September 20, 2024

Fly TV

Space of free media

දිනපතා ඇවිදීමෙන් ඔබේ ශරීරයට සිදුවන දේවල් 10 ක්.

 916 total views

“ඇවිදීම මිනිසෙකුගේ හොඳම ඖෂධය”  යන හිපොක්‍රටීස්ගේ කියමන ඔයා කවදා හරි අහලා තියෙනවද? ඇවිදීම, හොඳ නින්දක් හා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියන දේවල් තුනම ජීවිතයට එකතු කර ගත්තොත් බොහොමයක් රෝග වලට ඔයාට වෛද්‍යවරයෙකු හමු වෙලා බෙහෙත් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සෑම දිනකම මිනිත්තු 15-30 අතර කාලයක් ඇවිදීම මගින් පුද්ගලයෙකුගේ සමස්ත පෙනුම පමණක් නෙවෙයි සෞඛ්‍යයද බෙහෙවින් වැඩි දියුණු කරන්න හැකියාව තියෙනවා.

හොඳ ඇවිදීමක් කියන්නේ මුළු ශරීරයටම සහ මනසට සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දෙන තනි පුහුණුවක්.මේ සියල්ලම නොමිලේ, ඉතා පහසුවෙන් සහ සුළු උත්සාහයකින් ලබා ගන්න පුළුවන්. දිනපතා ඇවිදීමෙන් ඔයාට ලබා ගත හැකි ප්‍රතිලාභ ලැයිස්තුවක් පහත දැක්වෙනවා.

01. මොළයේ සිදු වන ධනාත්මක වෙනස්කම්

අධ්‍යයනයකින් හෙළි වන අන්දමට, ඇවිදීම කියන්නේ ස්වසන හා රුධිර සංසරණය වැඩි දියුණු කරන මාංශ පේශීවල පටක සහ සන්ධි වලට වැඩි පීඩනයක් ලබා නොදෙන කායික යෝග්‍යතාවය වැඩි කරන ව්‍යායාමයක්. මුල් ඩිමෙන්ශියාව වැළැක්වීම, Alzheimer’s රෝගයේ අවදානම අඩු කිරීම, සමස්ත මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම, මානසික ආතතිය අඩු කිරීම සහ එන්ඩොර්ෆින් ඉහළ මට්ටමක පවත්වා ගැනීම කියන ප්‍රතිලාභ මෙමෙගින් ලබා ගන්න පුළුවන්.

02. ඇස් පෙනීම වැඩි දියුණු කිරීම

ඇස් සහ කකුල් අතර සම්බන්ධක් නැති බව පෙනුනත්, ඇවිදීම ඇස්වල සෞඛ්‍යයටද ප්‍රයෝජනවත් වෙනවා. අක්ෂි පීඩනය සමනය කිරීමෙන් ග්ලුකෝමා සමඟ සටන් කිරීමට පවා එය උපකාරී වෙනවා.

03. හෘද රෝග වැළැක්වීම

ඇමරිකානු හෘද සංගමයට අනුව, ඵලදායී ලෙස හදවත ආශ්‍රිත රෝග සහ හදිසි හෘදයාබාධ වළක්වන්න තියෙන හැකියාව දිවීමෙන් වගේම ඇවිදීමෙනුත් ලබා ගන්න පුළුවන්. ඇවිදීම මගින් අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමෙන් සහ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමෙන් හෘදයාබාධ වළක්වා ගැනීමට උපකාරී වෙනවා.

04. පෙනහළු පරිමාව වැඩි කිරීම

ඇවිදීම කියන්නේ රුධිර ප්‍රවාහයේ ඔක්සිජන් ප්‍රවාහය වැඩි කර පෙනහළු ඒ සඳහා පුහුණු කිරීමට මෙන්ම විෂ හා අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වන ස්වායු ව්‍යායාමයකි. වඩා හොඳ හා ගැඹුරු හුස්ම ගැනීම නිසා පෙනහළු රෝගයට සම්බන්ධ සමහර රෝග ලක්ෂණ ද සමනය වෙනවා.

