය” යනුවෙන් හඳුන්වන ගලක් මතින් මෙම දුම්රිය මාර්ගය වැටී තිබෙනවා. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 800ක් ඉහළින් තමයි පිහිටා තියෙන්නේ. මේ මෑතක් වෙන තුරුම සංචාරකයන්ට දුම්රියේ වහළය මත නැග අවට නරඹමින් ගමන් කිරීමට අවසර ලබා දී තිබුනත්, වර්තමානයේ දී එසේ ගමන් කිරීම තහනම් කොට තිබෙනවා.

06. පම්බාන් දුම්රිය පාලම (ඉන්දියාව)

මෙම පාලම පම්බාන් දූපත දක්වා වැටී ඇත. 1964 දී මෙම පාලම සමුද්‍ර සන්ධියේ ඇති වී දැඩි සුළඟක් නිසා විනාශ් වී ගොස් තියෙනවා. එමනිසා පැයට කිලෝමීටර 55 වේගය ඉක්මවන සුළඟක් ඇතිවෙන විට දුම්රියට විශේෂ අනතුරු ඇඟවීමේ සංඥාවක් ලැබෙනවා.

07. කරාකොරම් අධිවේගී මාර්ගය ( චීනය – පකිස්ථානය)

කිලෝමීටර් 1300ක් දිගැති කරාකොරම් අධිවේගී මාරගය ලෝකයේ ඇති උසින්ම පිහිටි ජාත්‍යන්තර අධිවේගී මාරගය යි. මෙහි සමහර ස්ථාන මුහුදු මට්ටමේ සිට මීටර් 4,600 ද ඉක්මවනවා. මෝසම් වැසි මගින් මෙම මාර්ගය සෝදා යෑමට හා නාය යෑමට ලක් වෙනවා. එසේම ශීත ඍතුවේදී හිම පතනයන් හා අයහපත් කාලගුණික තත්වයන් මෙම මාර්ගය වසාතබනවා.

08. ඩු ගොයිස් පැසේජය (ප්‍රංශය)

මෙම පැසේජය නොයර්මූටියර් දූපත හා ප්‍රංශය යා කරමින් ඉදිකොට ඇත. වඩදිය කාලයට මෙම මාර්ගය මීටර් 4ක් පමණ උසක් දක්වා වතුරෙන් යටවෙනවා වගේම දවසට දෙපාරක් විතරයි මේ හරහ ගම්න් කරන්න පුලුවන් වෙන්නේ.

09. ලේහ් – මනාලි අධිවේගී මාර්ගය (ඉන්දියාව)

මෙම අධිවේගී මාර්ගය උස් කඳු වැටි කිහිපයක් මතින් වැටී තිබෙනවා. මෙය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 4ක් හෝ 5ක් තරම් උසකින් පිහිටා තිබෙනවා. මේ මාර්ගය ඉතා පටු වූවද, එහි ගමන් කරන රියැදුරන් නම් හෙමින් ගමන් කරන්නේ නැහැ.

10. ටියාන්මෙන් කඳුකර මාර්ගය (චීනය)

සුප්‍රසිද්ධ බෞද්ධ පන්සලක් පිහිටා ඇති ටියාන්මෙන් කඳුකරය මුඳුනෙන් වැටී ඇති කිලෝමීටර් 11ක් දිගැති මෙම මාර්ගය වංගු 99කින් සමන්විතයි. මෙහි සමහර වංගු දෙකක් අතර දුර මීටර් 200ත් වඩා අඩු නිසා රියැදුරන් ඉතා කල්පනාකාරී විය යුතුයි.

11. සලාර් ඩී උයුනි හරහා වැටී ඇති මාර්ගය (බොලිවියාව)

අධික ලෙස වියළි සාලාර් ද උයුනි හරහා දිවෙන අධිවේගී මාර්ගය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 3,650 (අඩි 11,811) ක උන්නතාංශයක ය. මෙහි ඇති දේශීය භූ දර්ශන කොතරම් අසාමාන්‍යද යත් එහිදී කෙනෙක් අතරමං වීම ඉතා පහසුය. මෙහි ජංගම දුරකථන භාවිතයත් බොහෝ දුරට නිෂ්ඵලය. සංචාර කණ්ඩායමක් සමඟ මෙහි යෑම ආරක්ෂිත වුවද, තනිවම යාමෙන් වැළකී සිටීම හොඳය, විශේෂයෙන් රාත්‍රියේ උෂ්ණත්වය -30 (C (-22 ° F) දක්වා පහත වැටේ.

12. ස්කිපර්ස් අගාධය හරහා වැටී ඇති මාර්ගය (නවසීලන්තය)

බොහෝ සිදුරු සහ කඳු, බෑවුම්, හදිසි වංගු, අත්හිටුවන පාලම් සහ පාරේ පටු වීම්, වැනි සියළුම ආකාරයේ විශ්මයන් ස්කිපර්ස් කැනියොන් හරහා දිවෙන මාර්ගයේ දකින්න පුලුවන්. වාහන කුළියට දෙන අය පවා මෙහි යන අයට කිසිදු රක්ෂණයක් ලබා දෙන්නේ ද නැත.

13. ජේම්ස් ඩබ්. ඩෝල්ටන් අධිවේගී මාර්ගය ( ඇලස්කාව, ඇමරිකාව)

කිලෝමීටර් 666ක් දිගින් යුත් මේ මාර්ගයේ තාර දමා ඇත්තේ කිලෝමීටර් 175ක් දුරට පමණයි. ඉතිරි සියළු දුරම බොරළු මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට රියැදුරන්ට සිදුවෙනවා. මෙම අධිවේගී මාර්ගය පුරාවටම ඇත්තේ නැවතුම් ස්ථාන 3ක් හා ඉන්ධන පිරවුම් හල් 3ක් හා එක් වෛද්‍ය මධ්‍යස්ථානයක් පමණයි. මෙහි ගමන් කරන අය පිලිබදව ඇලස්කා දේශීය පොලිසිය ඉතා දැඩි අවධානයකින් පසුවෙනවා.

14. “වළකුලු වලට දිවෙන දුම්රිය” (ආර්ජන්ටිනාව)

කිලෝමීටර් 217ක් දුරට යන මෙම දුම්රිය මාර්ගයේ උමං 21ක්, පාලම් හා ආරුක්කු 42ක්, සර්පිල 2ක්, හා සිග්සැග් දෙකක් හමුවනවා. මෙයට මේ නම යෙදී ඇත්තේ එහි උස නිසාය. මේ මාර්ගයේ සමහර තැන් ඇත්ත වශයෙන්ම වළාකුලු මැදින් ගමන් කරයි.

RELATED POSTS