September 21, 2024

Fly TV

Space of free media

වට්ස්ඇප් කළොත් බෙහෙත් ටික ගෙදරටම

 154 total views

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේදී අපහසුතාවකින් තොරව අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අත්‍යවශ්‍ය මහජන සේවා අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම් සම්බන්ධීකරණය හා පසු විපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධන බළකාය අවධානය යොමුකර ඇත.

ඒ අනුව සෑම නගරයකම ෆාමසියක් විවෘත කර එහි පොදු දුරකථන අංකයන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එම දුරකථන අංකයට වෛද්‍ය නිර්දේශ ඇතුළත් ඖෂධ වට්ටෝරුව ‘වට්ස් ඇප්’ මාර්ගයෙන් යොමු කළ පසු අදාල ෆාමසියෙන් එම ඖෂද නිවසටම ගෙනවිත් භාර දීමට මේ අනුව සැලසුම් කර ඇත.

මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර වාර්තාවක් ලබා දෙන ලෙස කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයට උපදෙස් ලබා දී ඇති අතර එම වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා සංගමයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අතර සාකච්ඡාවක්ද ඊයේ (26 ) පෙරවරුවේ පැවැත් විණි.