September 20, 2024

Fly TV

Space of free media

නිරෝධායන නීති උල්ලංඝනය කළ 20 දෙනෙකු අත්අඩංගුවට

 271 total views

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පසුගිය ඔක්තෝබර් මස 30වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 221 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මතුගම ප්‍රදේශයේ ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් සිය භාරයටගත් බවද පොලීසිය සඳහන් කරයි.

එහි ගමන් කළ මගීන්ගෙන් ලද තොරතුරු මත එම බස්රථය පොලිස් භාරයට ගෙන තිබේ.

එහිදී එම බස්රථයේ රියදුරු සහ රිය සහයක ද පොලිස් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවටගත් එම රියදුරුට සහ රිය සහයකට එරෙහිව නිරෝධයන නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.