September 20, 2024

Fly TV

Space of free media

ජාතිය ඇමතූ විනාඩි 69ය පුස්සක් – ඒ වෙලාව පාසැල් දරුවන් වෙනුවෙන් යොදවන්න තිබුනා-පාඨලී චම්පික

 14,755 total views

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ජාතිය අමතා කල කතාවෙන් පසු අදහස් දක්වමින් පාඨලී චම්පික සඳහන් කර සිටියේ මගේ එක් දරුවෙක් විශ්වවිද්‍යාලයේ සිටින බවත් අනෙක් දරුවා උසස් පෙළ ලිය විශ්වවිද්‍යාල වරම් අහිමිව සිටින බවත්ය.

මේ රටේ මේ වගෙ දරුවන් දහස් ගනනක් සිටින අම්මල තාත්තලා මොකද්ද වෙමින් යන්නෙ කියල, ජාතිය ඇමතීමේ කතාව විනාඩි 69ක් හැම නාලිකාවකම ප්‍රචාරය කල බවත් ඇයි එතුමාට බැරි මේ පාසැල් දරුවන් වෙනුවෙන් මේ රූපවාහිනී නාලිකා වල උදේ 5හේ ඉදලා 10 වෙනකම් අධ්‍යාපනය වෙනුවෙන් කැප කරන්න?
එහෙම කලා නම් සිග්නල් අල්ලන්න ගස් ගල් උඩ ඉන්න දරුවෝ දුක් විදින එක නවත්වන්න තිබුනා. මේ දින වල ඩේටා නැති නිසා ළමයින්ට අධ්‍යාපනය අහිමිව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මේ සෙල්ලම දැන් අවුරුදු එකහමරකට වැඩි බවත් මම ගමෙන් ආපු මිනිහෙක් මගේ සීයා ගොවියෙක්. තාත්තා ලිපිකරුවෙක්, එ කාලේ මේ ප්‍රතිපත්ති තිබුනා නම් මට ඉංජිනේරුවෙක් වෙන්න බැරි බවත් ඔහු වැඩි දුරටත් පවසනවා.