05. අග්න්‍යාශයට වාසිදායක බලපෑම්

ඔයා විශ්වාස කරන එකක් නැහැ ව්‍යායාම සඳහා දිවීම සහ ඇවිදීම අතරින් දියවැඩියාව වැළැක්වීමට වඩා ඵලදායී ක්‍රමය වෙන්නේ අවිදීමයි. මාස 6 ක කාලයක් සිදු කල අත්හදා බැලීම් වලට අනුව “ධාවකයන්” කණ්ඩායමට වඩා “ඇවිදින්නන්” කණ්ඩායමේ  ග්ලූකෝස් ඉවසීම 6 ගුණයකින් වැඩි බව (ඒ කියන්නේ කොතරම් හොඳට සෛල මගින් රුධිරයේ සීනි අවශෝෂණය කරනවාද යන්න ) පෙන්නුම් කරලා තියෙනවා.

06. ජීර්ණය වැඩි දියුණු කිරීම

සෑම දිනකම මිනිත්තු 30 ක් ඇවිදීම මගින් අනාගතයේදී මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා පමණක් නෙවෙයි, අපගේ බඩවැල් චලනයන් යථා තත්වයට පත් කිරීමට උපකාරී වීමෙන් ආහාර ජීර්ණය වැඩි දියුණු කර මල බද්ධය නැති කරයි.

07. මේද මට්ටම අඩු මාංශ පේශි

මාංශ පේශිවල ඇති මේදය සහ බර අඩු කර ගැනීමද (ස්ථූලතාවය සහිත අවස්ථාවන්හිදී) ඇවිදීම මගින් ලබා ගත හැකියි. දිනකට පියවර 10,000 ක් ඇවිදීම, විශේෂයෙන් යම් විවේක කාලයක් එකතු කළොත් gym එකක කරන ව්‍යයමවලට සමාන වෙනවා. මීට අමතරව, එහිදී අඩු බලපෑමක් තියෙනවා වගේම ප්‍රකෘතිමත් වීමට කාලයක් නැහැ, ඒ කියන්නේ මාංශ පේශි වේදනාවක් ඇති වෙන්නේ නැති නිසා ඊළඟ දවසේ කරන ව්‍යායාම මඟ හැරෙන්නේ නැහැ.

08. ශක්තිමත් අස්ථි සහ සන්ධි

ඇවිදීම මගින් වැඩි සන්ධි සංචලනයක් ලබා දීම, අස්ථි ස්කන්ධය අඩු වීම වැලැක්වීම වගේම අස්ථි බිඳීමේ අවදානම පවා අඩු කරනවා. ආතරයිටිස් රෝගය පිලිබඳ පදනම නිර්දේශ කරන්නේ සන්ධිවල ඇති වන වේදනාව, තද ගතිය සහ දැවිල්ල අඩු කර ගන්න  දවසකට අඩුම තරමින් විනාඩි 30 ක්වත් මධ්‍යස්ථව ඇවිදින්න කියලා.

09. කොන්දේ වේදනාවට සහනයක් ලබා දීම 

ඇවිදීම, වඩා අභියෝගාත්මක අධි බලපෑම් සහිත ව්‍යායාම කරන විට කොන්දේ වේදනාව අත්විඳින අයට ඇවිදීම සැබෑ ජීවිතාරක්ෂකයෙකු බවට පත්විය හැකියි. එය අඩු බලපෑමක් ඇති ක්‍රියාකාරකමක් නිසා එය දිවීම හෝ HIT වගේ වැඩි වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති කරන්නේ නැහැ. ඇවිදීම කොඳු ඇට පෙළේ ව්‍යුහයන් තුළ වඩා හොඳ රුධිර සංසරණයකට දායක වන අතර නිරෝගී කොඳු ඇට පෙළක් සඳහා අත්‍යවශ්‍ය ඉරියව් සහ නම්‍යශීලී බව වැඩි දියුණු කරයි.

10. සන්සුන් මනසක් (එය ඉන්ද්‍රියයක් නම්, අනිවාර්යයෙන්ම)

ප්‍රධාන මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගීන්ගේ විශාද රෝගීන්ට ඇවිදීමෙන් විශාල සහනයක් ලැබෙනවා නම්, ටිකක් සිතා බලන්න. මොකක්හරි දෙයකින් අපේ මනස අවුල් වෙලා හෝ වෙහෙසට පත් වෙලා තියෙනවානම් ඒ සමඟ සාර්ථකව කටයුතු කරන්න ඇවිදීම කොතරම් උපකාරයක් වේවිද? යහළුවෙක් නැත්නම් ආදරණීයයෙක් සමඟ විනෝදයෙන් ඇවිදීම මගින් ඔයාගේ මනෝභාවය වැඩි දියුණු කරනවා.