September 20, 2024

Fly TV

Space of free media

පුතයි මස්සිනයි එකතුවෙලා තාත්තාට කරපු හදියක්

 8,020 total views

තම දෙමස්සිනෝ සමග එක්ව පොල්ලකින් පහරදී තම පියාගේ අත කඩා දැමූ බව කියන පුතෙකු හා මස්සිනාලා දෙදෙනා දොඩන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියෙන් තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත්තේ දොඩන්ගොඩ හල්කඳවිල මොනාකෝගම පදිංචි සමරවීර මුදලිගේ දොන් සුරංග ඉරේෂ් කුමාර විජේරත්න නම් වූ 40 හැවිරිදි අයෙකි.

තම පුතාට මුණුබුරා හා ඔහුගේ දෙමස්සිනාලා පහර දුන් බව කියමන් ගල්ලස්සගේ පද්මිනී (අවු .62) යන අය විසින් කරන ලද පැමිණිල්ලට අනුව පරීක්ෂණ පවත්වා මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කළුතර විශේෂ එස්. ආරච්චිගේ
copy divayina