September 20, 2024

Fly TV

Space of free media

බැසිල්ට රාජපක්ෂ පාර්ලිමේන්තුවට

 277 total views

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

වසර 04ක් වැනි කෙටිකාලයක් තුළ පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තුව මැතිවරණය යන මැතිවරණ 03ම ජයගත හැකි වන පරිදි දැවැන්ත දේශපාලන පක්ෂයේ නිර්මාතෘවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ඊට සහය දෙන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

එම ලිපියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරාල, ප්‍රදීප් උඳුගොඩ, කාදර් මස්තාන්, උපුල් ගලප්පත්ති, අශෝක ප්‍රියන්ත, සංජීව එදිරිමාන්න, සහන් ප්‍රදීප්, අකිල එල්ලාවල, නාලක කෝට්ටෙගොඩ, අමරකීර්ති අතුකෝරාල, වසන්ත යාපා බණ්ඩාර, ඩබ්.ඩී. වීරසිංහ, එච්. නන්දසේන, කුමාරසිරි රත්නායක, සුදර්ශන දෙනිපිටිය, රාජිකා වික්‍රමසිංහ, නිපුණ රණවක, කපිල අතුකෝරල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් ද අත්සන්කොට තිබේ.