September 21, 2024

Fly TV

Space of free media

නාමල් පොහොට්ටුවේ වේදිකාවෙන් බැස යයි ?

 17,683 total views

පසුගිය මැයි දිනයේදී පොහොට්ටුවේ ප්‍රබලයකු වන නාමල් රාජපක්ෂ පොහොට්ටු වේදිකාවේ සිටියේවත් ජන රැලිය ඇමැතුවේවත් නැත. නාමල් පොහොට්ටුවේ තරුණ කණ්ඩයමත් සමග කැම්බල් පිටියේ මැයි රැලියට සහභාගී වීමට පැමිණ සිට ජනතාව අතර සිටිනු දැක ගැනීමට හැකි විය. මේ පිළිබඳ ටික් ටොක් වීඩියෝවක්ද පෙරේදා වෙනවිට නිකුත් වී තිබුණි. නාමල් රාජපක්ෂට ඉහළ ජනප්‍රසාදයක් ඇති බවට හැඟවෙන පරිදි එම වීඩියෝව නිර්මාණය කර තිබුණු අතර ඊට අනුව ජනතාව නාමල් අසලට පිවිස ඔහු අත ගෑමට පොර කන ආකාරයක් නිරූපණය වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ පොහොට්ටුවේ මැයි දින රැලියේදී නාමල් තනි දේශපාලන ගේමක් ගසා ඇති බවයි.

පසුගිය කාලයේදී ජනාධිපතිවරයා අවස්ථා තුනකදී නාමල්ට තමා මුණ ගැසීමට එන්නැයි පවසා ඇතත් ඒ අවස්ථා තුනම නාමල් මග හැර ඇති බවද වාර්තා වේ. ‘‘මම මේ දවස්වල අපේ මැයි රැලිය සාර්ථක කරගන්න රට වටේ දුවන ගමන්. ඒවා දමලා ගහලා ආවා කියලා වැඩක් නෑනේ. නිකං කාලේ කනවා විතරයි නේ. ඔන්න ඔහේ ලොක්කා රට ගිහින් ආවම හම්බවුනාම මැදැයි.’’ යනුවෙන් නාමල් ජනපතිගේ පණිවුඩකාරයන්ට පවසා ඇතැයිද කියවේ.