September 20, 2024

Fly TV

Space of free media

නිරුවත් ඡායාරූප ප‍්‍රසිද්ධ ස්ථානවල අලවනවා කියා පුංචි දැරියක බයකරලා – වසර තුනක් තිස්සේ දැරියට අතවර කළ සැකකරු මෙන්න

 60,895 total views

දිවුලපිටිය, පිටිපනවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජේ. පී. නිලංග සඳරුවන් නමැති 31 හැවිරිදි සැකකරු මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරුණි. මිනුවන්ගොඩ පොලිස් වසමේ පදිංචි එවකට අවුරුදු 15 යි මාස 01ක් වයසැති බාලවයස්කාර දැරිය සම`ග 2019 වර්ෂයේදී පේ‍්‍රම සම්බන්ධතාවක් ආරම්භ කර ඇති සැකකරු 2019 වර්ෂයේදීම දැරිය උත්තාරුව ප‍්‍රදේශයේ හෝටල් කාමරයක් වෙත රැගෙන ගොස් ලිංගික අතවර කර ඇති බව අධිකරණයේදී සඳහන් විය. එහිදී සැකකරු දැරියගේ නිරුවත් ඡුායාරූප ගෙන ඇයව සහ ඇයගේ දෙමාපියන්ව බියවද්දා වසර 03කට ආසන්න කාලයක් දැරියට ලිංගික අතවර කර ඇති බවත් කොළඹ ළමා සහ කාන්තා නිවාරණ කොට්ඨාසයෙන් කළ දැනුම්දීමක් මත සැකකරු ජංගම දුරකථන 02ක් සමග අත්අඩංගුවට ගත් බව පැමිණිල්ල මෙහෙයවමින් මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් නන්දසිරි මහතා අධිකරණය හමුවේ පැවසීය.
මිනුවන්ගොඩ ටෝනි කරුණානායක